ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට නව පුහුණුකරුවෙක්!

71

ශ්‍රී ලංකාවේ රග්බි අධ්‍යාපනඥ, CH&FC ක්‍රීඩා සමාජයේ වත්මන් පුහුණුකරු සහ ඉසිපතන විද්‍යාලය හිටපු පුහුණුකරු නිහාල් වයිපර් ගුණරත්න හට එළඹෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන පුහුණුකාරීත්වය හිමිවී ඇත. 

රතු, කහ මදිවට තවත් එකක්!

එළඹෙන ඩයලොග් අන්තර් සමාජ රග්බි තරග වාරයේ දී රතු සහ කහ කාඩ්පත් වලට අමතරව නිල් කාඩ්පතක්…

තරුණ ක්‍රීඩකයින් මනා ලෙස හසුරවමින් පුහුණුකරන්නට මනා දක්ෂතාවක් ඇති නිහාල් ගුණරත්න සමඟින් ඉදිරිපෙළ පුහුණුකරනය සඳහා සාන්ත පීතර විද්‍යාලයේ පුහුණුකරු රජීව් පෙරේරා සහ පසුපෙළ පුහුණුකාරීත්වය සඳහා තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරු රෝහිත රාජපක්ෂ ද කැඳවා ඇත. 

චීනයේ දී දෙසැම්බර් මස 11 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත අතර වයිපර් ගුණරත්න ඇතුළු පුහුණුකරු මඬුල්ලට මෙය නව අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ ජාතික සංචිතයේ නායකත්වය රාජකීය විද්‍යාලයේ හිටපු නායක තුලෙබ් හසන්ට හිමි වීමට ඉඩ ඇති බවද වාර්තා වේ. 

>>“මහනුවර හදගැස්ම” – තරගාවලියට සූදානම්!<<

ශ්‍රී ලංකාව පසුගිය වසරේ පැවති 19න් පහළ ආසියානු ශූරතාවයේ දී පළමු කාණ්ඩය දක්වා පහත වැටුනු අතර මෙවර පළමු කාණ්ඩයේ දී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇත්තේ චීනය, පිලිපීනය සහ තායිලන්තය සමඟිනි.

මෙවර වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි තරගාවලියේ සියලු පුවත් දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<