ආසියානු ශූරතාවේ තුන්වන අදියරට සංචිතය නිකුත් වේ

304

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එළඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරට නවම මුහුණුවරකින් පිවිසීමට සූදානම්ව සිටියි. සුපුරුදු ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟින් මෙවර තරගාවලියේ නායකත්වය නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පසුපෙළ ක්‍රීඩකයෙකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර වෙත පැවරී ඇත.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ දී පිලිපීනය හා දකුණු කොරියාව හමුවේ ලද පරාජයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි ස්ථානය දක්වා ස්ථානයක් පසු බසින්නට සිදු විය.

කොළඹ අදියරේ ශූරතාවය ශ්‍රී ලංකාවට ද?

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර එළඹෙන

දෙවන අදියරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වගකීම් සුදර්ශන මුතුතන්ත්‍රි වෙත පැවරී තිබුණු අතර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඔහු මුහුණ පෑ මැණික්කටුව ආශ්‍රිත ආබාධය තවමත් සුව වී නොමැත.

ඒ නිසාවෙන් ඔක්තෝබර් 13 වැනිදා සහ 14 වැනිදා තම මව්බිමේ ප්‍රේක්ෂකයින් හමුවේ ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම ශ්‍රීනාත් සූරියබණ්ඩාර වෙත පැවරී ඇත.

මෙම වසර පුරාම ඉතා හොඳින් දක්ෂතා අතරට පැමිණි දනුෂ් දයාන් වෙත කණ්ඩායමේ උපනායකත්වය පැවරී තිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රබලක් තුරුම්පුව වන ධනුෂ්ක රන්ජන් දෙමසක විවේකයකින් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි තිබීම ද ශ්‍රී ලංකාවට විශාල වාසියකි.

CR & FC කණ්ඩායමේ ප්‍රබල අංක 8 ක්‍රීඩක ඔමල්ක ගුණරත්න මෙවර තරගාවලියේ දී මුතුතන්ත්‍රිගේ ස්ථානයේ රාජකාරියේ නිරතවන්නට නියමිත අතර කවිඳු පෙරේරා හා ගයාන් වීරරත්න ද සුළු සුවය ලැබීමකින් පසු කණ්ඩායමට අවතීර්ණව ඇත.

12 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙසේයි.

  • ශ්‍රීනාත් සූරියබණ්ඩාර – මහනුවර ක්‍රී.ස.
  • ධනුෂ්ක රන්ජන් – මහනුවර ක්‍රී.ස.
  • ධනුෂ් දයාන් – මහනුවර ක්‍රී.ස.
  • සුදම් සූරියාරච්චි – CH & FC
  • කෙවින් ඩික්සන් – CR & FC
  • රිසා රෆයිඩීන් – CR & FC
  • ගයාන් වීරරත්න – මහනුවර ක්‍රී.ස.
  • කවිඳු පෙරේරා – CR & FC
  • අදිශ වීරතුංග- නාවික හමුදා  
  • නවීන් හේනකන්කනම්ගේ – CH & FC
  • දිනුක් අමරසිංහ- හැව්ලොක් ක්‍රී.ස.
  • ඔමල්ක ගුණරත්න

අතිරේක ක්‍රීඩකයින් –

  • රෙහාන් සිල්වා
  • බුද්ධිම පියරතන
  • කවිඳු ද කොස්තා

තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<