අවසන් තරගය ජය ගනිමින් තර්ජීනි නැවතත් වාර්තා පොත් අලුත් කරයි

8851

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටයේ තරග අද (19) ආරම්භ විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම 15 වැනි හා 16 වැනි ස්ථාන තීරණය කරන තරගයට සිංගප්පූරුව සමඟින් තරග කළ අතර එහි දී ලකුණු 78-57ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් කාර්තුවේ දී ජයග්‍රාහී රිද්මයට

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසන් තරගය අද (17) ෆීජි කණ්ඩායම….

දෙවන කාණ්ඩයේ තරග ඊයේ අවසන් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන වටයේ E කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබුණි. 

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ (79-49), උතුරු අයර්ලන්තය (67-50), ඕස්ට්‍රේලියාව (99-24) හමුවේ පරාජය වෙමින් දෙවන වටයේ දී E කාණ්ඩය යටතේ තරග කරන ලදි. 

එහි දී සිංගප්පූරු කණ්ඩායම ලකුණු 88-50ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම සැමෝවා (65-55) හා ෆීජි (44-59) කණ්ඩායම් හමුවේ පරාජය වීම නිසාවෙන් ශ්‍රී ලංකාවට එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි විය. 

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් වටය හෙවත් ශ්‍රේණිගත කිරීම්වලට අදාල වටය හා අවසන් පූර්ව තරග, අවසන් තරග සහිත වටය අද ආරම්භ වූ අතර එහි ආරම්භක තරගය ලෙස තරගාවලියේ 15 වැනි හා 16 වැනි ස්ථාන සඳහා වන තරගය පැවැත්විය. 

තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ආරම්භයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නොපසුබට උත්සාහයට මනා සාධාරණයක් ඉටු කළ තර්ජිනී සිවලිංගම් තම උත්සාහයන් 24න් 23ක්ම සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 23ක් බවට පත්කළාය. 

එයට මනා සහයක් ලබා දුන් ශ්‍රී ලංකා මැදපෙළ ක්‍රීඩිකාවන් සිංගප්පූරුවට එම කාර්තුවේ දී ලබා දුන්නේ ලකුණු 15ක් පමණි. එම ලකුණු Charmaine Soh (12) හා Xinyi Tan (3) විසින් වාර්තා කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8ක පරතරයක් සමඟින් පළමු කාර්තුව නිමා කළේය. (පළමු කාර්තුව: ශ්‍රී ලංකාව 23 – 15 සිංගප්පූරුව)

සැමෝවා ක්‍රීඩිකාවන් 10කින් ශ්‍රී ලංකාව ඉස්සර කරයි

2019 ලෝක දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පස්වැනි තරගය අද (16) සැමෝවා කණ්ඩායම සමඟ…

දෙවන කාර්තුවේ දී තම සුපුරුදු රිද්මය එලෙසම පවත්වා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිංගප්පූරුවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. තර්ජිනීගේ පන්දු ‍යොමුකිරීම් වැළැක්වීමට කිසිදු ඉඩක් සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට නොලැබුණු අතර 95%ක සාර්ථකත්ව ප්‍රතිශතයක් පවත්වා ගනිමින් තර්ජිනී ලකුණු 20ක් එම කාර්තුවේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළාය. 

සිංගප්පූරු ක්‍රීඩිකාවන් එම කාර්තුවේ දී රැස් කළේ ලකුණු 13ක් පමණි. දෙවන කාර්තුව නිමා වූයේ ලකුණු 43-28ක් ලෙස ප්‍රබල ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙමිනි. (දෙවන කාර්තුව: ශ්‍රී ලංකාව 20 – 13 සිංගප්පූරුව) 

තුන්වැනි කාර්තුව මුළුමනින්ම ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර තර්ජිනී එම කාර්තුවේ දී ලකුණු 22ක් ලබා ගත්තේ සිංගප්පූරු ක්‍රීඩිකාවන් අසරණ කරමිනි. තර්ජිනී මීට පෙර දෙවන වටයේ පැවති සිංගප්පූරු තරගයේ දී ලකුණු 76ක් වාර්තා කරමින් මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් වූ ක්‍රීඩිකාව බවට පත් වූ අතර මෙම තරගය එම වාර්තාවට අභියෝගයක් වන ආකාරයක් දක්නට ලැබුණි. 

ලකුණු 65-40ක් ලෙස කාර්තුව නිමා කරන විට තර්ජිනී තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 65ක් ලෙස සටහන් කරගෙන සිටියාය. (තුන්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 65 – 40 සිංගප්පූරුව) 

තර්ජිනිගෙන් නව වාර්තාවක් සමඟින් සිංගප්පූරුව පරාජය කරයි

2019 ලෝක දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ සිව්වැනි තරගය අද (15) සිංගප්පූරුව සමඟින්….

සිව්වැනි කාර්තුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කීපයක් සිදු කළ අතර දුලංගි වන්නිතිලක shooter ස්ථානයට පැමිණියේ තිළිණි වත්තේගෙදර center ස්ථානයට තේරීපත් වෙමිනි. 

සිව්වැනි කාර්තුවේ මුල් මිනිත්තු කීපයේ දී සිංගප්පූරු කණ්ඩායම පන්දුව වැඩිවේලාවක් තමන් සතුව තබා ගැනීමට සමත් වූ අතර කාර්තුවේ මුල් මිනිත්තු 8 තුල ලකුණු 08-11ක් ලෙස පෙරමුණ ගැනීමට සිංගප්පූරුව සමත්ව සිටියේය. 

කාර්තුව නිමා වීමට මිනිත්තුවක් ඉතිරිව තිබිය දී තම වාර්තාව සමකිරීමට තර්ජිනී සමත් වූ අතර අවසන් මිනිත්තුවේ දී තම 77 වැනි ලකුණ ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩිකාවට හිමි වාර්තාව නැවත වරක් තමන් සතුකර ගැනීමට තර්ජිනී සමත් විය. (සිව්වැනි කාර්තුව: ශ්‍රී ලංකාව 13 – 17 සිංගප්පූරුව)

අවසන් ලකුණු තත්ත්වය: ශ්‍රී ලංකාව 78 – 57 සිංගප්පූරුව 

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ 15 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<