විස්සයි විස්ස පිතිකරුවන්ගේ වෙනසක්; ඒරොන්ට වාර්තාවක්

720

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ (9) නිකුත් කළ නවතම විස්සයි – විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ඕස්ට්‍රේලියාවේ ඒරොන් ෆින්ච්, පාකිස්තානයේ ෆකාර් සමාන් හා ඉන්දියාවේ ලෝක්ෂ් රාහුල් පිළිවෙළින් අංක 1, 2 හා 3 ස්ථාන දිනා ගැනීමට සමත්ව ඇත. ඒත් සමඟින් මෙතෙක් කලකට විස්සයි – විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රසාද ලකුණු 900 ඉක්මවා ලබාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ඒරොන් ෆින්ච්ට අවස්ථාව ලැබුණි.

දේවපතිරාජයේ බැටින් මැෂිම “පවන් සන්දේශ්”

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 13න් පහළ පළමු …

ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ හා පාකිස්තානය අතර පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉකුත් 8 වැනිදා පැවැත්වූ අතර එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ පාකිස්තානු කණ්ඩායම එම තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගනු ලැබීය. එසේම එංගලන්තය හා ඉන්දීය කණ්ඩායම අතර පැවති විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත් ඉන්දියාව එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එම තරගාවලි කිහිපය තුල ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් ද අන්තර්ගත කරමින් මේ  ජාත්‍යන්තර විස්සයි – විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තු සකසා ඇත. නවතම ගණනය කිරීම්වලට පෙර, පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන තුනේ සිටියේ පිළිවෙළින් බාබර් අසාම්, කොලින් මන්රෝ හා ග්ලේන් මැක්ස්වෙල් යන ක්‍රීඩකයින් ය.

ඕස්ට්‍රේලියානු විස්සයි – විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා වන ඒරොන් ෆින්ච්  සිම්බාබ්වේ දී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග 5කට සහභාගී වෙමින් ලකුණු 306ක් ලබාගත්තේ 76.50ක හොඳ දල ලකුණු ලබා ගැනීමේ  සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එසේම එම තරගාවලිය තුල දී විස්සයි – විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ තනි ක්‍රීඩකයෙක් මෙතෙක් රැස්කරගත් වැඩිම ලකුණ ලබා ගැනීමට ද ෆින්ච් සමත් විය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගයක දී ලකුණු 172ක් ලබාගෙනයි.

සිම්බාබ්වේ විස්සයි විස්ස තුන්කොන් කිරුළ පාකිස්තානයට

සිම්බාබ්වේ, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පසුගිය දා ආරම්භ වූ තුන්කොන් විස්සයි විස්ස …

එසේම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය පාකිස්තානයට දිනා දීමට බොහෝ සෙයින් කැපවූ ක්‍රීඩකයෙක් වන සමාන් එම තරගාවලියේ දී ලකුණු 278ක් ලබා ගත්තේ තරග 5ක් සඳහා ක්‍රීඩා කරමිනි. එම ලකුණු ප්‍රමාණය අතරට අර්ධ ශතක තුනක් ඇතුළත්ය. ඒ අතරට අවසන් තරගයේ දී පන්දු 46ක දී ලබාගත් ලකුණු 91ක වේගවත් ඉනිම ද ඇතුළත් වෙයි.

එංගලන්ත – ඉන්දියා පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගයේ දී ලෝකේශ් රාහුල් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය දක්වා මෙහෙයවමිනි. ඕස්ට්‍රේලියාවේ ඩී. එම්. ෂෝර්ට් (ප්‍රසාද ලකුණු 690) විස්සයි – විස්ස ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 18 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ස්ථානයන් 8ක් ඉදිරියට පැමිණ ඇති අතර එංගලන්තයේ ජේසන් රෝයි (ප්‍රසාද ලකුණු 641) එහි 19 ස්ථානයේ සිට පියවර 4ක් ඉදිරියට පැමිණ ඇත. සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවෙක් වන සොලමන් මීරේ නවතම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 25 වැනි ස්ථානය දිනාගෙන ඇත.

විස්සයි – විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය දිනා සිටින්නේ ප්‍රබල පාකිස්තාන (ප්‍රසාද ලකුණු 132) කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම (ප්‍රසාද ලකුණු 85) එහි 9 වැනි ස්ථානය දිනාගෙන සිටියි. එම තරග රටාවේම පිතිකරණ අංශයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 608ක් ලබාගෙන සිටින කුසල් ජනිත් පෙරේරා වන අතර ඔහු ජාත්‍යන්තර විස්සයි – විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 19 වැනි තැන පසුවේ. එහි තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ දී තිසර පෙරේරා (ප්‍රසාද ලකුණු 214) හා ඇන්ජලෝ මැතිව්ස් (ප්‍රසාද ලකුණු 127) පිළිවෙළින් 7 වන ස්ථානය හා 16 වන ස්ථානය දිනාගෙන ඇත.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ඇෆ්ගනිස්තානයේ රෂිඩ් කාන් (ප්‍රසාද ලකුණු 813) විසින් දිනාගෙන සිටින අතර විස්සයි – විස්ස අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 366ක් ලබාගෙන ඇති ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල්ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<