පියාගේ අඩි පාරේ යන පුතාට රාජකීය නායකත්වය!

121

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා රාජකීය විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ‘Fly Half’ ස්ථානයේ ක්‍රීඩා කරන තුන්වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක ලෙහාන් ගුණරත්න නම් කර ඇත. 

ධර්මරාජය දිනවීමේ වගකීම ජූඩ්ට!

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ධර්මරාජ විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා …

ලෙහාන් ගුණරත්න ශ්‍රී ලංකා රග්බි කමිටුවේ වත්මන් සභාපති සහ කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු නායක ලසිත ගුණරත්නගේ පුතණුවන් ද වීම විශේෂත්වයක්. 

ලෙහාන් ගුණරත්න පසුගිය වසර කිහිපයේ දීම ‘Fly Half’ ස්ථානයේ ක්‍රීඩා කරමින් විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු ලෙස කැපී පෙනුන අතර එළඹෙන තරගවාරයේ දීත් ඔහුගෙන් එවැනිම දක්ෂතා කණ්ඩායමට අවශ්‍ය වනු ඇත.

ඔහුගේ පියා වන ශ්‍රී ලංකා රග්බි කමිටුවේ වත්මන් සභාපති ලසිත ගුණරත්න ද ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ගණයේ රග්බි ක්‍රීඩකයෙකු වූ අතර CR&FC කණ්ඩායම වෙනුවෙන් ද ඔහු තම දක්ෂතා වලින් විශාල සේවයක් ඉටුකර ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග්බි කණ්ඩායමේ නායකයා …

පසුගිය තරග වාරයේ දී ශූරතාවය හිමිකර ගැනීම දක්වා රාජකීය කණ්ඩායම කැඳවා ගෙන ගිය දුෂාන්ත් ලෙව්කේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර නව නායකයෙකු සහ කනිෂ්ට ජ්‍යෙෂ්ඨ සුසංයෝගයක් සමඟ රාජකීය විද්‍යාලය මෙවර තම A කාණ්ඩයේ වැඩ ඇල්ලීමට සූදානමින් සිටියි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න රග්බි පිටුවට <<