නේපාලය තියුණු අවසානයකින් නෙදර්ලන්ත තරගාවලිය සම කරති

293

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට කෝඩුකාරයන් වූ නෙදර්ලන්තය සහ නේපාලය අතර ඇම්ස්ටෙල්වීන් පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට නේපාල ක්‍රීඩකයෝ අද (03) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය 1-1ක් සේ සම කරමින් නිමා කර ගැනීමට සංචාරක නේපාල ක්‍රීඩකයෝ සමත් වුණේ ලෝක එක්දින තරග අතරට ඉතාම තියුණු තරගයක් ද දායාද කරමින්.  

චරිත් අසලංක ශතකයකට පිය තබයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් විටත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වැඩි වාසිය හිමි…

පළමුවෙන් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 216ක් ලබා ගත් අතර සත්කාරක නෙදර්ලන්ත කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 215ක් පමණි.

තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජයග්‍රහණය කර සිටි නෙදර්ලන්ත කණ්ඩායම අද තරගයට පිවිසියේ කිසිදු චකිතයකින් තොරවයි. නේපාල කණ්ඩායම වෙනුවෙන් සුබාෂ් කාකුරෙල්, රෝහිට් කුමාර් සහ ලලිට් භන්ඩාරි මංගල එක්දින වරම් දිනා ගනිමින් තරගයට එක් වෙද්දී නෙදර්ලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් නැතිව තරගයට එක් වුනා.

කාසියේ වාසිය දිනූ නේපාල නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි . ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමට අර්ධ ශතක දෙකක් ඇතුලත් වුනා. නායක පරාස් කාඩ්කා (51) ඉනිමේ පළමු අර්ධ ශතකය ලබා ගනිමින් නේපාලය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයක දී රැස් කළ දෙවැනි අර්ධ ශතකයේ හිමිකාරයා වුනා. පෙර තරගයේ දී දකුණත් ආරම්භක පිතිකරු ගයනේන්ද්‍ර මල්ලා අර්ධ ශතකයක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනාගේ ම ඉනිම් නේපාලය වෙනුවෙන් වූ වැඩිම ලකුණු සේ සැලකුණා.

‘තහනම් ගහේ ගෙඩි කෑ ගමනේ අවසන් පැය 24 දී වර්ණපුරලා ගහපු ගේම

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. එ් අතරින් බන්දුල වර්ණපුරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා…

එහෙත් ඊට මද වේලාවකට පසු පසුපෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි 22 හැවිරිදි දකුණත් පිතිකරු සෝම්පාල් කමී නේපාලය වෙනුවෙන් වූ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වුනා. පන්දු 46කට මුහුණ දුන් කමී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 61ක් ලබා ගත්තා.

එම අර්ධ ශතක ඉනිම් දෙක හැරුණ කොට නේපාලය වෙනුවෙන් වෙනත් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව පසු කිරිමට බැරි වුනා. සුබාෂ් කාකුරෙල් සහ දීපේන්ද්‍ර සිං අයිරි ලකුණු 19 බැගින් රැස් කළා.

කඩුලු දවා ගැනිෆම් දී ෆ්‍රෙඩ් ක්ලස්සීන් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මයිකල් රිපෝන් සහ පීටර් සීලර් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතරු ඉනිමට පිටියට පිවිසි සත්කාරක නෙදර්ලන්ත ක්‍රීඩකයින්ගේ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දකුණත් පිතිකරු වෙස්ලි බරේසි. ඔහු පන්දු 89කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තා. වෙස්ලි සහ ආරම්භක පිතිකරු ඩැනියෙල් බ්රේක් එක්ව තෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 84ක සබඳතාව නෙදර්ලන්ත ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වුනා. ඩැනියෙල් පන්දු 83කට මුහුණ දී හතරේ පහර 2ක් සමගින් ලකුණු 39ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියකට අත ගසයි

2018 වසරේ අගෝස්තු මස 21 වන දා සිට සැප්තැම්බර් 2 වන දින අතර කාල පරාසය තුල “SLC T20” නම් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම්ව ඇත.

ඊට අමතරව නායක පීටර් සීලර් පන්දු 32කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගත්තා. නෙදර්ලන්ත ඉනිමේ අවසන් කඩුල්ල වෙද්දී ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 32ක් අවශ්‍ය වුනා. මේ වෙනුවෙන් පන්දු 39ක් ඉතිරිව තිබුණා.

ඉතා ලෙහෙසියෙන්ම ජයග්‍රහණය නේපාලය සතු වෙතැයි සිතූ තරගය පන්දුවෙන් පන්දුව වෙනස් කිරිමට ෆ්‍රෙඩ් ක්ලස්සීන් සහ පෝල් වැන් මීකෙරෙන් සමත් වුනා. ඔවුන්ගේ මෙම උත්සාහය අවසන් පන්දු වාරය වෙද්දී ලකුණු 6ක අවශ්‍යතාවක් බවට පත් වුනා.

නේපාලය වෙනුවෙන් අවසන් පන්දුවාරය යැවීමේ වගකීම බාර ගත්තේ නායක පාරාස් කාඩා. ෆ්‍රෙඩ් සහ පෝල් වෙත නෙදර්ලන්තයේ වගකීම රැඳී තිබුණා. ඔවුන් දෙදෙනා පළමු පන්දු 4ට ලකුණු 4ක් ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා තවත් අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි. පස්වැනි පන්දුවේ දී උඩ පන්දුවක් රැක ගත්තේ යැයි ඇතිවුණේ තියුණු ඉල්ලීමක්. නමුත් එය පා ආවරණයේ වැදී ගිය පන්දුවක් සේ තීරණය වුනා. එම පන්දුවේ දී කිසිදු ලකුණක් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයන්ට හැකි වුණේ නැහැ. අවසන් පන්දුවේ දී ද කිසිදු ලකුණක් ලබා නොදුන් පාරාස් ෆ්‍රෙඩ්ව දුවද්දී දැවී යෑමකට හසුකර ගනිමින් නේපාලය වෙනුවෙන් වූ මංගල එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කළා.  

ෆ්‍රෙඩ් තමන්ගේ කඩුල්ල අහිමි කර ගන්නා විට පන්දු 19කට මුහුණ දී ලකුණු 13ක් ලබා සිටි අතර පෝල් පන්දු 20කට මුහුණ දී ලකුණු 12ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

නෙදර්ලන්ත ඉනිම මෙල්ල කිරිමේ දී හොඳම පන්දු යැවීම වාර්තා කළේ සන්දීප් ලමිච්චාන්. ඔහු ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව ලලිට් භන්දාරි ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත්තා. නායක පාරාස් සමගින් පන්දු යවන්නෝ 6 දෙනෙක් නේපාලය වෙනුවෙන් යොදා ගත් අතර අනෙකුත් සෑම පන්දු යවන්නේ හමුවේ ම කඩුල්ල බැගින් බෙදී ගියා.

නේපාලය; සියලුම දෙනා දැවී 216 (48.5) සුබාෂ් කාකුරෙල් 19, පරාස් කාඩ්කා51, දීපේන්ද්‍ර සිං අයිරී 19, සෝම්පාල් කමී 61, ෆ්‍රෙඩ් ක්ලස්සීන් 3/38, මයිකල් රිපොන් 2/46, පීටර් සීලර් 2/50

නෙදර්ලන්තය; සියලුම දෙනා දැවී 215 (50.0) ඩැනියෙල් බ්රේක් 39, බෙන් කූපර් 19, වෙස්ලි බරේසි 71, පීටර් සීලර් 21, ලලිට් භන්දාරි 2/43, සන්දීප් ලමිච්චාන් 3/41

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<