ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමේ නායකත්වයට අලුත් කෙනෙක්

252

ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායමේ නායකත්වය සඳහා ඉසිපතන විද්‍යාලයේ 2015 වසරේ නායකයා ලෙස කටයුතු කළ සහ වත්මන් CR&FC කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ඔමල්ක ගුණරත්න තෝරාපත් කරගෙන ඇත. ඒ මින් පෙර නායකත්වය දැරූ රොෂාන් වීරරත්න පෞද්ගලික හේතුවක් නිසාවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් අනතුරුවයි

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ සංචාරයට සූදානම්

මැලේසියාවේ දී සුහද පුහුණු තරග සංදාරයක් ………..

අප්‍රේල් මාසයේ ආරම්භයේ දී පැවැත්වුණු කොළඹ සහ පිට පළාත් කණ්ඩායම් අතර තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් 32 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව විසින් තෝරාගෙන තිබුණු අතර එහි නායකත්වය හිමිව තිබුණේ මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක රොෂාන් වීරරත්න හටයි.

2014 වසරේ දී ඉසිපතන විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායක සෙනාල් දීලක යටතේ ක්‍රීඩා කළ ඔමල්ක ගුණරත්න සිය කණ්ඩායම වෙනුවෙන් විශේෂ මෙහෙවරක් ඉටු කළ සාමාජිකයෙකි. ඉසිපතන විද්‍යාලය 2015 වසරේ දී ත්‍රිත්ව අනුශූරතාවය දිනා ගැනීමට හැකි වූයේ ඔමල්ක ගුණරත්නගේ නායකත්වය යටතේය. එසේම 2016 වසරේ වයස අවුරුදු 20න් පහළ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ උපනායකත්වය හෙබවූයේ ද ඔමල්ක විසිනි.

CR ක්‍රීඩක කවිඳු පෙරේරා ආබාධයකට ලක්වීමෙන් පසු CR කණ්ඩායමේ ඉදිරිපෙළ වගකීම ඔමල්ක වෙත පැවරුණු අතර ඔහු එය ද කිසිදු පීඩනයකින් තොරව සාර්ථකව ඉටු කිරීමට සමත් විය.

මෙම මැලේසියානු සංචාරය ඔමල්ක ගුණරත්නට මෙන්ම අනෙකුත් ක්‍රීඩකයින්ට ද ඔවුන්ගේ දක්ෂතා ඔප්පු කිරීමට කදිම අවස්ථාවකි. නවක ක්‍රීඩකයින් රැසක් සමඟින් ඔමල්ක ගුණරත්න එළඹෙන මැයි මස 02 වැනිදා ප්‍රථම වරට ජාතික කණ්ඩායමේ නායකයා වශයෙන් ක්‍රීඩා කරනු ඇත.

ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන වරම් අහිමිවේ

ලෝක ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායමේ FULLBACK ක්‍රීඩක ඩේමියන් මැකෙන්සී හට මෙම වසරේ (2019)…

මින් පෙර ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි සංචිතයේ නායකත්වය දැරූ රොෂාන් වීරරත්න ThePapare.com වෙත මෙසේ අදහස් දැක්විය.

“මට මේ තරගාවලියට සහභාගී වීමට නොහැකි වීම ගැන මං ඇත්තටම කනගාටු වෙනවා. මගේ පෞද්ගලික හේතූන් නිසා මට මෙම තරගාවලියට සහභාගී වීමට නොහැකි වෙනවා. ඒත් මම පුහුණු වීම් කටයුතුවලට සහභාගී වෙනවා වගේම  ඔවුන් මැලේසියාව බලා පිටත් වීමෙන් පසුව ද මට හැකි ආකාරයෙන් ඔවුන්ට උදව් කරන්න මං සූදානම් ”

ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම එළඹෙන මැයි මස 02 වැනිදා මැලේසියාවේ දී සිය පළමු තරගයට මුහුණ දීමට සූදානමින් සිටින අතර එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භ වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<