පාසල් රග්බි මුල් පුටුව අලුත් වෙයි

81
Schools Rugby

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති හා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ හිටපු සභාපති බී. ඒ අබේරත්න මහතා නැවත වතාවක් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති ලෙස තේරී පත් වුනා. ඒ අද (21) පැවැත්වුණු ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දීයි.

ක්‍රීඩකයින් තිදෙනෙක්ට තරග තහනමක්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 11 වැනි සතියෙන් පසු CR&FC ක්‍රීඩක ෂාරෝ ප්‍රනාන්දු, මහනුවර ක්‍රීඩා සමාජයේ

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන සියලුම පාසල් රග්බි තරගවල වගකීම දරන්නේ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයයි. පාසල් රග්බි ලීගය මෙන්ම කනිෂ්ඨ රග්බි තරගාවලි ද පැවැත්වෙන්නේ එහි අනුදැනුම යටතේයි.

2016 වසරේ සිට 2018 වසර දක්වා ද එම තනතුර හෙබවූ අබේරත්න මහතා රංජිත් චන්ද්‍රසේකර මහතාගේ පසුව ඒ ධූරයේ වැඩ භාරගත්තේ නැවත වතාවක් පාසල් රග්බි පිටියේ මුල් පුටුවට පිවිසෙමින්. අධ්‍යාපන අමාත්‍යංශයේ වත්මන් අධ්‍යක්ෂකවරයෙකු වන රංජිත් චන්ද්‍රසේකර මහතා මේ මස අවසන් වන සිය ධූර කාලයෙන් පසුව නැවත නිලවරණයට තරග නොකරන්නට තීරණය කර තිබුණා. 2010 වසරේ සිට පාසල් රග්බි පරිපාලනයේ විවිධ තනතුරු හෙබවූ ඒ මහතා පාසල් රග්බි පිටියට කළ සේවය අතිමහත්.

මේ අතර සාන්ත ජෝන් විද්‍යාලයේ නිරෝධ විජේරාම මහතා සංගමයේ ලේකම් ලෙස නැවත තේරී පත් වුණු අතර සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ දමිත පෙරේරා භාණ්ඩාගාරික ලෙස නැවත තේරී පත් වුනා.

2020 වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය එළඹෙන මාර්තු 4 දා පැවැත්වීමට නියමිතයි.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<