ඉඳුනිල්ගෙන් නව ජාතික වාර්තාවක්

195

2018 ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුව වන මැදි දුර ධාවන ශූර ඉඳුනිල් හේරත් කෙන්යාවේ දී මීටර 800 ඉසව්ව සඳහා මිනිත්තු 1:47.13ක කාලයක් වාර්තා කර ගනිමින් එම ඉසව්ව සඳහා නව ජාතික වාර්තාවක් පිහිටුවන්නට සමත් වී ඇත.

ආසියාව ජය ගත් ශූරයින් ඉහළින් පිළිගැනේ

ජපානයේ ජිෆු නුවර පැවති 18 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඉහළ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ…

ඉඳුනිල් එසේ බිඳ දමනු ලැබුවේ 1993 වසරේ දී රංජිත් සුබසිංහ විසින් මිනිත්තු 1:47.56ක කාලයක් වාර්තා කර ගනිමින් පිහිටුවා තිබූ වසර 25ක් පැරණි වාර්තාවකි. මේ වන විට කෙන්යාවේ පුහුණුවීම් කටයුතුවල නිරත වන ඉඳුනිල් එහි ජනාධිපති කුසලාන තරගාවලියේ මීටර 800 ඉසව්ව සඳහා දෙවන ස්ථානය දිනා ගනිමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබීය.

මීටර 800 ඉසව්ව සඳහා වත්මන් ජාතික ශූරයා වන ඉඳුනිල් හේරත් පසුගිය වසර පුරාවට එම ඉසව්ව සඳහා ඉතා ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර ඒ අනුව බලධාරීන් විසින් ඔහුව කෙන්යාවේ විශේෂ පුහුණුවක් සඳහා යොමු කරන ලදි. ඔහු මීට පෙර එම ඉසව්ව සඳහා වාර්තා කර ගනු ලැබූ පෞද්ගලික හොඳම කාලය 2014 වසරේ කොළඹ දී මිනිත්තු 1:48.69ක කාලයක් හරහා වාර්තා වී තිබුණි. පසුගිය තරග වාරයේ අවසන් භාගය තුළ ඔහුගේ දක්‍ෂතා වල විශාල දියුණුවක් දැකගත හැකි වූ අතර ඒ අනුව ඔහුට එළඹෙන ආසියානු තරගාවලියේ දී පදක්කමක් සඳහා හොඳ තරගයක් ලබා දීමේ හැකියාවක් ඇත.

දුවන සපත්තුවෙන් අස්වනු නෙලන්නට පෙර

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩා අතලොස්ස අභිබවමින් වර්තමානය වන විට මලල ක්‍රීඩාව ගැන වැඩි වැඩියෙන් කතාබහට…

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ අනුග්‍රහය සහිත මෙම මාස 7ක විශේෂ පුහුණුව සඳහා ඉඳුනිල් පසුගිය දෙසැම්බර් මාසයේ කෙන්යාව බලා පිටත්ව ගිය අතර ඒ අ හරහා ඔහුට ලෝකයේ සිටින දක්‍ෂතම මලල ක්‍රීඩකයින් සමඟ පුහුණුවීම් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ. ඒ අනුව එය අවසන් කර ජූලි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු ආසියානු තරගාවලිය සඳහා ඉන්දුනීසියාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<