නව තරගාවලියට සුපිරි සංචිතයක්; නායකයා චන්දිමාල්

4559

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යේ දී පැවැත්වීමට නියමිත T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට නම් කර ඇත. මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ දිනේෂ් චන්දිමාල් හට හිමි වී ඇත.

සංගා වෙනස් විදිහේ ක්‍රිකට් තරගයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ශාහීඩ් අෆ්රිඩි, එංගලන්ත..

එක පිලකට පන්දුවාර 10ක් ලැබෙන මෙම නව තරගාවලියට ටීම් ශ්‍රී ලංකා, බෙංගාල් ටයිගර්ස්, කේරළ කිංග්ස්, පන්ජාබි ලෙජන්ඩ්ස්, මරත ඇරබියන්ස් හා පක්ටූන්ස්  යන කණ්ඩායම් 6 සහභාගී වන අතර එම කණ්ඩායම්වලට රංගන හේරත්, කුමාර් සංගක්කාර, විරේන්ද්‍ර ෂෙවාග්, ෂොයිබ් මලික්, ඉයන් මෝර්ගන්, ශාහීඩ් අෆ්රිඩි වැනි ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම අන්තර්ගතව සිටියි.

තවද මෙහි එක් තරගයක් විනාඩි 90කට සීමා වෙන අතර මෙහි ශ්‍රී ලංකා කණ්ඩායමට චන්දිමාල්ට අමතරව ඩිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, තික්ශිල ද සිල්වා, සචිත්‍ර සේනානායක, ෂෙහාන් ජයසූරිය වැනි අත්දැකීම් බහුල හා ප්‍රහාරාත්මක ක්‍රීඩකයින් රැසක් අන්තර්ගත කර ඇත.

මෙවැනි අකාරයකට පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි තුළින් ක්‍රීඩකයින්ගේ තියුණු ප්‍රහාරයන්ගේ අසිරිය දැක ගන්නට ක්‍රීඩාලෝලීන්ට හැකි වන අතර එයින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ඉතාමත් හොඳ ආස්වාදයක් ද ලබා ගැනීමට හැකි වනු ඇත.

මේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (13) දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා T10 කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), ඩිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, ඇන්ජලෝ පෙරේරා, තික්ශිල ද සිල්වා, වනිදු හසරංග, විශ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මදුසංක, ලහිරු මදුසංක, කසුන් මදුසංක, කිත්රුවන් විතානගේ, භානුක රාජපක්ෂ, අලංකාර අසංක, ෂෙහාන් ජයසූරිය.

සිංහ හදවතැ’ති වේග පන්දු තරුව – සුරංග ලක්මාල්

ධරම්සාලා නුවර හිමාචල් ප්‍රදේශ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ තරගයක් අහිමි කර ගැනීමට කැමති වන්නේ…

තරග කාලසටහන

දෙසැම්බර් 14

  • බෙංගාල් ටයිගර්ස් හා කේරළ කිංග්ස් තරගය සවස 5.30ට
  • මරත ඇරබියන්ස් හා පක්ටූනස් තරගය සවස 7.30ට

දෙසැම්බර් 15

  • බෙංගාල් ටයිගර්ස් හා පන්ජාබි ලෙජන්ඩ්ස් තරගය සවස 5.30ට
  • මරත ඇරබියන්ස් හා ටීම් ශ්‍රී ලංකා තරගය සවස 7.30ට
  • පන්ජාබි ලෙජන්ඩ්ස් හා කේරළ කිංග්ස් තරගය රාත්‍රී 9.30ට
  • ටීම් ශ්‍රී ලංකා හා පක්ටූනස් තරගය රාත්‍රී 11.30ට

දෙසැම්බර් 16

  • අර්ධ අවසන් පූර්ව තරග

දෙසැම්බර් 17

  • අවසන් මහා තරගය

(මෙහි සියලුම වේලාවන් ශ්‍රී ලංකා වේලාවෙන් දැක්ව‍ෙන අතර සියලුම තරග සාජා පිටියේ දී පැවැත්වේ)

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<