ආරක්ෂක ක්‍රීඩිකාවන්ගේ දුර්වලතා නිසා ශ්‍රී ලංකාව නේපාලයෙන් මට්ටු වෙයි

162

5 වැනි SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට නේපාලය හමුවේ ගෝල 4-0ක දරුණු පරාජයක් අත්විඳීමට සිදු විය. තරගය පැවැත්වුණේ නේපාලයේ ෂහිඩ් රංගශාලා ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා ගෝල රකින්නිය පරාජයේ සැර බාලකරයි

SAFF කාන්තා පාපන්දු තරගාවලියේ B කාණ්ඩයට අදාලව ඉන්දියාව සමඟින් පැවති තරගයේ දී, ශ්‍රී ලංකාවට අත්වන්නට ගිය දැවැන්ත පරාජය…

B කාණ්ඩයේ දෙවැන්නා ලෙස පළමු වටය අවසන් කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර ඔවුන්ට මාලදිවයින හමුවේ ගෝල 2-0ක ජයක් හා ඉන්දියාව හමුවේ ගෝල 5-0ක් පරාජයක් අත්විඳින්නට සිදු විය.

තරගය ආරම්භයේ සිටම දක්නට ලැබුණේ වඩා ප්‍රබල නේපාල කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වන බවයි.

Anita Basnet හා Sabitra Bhandari තරග ආරම්භයේම ගෝල සඳහා උත්සාහයන් දැරූ අතර ඉන් එක් උත්සහයක් ගෝල රාමුවට ඉහළින් යද්දී අනෙක් ශ්‍රී ලංකා ගෝල රකින්නිය, අයෝමි විජේරත්න රැක ගන්නට සමත් විය.

නේපාලයට සිය පළමු හොඳම අවස්ථාව ලැබුණේ 34 වැනි මිනිත්තුවේ දීයි. ගීතා රානා ගෝල චතුරශ්‍රය තුළ සිට කිසිදු බාධාවකින් තොරව හිසෙන් ගෝලය වෙත යොමු කළත් අයෝමි පහසුවෙන් එම අවස්ථාව ව්‍යර්ථ කරන්නට සමත් විය.

ඊට මිනිත්තු කිහිපයකට දිලාෂා ඩයස් නායිකා එරන්දි ලියනගේ වෙත අලංකාර ලෙස පන්දුව යොමු කළේ ඇයට ඉදිරියට යාමට අවස්ථාවක් සකසා දෙමිනි. කෙසේ වෙතත් එම අවස්ථාව සාර්ථක කර ගන්නට නේපාල ආරක්ෂක වළල්ල ඉඩක් ලබා දුන්නේ නැහැ.

චලනිගේ ගෝල ද්විත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 5 වන SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය…

පළමු අර්ධය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී දීර්ඝ නිදහස් පහරක් සමඟින් නේපාලයට සිය පළමු ගෝලය ලබා ගැනීමේ අවස්ථාව හිමි විය. රානාගේ හා නිරූ තාපාගේ දක්ෂ පන්දු යොමු කිරීම් ද්විත්වයක් නිසා හා ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩිකාවන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය නිසා හිමි වූ අවස්ථාවෙන් Punam Magar දක්ෂ ගෝලයක් වාර්තා කළේ තරගයේ වාසි සත්කාරක පිලට ගෙන දෙමිනි.

පළමු අර්ධය: නේපාලය 01 – 00 ශ්‍රී ලංකාව

දෙවන අර්ධයේ ආරම්භයේදීත් පළමු අර්ධයේ මෙන්ම Bhandariගේ හා තාපාගේ ප්‍රහාරයන් අපතේ ගියේය. ඒ අතරම ගෝල චතුරශ්‍රය තුල දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා සෙව්වන්දි මානවඩුගේ අතෙහි පන්දුව ස්පර්ශ වීමක් විනිසුරු ජලාල් උද්දින් හට මඟහැරීම විශේෂත්වයක්.

මිනිත්තු හැටේ සිමාව ආසන්නයේ දී Bhandari ගේ දක්ෂ උත්සහයක් අයෝමි අපතේ යැව්වේ දක්ෂ ගෝල රැකීමක් සමඟිනි.

නේපාලය සිය දෙවන ගෝලය වාර්තා කළේ කෝනර් අවස්ථාවක් උපයෝගී කර ගනිමිනි. ශ්‍රී ලංකා ආරක්ෂක ක්‍රීඩිකාවන් දුර්වල ක්‍රීඩා රටාවක නිරත වෙද්දී Basnet අලංකාර ලෙස ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාවට සිය පළමු කෝනර් අවස්ථාව හිමි වුණේ 80 වන මිනිත්තුවේ දී වූ අතර ඔවුන්ට ඉන් කිසිදු ප්‍රයෝජනයක් ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත. කෙසේ වෙතත් ඊට මිනිත්තු දෙකකට පසු Basnetගේ හරස් පන්දු යොමු කිරීමකින් Bhandari තවත් ගෝලයක් රැස් කළේ ලකුණු පුවරුව ගෝල 3-0ක් බවට පත් කරමිනි.

SAFF කාන්තා ශූරතාවලියට එක්වුණු ශ්‍රී ලංකා සංචිතය

නේපාලයේ පැවැත්වෙන 2019 SAFF කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබුණි…

තරගය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී Rekha Poudel පහසු ගෝලයක් වාර්තා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දරුණු පරාජයක් අත්කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: නේපාලය 04 – 00 ශ්‍රී ලංකාව

ThePapare.com තරගයේ වීරයා – Anita Basnet (නේපාලය)

ගෝල වාර්තා කළ ක්‍රීඩිකාවෝ

  • නේපාලය – Punam Magar 42’, Anita Basnet 73’, Sabitra Bhandari 82’, Rekha Poudel 86’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<