ඉසිපතනයට අලුත් මුහුණු තුනක්!

153

එළඹෙන 2020 පාසල් රග්බි තරග වාරය හේතුකොටගෙන ඉසිපතන විදුහල තම පුහුණුකරු මඩුල්ල වෙනස් කරමින් කරළියට බැසීමට තීරණය කර ඇත.

නිල්ෆර් ගෙදර යයි!

ආදි කිංග්ස්වුඩ් ක්‍රීඩකයෙක් වන නිල්ෆර් ඊබ්‍රහීම් එළඹෙන රග්බි තරගාවලිය සඳහා සාන්ත ජෝසප් විදුහලින් ඉවත්….

පසුගිය තරග වාරයේ දී ඉසිපතන විදුහලේ පළමු පෙළ කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සිටි නිහාල් “වයිපර්” ගුණරත්න, ලසින්ත ද කොස්තා සහ හෙන්රි ටෙරන්ස් යන පුහුණුකරුවන් තිදෙනාගෙන් අනතුරුව එළඹෙන තරග වාරය සඳහා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් රොනී ඉබ්‍රහිම් කටයුතු කරන අතර පසුපෙළ පුහුණුකරු වශයෙන් ඉසිපතන විදුහලේ ආදී ශිෂ්‍ය රීසා මුබාරක් සහ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් බුද්ධික තළගම්පල කටයුතු කරනු ඇති. 

එසේම පසුගිය තරග වාරයෙන් ඉසිපතන පුහුණුකරු මඩුල්ලේ ඉතිරිව සිටින එකම සහය පුහුණුකරු වන්නේ නවින්ද්‍ර දයාන් පමණි.

විද්‍යා විදුහල ගොඩගන්න අලුත් කෙනෙක්!

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලය, මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය….

පසුගිය තරග වාරයේ ඉසිපතන විදුහල ශ්‍රේණිගත කිරීම්වලින් 6 වැනි ස්ථානයේ අවසන් කළ අතර පසුගිය තරග වාරය එතරම් සුබදායී නොවුනත් එළඹෙන තරග වාරයේ දී ඉසිපතන විදුහලට ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පැමිණ හොඳින් දස්කම් පාන්නට මෙම අත්දැකීම් බහුල පුහුණුකරු මඩුල්ල ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<