බර එසවීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

179

ශ්‍රී ලංකා බර ඉසිලීම් ක්‍රීඩක චතුරංග ලක්මාල් උස්බෙකිස්තානයේදි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදි ස්නැච් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 113ක බරක් ඔසවමින් තමන් සතුව තිබුවු වාර්තාවක් අලුත් කිරීමට සමත්විය.

කිලෝග්‍රෑම් 56 බර පංතියෙන් තරග වදින ඔහු විසින් මීට ප්‍ර‍ථම ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍ර‍මයට කිලෝග්‍රෑම් 127 ක බරක් ඔසවා තිබුනු අතර ඒ සමග ඔහු එසවු මුළු බර ප්‍ර‍මාණය කිලෝග්‍රෑම් 240කි.

නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවුවත් ඔහු ආසියානු ක්‍රීඩකයන් අතර පසුවන්නේ 12 වැනි ස්ථානයේ වන අතර මෙම බර පංතියෙන්ම තරග වදින කමල් එගොඩවත්තට හිමිවුයේ 15 වැනි ස්ථානයයි.

චීනය මෙම ඉසව්වේ ප්‍ර‍ථම සහ දෙවන ස්ථාන හිමිකරගත් ගත්තේය.

ඔලිම්පික් යන්න හදන ක්‍රීඩකයෝ අටක්

තොරතුරු මුලාශ්‍ර‍ය – ලංකාදීප