නව ක්‍රීඩා ඇමති ක්‍රිකට් නිලවරණය නතර කරයි?

678

නව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට පටහැනි වාර්ෂික මහා සභා රැස්වීමක් කැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තාවකාලිකව අත්හිටුවන ලකුණු පහල වී තිබේ.

2021 ශූරයින්ගේ කුසලානය නෑ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019-2023 දක්වා කාල පරාසය තුල දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් (Future Tours Program) ඉදිරිපත් කළ අතර ඒ අනුව පළමු වරට…

නිලවරණය සඳහා නාමයෝජනා භාර දිය හැකි අවසාන දිනය අප්‍රේල් 27 වැනිදා වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා නිලවරණය පැවැත්වෙන දිනය මැයි 19 වැනිදා බව මීට පෙර තහවුරු කර තිබුණි.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරියෙකුට අනුව, ක්‍රීඩා අමාත්‍යංශයට අවශ්‍ය වූයේ ‘ඡන්ද කමිටුව’ වාර්ෂික මහා සභාවේ (AGM) සාමාජිකයින් ලවා පත්කර ගැනීමට වුවත් මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය විසින් එම කමිටුව පත් කර තිබීම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩ්ඩෝ

ඉදිරියේ දී පැවැත්වෙන කොදෙව් ටෙස්ට් තරග සංචාරය ඇතුළු ටෙස්ට් තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය දක්ෂයින් සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය…

එම නිසා නව ක්‍රීඩා අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා මෙම ‘ඡන්ද කමිටුව’ පත් කර ඉන්පසු නිලවරණය පැවැත්වීමටයි.

ThePapare.com වෙත වාර්තා වී ඇති අන්දමට තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, නිශාන්ත රණතුංග හා මොහාන් ද සිල්වා යන මහත්වරු සභාපති පුටුවට තරග වදිනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<