ස්මිත්ගෙන් නායකත්වය වොනර්ට

319
David Warner

ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ඉතිරි එක්දින තරඟ හා 20-20  තරඟ සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය, ප්‍රබල ආරම්භක පිතිකරු ඩේවිඩ් වොනර්ට ලබාදීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

පසුගිය ලිපි: චන්දිට වාර්තාව මඟ හැරෙද්දි අැන්ජිට වාර්තාවක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා තරඟ සංචාරයෙන් පසුව සැප්තැම්බර් 30 වනදා ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකානු තරඟ සංචාරය ජයග්‍රහණය කිරීම ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්මිත්ව විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ස්මිත් ඉදිරි සතියේ දී තම මව්රට බලා පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා තරඟ සංචාරයේ ඉතිරිව ඇති එක්දින තරඟ 3 හා 20-20 තරඟ දෙක සඳහා නායකත්වයේ වගකීම ඩේවිඩ් වොනර්ට පැවරී ඇත. නමුත් ප්‍රේක්ෂකයන්  අතර හා ක්‍රිකට් විචාරකයන් අතර ජොජ් බෙයිලි වැනි නායකත්වයේ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුට එම වගකීම් පවරා නොදී වොනර්ට ලබාදීම ගැන දැඩි කතාබහකට ලක්ව ඇත.

ජොජ් බෙයිලි එක්දින තරඟ 29ක් සඳහා තම නායකත්වය ලබාදී ඇති අතර ඒ අතුරෙන් තරඟ 16ක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර පරාජය වී ඇත්තේ තරඟ 10 ක් පමණි. තවද තවත් තරඟ 3 ක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වී ඇත.

තවද ඕස්ට්‍රේලියානු එක්දින කණ්ඩායමේ හා විස්සයි විස්ස කණ්ඩායමේ  නායකත්වය වොනර්ට හිමවූ පළමු අවස්ථාව මෙය වන අතර ඔහු ද දැනට එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව 12 වන ස්ථානය ගෙන සිටින ප්‍රබල පිතිකරුවෙකි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම  අතර තෙවන එක්දින තරඟය ලබන 28 වැනිදා රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාගංනයේදි පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට