මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරතා තරගාවලිය ජූනි මස 9 වන දා ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය සඳහා සහභාගී වන පාසල්වල ඇති ක්‍රීඩාංගණවල මෙම වසරේ දී තරග නොපැවැත්වීමටත්, ඒ සඳහා සැමට සාධාරණ ක්‍රීඩාංගණ යොදා ගන්නටත් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය තීරණය කර ඇත.

සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ක්‍රීඩාවේ ජීව ගුණය ගැන පාඩමක්

සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්..

සති 11ක් පුරා පැවති උණුසුම් ලීග් තරගාවලියකින් අනතුරුව ශූරතා කුසලානය සඳහා තරග කළ පාසල් 6ක් සහ පළඟ ශූරතාවය සඳහා තරග කළ පාසල් 2ක් ජනාධිපති කුසලානය සඳහා තරග වදිනු ඇත. ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය ජුනි මස 09 වන දා අර්ධ අවසන් පූර්ව වටයේ තරග සමඟ ආරම්භ වන අතර තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 24 වන දින පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී ක්‍රීඩා කළ තරග සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක සිදුවීම් හේතුවෙන් මෙවර තරගාවලිය සැමට සාධාරණ ක්‍රීඩාංගණවල දී පැවැත්වෙන බව සංවිධායකයින් අවධාරණය කළේය. පසුගිය වසරේ සිදු වූ සිදුවීම් හේතුවෙන් රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ අවසන් මහා තරගය වෙනත් දිනයක කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට සිදු විය.

එමනිසා මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිසංස්කරණය කරන ලද සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තීරණය කර ඇති අතර තරගාවලියේ අර්ධ අවසන් තරග සහ අවසන් මහා තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙනු ඇත.

ලීග් තරගාවලියේ ශූරතාවය සඳහා තරග කළ කණ්ඩායම් අතරින් ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 6; රාජකීය, ඉසිපතන, ත්‍රිත්ව, වෙස්ලි, සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විද්‍යාලවල කණ්ඩායම් සහ තරගාවලියේ පළඟ ශූරතාවය සඳහා තරග කළ කණ්ඩායම් අතරින් හොඳම කණ්ඩායම් 2 ජනාධිපති කුසලානය වෙනුවෙන් තරග කිරීමට නියමිත අතර තරගාවලිය පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ පදනම මතයි. පළඟ ශූරතාවය සඳහා තරග කර එහි ශූරයින් බවට පත්වූ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයත්, එහි අනුශූරයින් බවට පත්වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයත් ඒ අනුව තරගාවලිය සඳහා ඇතුළත් කර ඇත.

සති 11ක උද්වේගකර පාසල් රග්බි සමය නිමාවෙයි

සති 11ක කාලයක් පුරා පැවති පාසල් රග්බි ලීග් තරගාවලිය නිමාවට පත්වූයේ..

පසුගිය වසරේ තරගාවලියේ අර්ධ අවසන් තරග වටය සඳහා සුදුසුකම් ලැබූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයටත්, අර්ධ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළ මරදාන සහිරා විද්‍යාලයටත් මෙවර ජනාධිපති කුසලානය සඳහා තරග කිරීමේ අවස්ථාව අහිමි වී ඇත.aaa

ගියවර ශූරයින් වූ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට මෙවර තරගාවලියේ දී ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත. පසුගිය වසරේ ලීග් ශූරතාවයට හිමිකම් කියූ ඉසිපතන කණ්ඩායම දෙවන ස්ථානයට පත්කර මෙවර ශූරතාවය දිනා ගැනීමට රාජකීය විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර රාජකීය ක්‍රීඩකයින් ජනාධිපති කුසලානය සඳහා ද පිවිසෙන්නේ එහි ශූරතාවයත් ඉසිපතන ක්‍රීඩකයින්ගෙන් උදුරා ගැනීමේ බලාපොරොත්තු සහිතවයි.

පසුගිය වසරේ තරගාවලියේ අවසන් මහා තරගය රාජකීය විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති අතර එහි දී රාජකීය කණ්ඩායම ලකුණු 47-12ක් ලෙස පරාජයට පත්කළ ඉසිපතන කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

පසුගිය දා අවසන් වූ ලීග් තරගාවලියේ දී කණ්ඩායම් ක්‍රීඩා කළ ආකාරය දෙස අවධානය යොමු කළ විට නිගමනය කළ හැක්කේ මෙවර ජනාධිපති කුසලානය සඳහා ඉතා උණුසුම් තරගයක් පැවැත්වෙනු ඇති බවයි. ලීග් ශූරතාවය දිනා ගත් රාජකීය විද්‍යාලයීය කණ්ඩායම මෙවර තරග වාරයේ දී තවත් කුසලානයක් තම පාසලට රැගෙන යාමේ අභිප්‍රායෙන් තරගාවලිය සඳහා සහභාගී වන අතර අනෙක් පසින් ලීග් ශූරතාවය දිනා ගැනීමට ඉතා ආසන්නයට පැමිණි මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම ද මෙම තරගාවලියට සහභාගී වන්නේ ශූරතාවය තමන් සතුකර ගැනීමේ අපේක්ෂාව සහිතවයි.

Isipathana College have won the title in 2014 & 2016 while ending up runners up in 2015

අනෙක් කණ්ඩායම් මෙන්ම වෙස්ලි, සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම් ද තරගාවලියට පිවිසෙන්නේ මෙම තරග වාරයේ දී කුසලානයක් දිනා ගැනීමේ අරමුණ ඇතිවයි. ලීග් තරගාවලියේ අවසන් සති කිහිපය තුළ හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වූ සාන්ත පීතර හා සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම් උපරිම සූදානමක් සහිතව ජනාධිපති කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා මුහුණ දෙනු ඇත.

ලීග් තරගාවලියේ පළමු වටයේ දී දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් ශූරතා කුසලානය සඳහා තරග වැදීමේ අවස්ථාව මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට සහ ධර්මරාජ විද්‍යාලයට අහිමි වූ අතර ඔවුන් ද ජනාධිපති කුසලානය සඳහා පිවිසෙන්නේ මෙවර තරග වාරය ජයග්‍රාහීව අවසන් කිරීමේ බලාපොරොත්තු සහිතවයි.

තරගාවලිය ‘round-robin’ ක්‍රමයට පැවැත්වෙන අතර මේ වන විට කණ්ඩායම් 8 ම තම සහභාගීත්වය තහවුරු කර ඇත.

තරගාවලියේ තරග කාලසටහන පහත දක්වා ඇත.

Date Match Team 1 Team 2 Venue
9th June 2017 QF 1 Royal College (C1) Dharmaraja College (P2) Sugathadasa
10th June 2017 QF 2 Isipathana College (C2) St. Anthony’s College (P1) Sugathadasa
11th June 2017 QF 3 Trinity College (C3) St. Peter’s College (C6) Sugathadasa
12th June 2017 QF 4 Wesley College (C4) St. Joseph’s College (C5) Sugathadasa
17th June 2017 SF1 Winner QF 1 Winner QF 4 Racecourse
18th June 2017 SF2 Winner QF 2 Winner QF 3 Racecourse
24th June 2017 Final Winner SF 1 Winner SF 2 Racecourse

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<