ක්‍රීඩකයින් 34කට කොන්ත්‍රාත්තු; ඉහළම ගෙවීම මැතිව්ස්ට

108

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරි මාස 14ක කාලය සඳහා එනම්, මේ වසරේ නොවැම්බර් සිට ලබන වසර අවසානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු නැවත අලුත් කර තිබේ. “The Sunday Times” පුවත් පතට අනුව කාණ්ඩ 5ක් යටතේ ක්‍රීඩකයින් 34 දෙනෙක් මෙම කොන්ත්‍රාත්තුවට අන්තර්ගත කර ඇත.

බදුරලියේ දැවී ගිය කඩුලු සියල්ල බදුරලියේ මලින්ද නමට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ….

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මේ ක්‍රීඩකයින් 34 දෙනා තුල වැඩිම මුදලක් වැය කරමින් කොන්ත්‍රාත්තු නැවත අලුත් කර තිබෙන ක්‍රීඩකයා වේ. ඒ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් 130,000ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 236ක මුදලක්) නියම වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න හා හිටපු ටෙස්ට් නායකයෙකු වන සුරංග ලක්මාල් එම ලැයිස්තුවේ දෙවන තැන සිටියි.

මෙම කොන්ත්‍රාත්තුවේ තිබෙන සුවිශේෂිතම කාරණය වන්නේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයට ද  D කාණ්ඩය යටතේ වැඩිම මුදලක් ගෙවා කොන්ත්‍රාත්තුව අලුත් කර තිබීමයි. 

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් අකිලට පිට දඟපන්දු යැවීමට නොහැකි ලෙස වසරක තරග තහනමක් පනවා තිබෙන නිසා ඔහුට කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙන ඉදිරි මාස 14ක කාලය තුල තරග බොහෝ ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට ද හැකියාව ලැබෙන්නේ නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පහත දැක්වෙන පරිදි  ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු අලුත් කර තිබේ,

A කාණ්ඩය – (ක්‍රීඩකයින් 5)

  • USD 130,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 236ක්) – ඇන්ජලෝ මැතිව්ස් 
  • USD 100,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 181ක්) – දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල් 
  • USD 80,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 145ක්) – දිනේෂ් චන්දිමාල්
  • USD 70,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 127ක්) – ලසිත් මාලිංග

B කාණ්ඩය (ක්‍රීඩකයින් 5)

  • USD 70,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 127ක්) – කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්
  • USD 52,500 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 96ක්) – නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා
  • USD 50,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 91ක්) – දිල්රුවන් පෙරේරා

Video – ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා – මුත්තයියා මුරලිදරන්

1992 දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ………

 C කාණ්ඩය (ක්‍රීඩකයින් 3)

  • USD 50,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 91ක්) – නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා
  • USD 35,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 64ක්) – ලහිරු තිරිමාන්න

D කාණ්ඩය (ක්‍රීඩකයින් 10)

  • USD 50,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 91ක්) – අකිල දනංජය
  • USD 40,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 73ක්)– ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන
  • USD 35,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 64ක්) – දනුෂ්ක ගුණතිලක, ලහිරු කුමාර
  • USD 30,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 55ක්) – දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක
  • USD 25,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 46ක්) – රොෂේන් සිල්වා, විශ්ව ප්‍රනාන්දු

ප්‍රිමියර් කාණ්ඩය (ක්‍රීඩකයින් 11)

  • USD 25,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 46ක්) – වනිඳු හසරංග
  • USD 20,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 37ක්) – සදීර සමරවික්‍රම, අමිල අපොන්සු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙණිය
  • USD 15,000 (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 28ක්) – ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න 

(*සැ:යු – ඉහත සඳහන් කර තිබෙන මාස 14 සඳහා ගෙවනු ලබන ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් දක්වා ඇත.)

පසුගිය වසරේ කොන්ත්‍රාත්තු ලැබුණු නමුත් මෙවර එම කොන්ත්‍රාත්තුව අලුත් නොවුණු ක්‍රීඩකයින් – උපුල් තරංග, අසේල ගුණරත්න, ශෙහාන් මදුසංක, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියන්ජන් 

Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රට හැරදා යන්නේ ඇයි?

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් මුහුණ දෙන විශාලතම ……

දේශීය පළමු පෙළ ක්‍රීඩකයින්ගේ කොන්ත්‍රාත්තු, 

පසුගිය වසරේ දී පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 104 දෙනෙක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොන්ත්‍රාත්තු ලබා දුන් නමුත් මෙවර එය එසේ සිදු කර නොමැත. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු පෙළ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩා සමාජ 25කට යම් මුදල් ප්‍රමාණයක් ගෙවනු ලැබේ. 

තවද පසුගිය වරට සාපේක්ෂව පළමු පෙළ තරගයක් ක්‍රීඩා කිරීම සඳහා ගෙවනු ලබන මුදල් ප්‍රමාණය රුපියල් 7,500 සිට 12,000 දක්වා වැඩි කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<