කලබල විය යුතු නැති බවට මැතිව්ස්ගෙන් සහතිකයක්

cricbuzz වෙබ් අඩවියේ පළවූ සටහනකි.

732
@AFP PHOTO

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා මුහුණ දීමට පෙර, පිතිකරුවන් ලබා ගන්නා සාර්ථක ආරම්භය විශාල ලකුණු ප්‍රමාණ කරා ගෙන යාමේ නොහැකියාව නිවැරදි කර ගත යුතු බව ශ්‍රී ලංකා සීමිත පන්දු වාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තුන් කොන් එක්දින තරගාවලියේ සිය පළමු තරගයට ඊයේ (17) සහභාගී වූ අතර එහි දී ඔවුන්ට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 12ක පරාජයක් අත් විඳීමට සිදු විය.

තියුණු සටනකින් පසු ශ‍්‍රී ලංකාව ලකුණු 12කින් පරදියි

පසුගිය දා ආරම්භ වූ බංගලාදේශ, ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් සටනේ..

”අපිට අවශ්‍යයි එක් පිතිකරුවෙක් හෝ විශාල ලකුණු ප්‍රමාණයක් කරා යාමට.” මැතිව්ස් පැවසීය. ”එහෙම නැතිනම් අර්ධ ශතක දෙකකට හැකියාව තිබුණා අපිව ජයග්‍රහණය කරා ගෙන යන්න. මට විශ්වාසයි ඉදිරි දින කිහිපය තුළ අපිට ඒ තැනට යන්න පුළුවන් කියලා.”

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී විශාල ලකුණු ප්‍රමාණ කරා යාමේ නොහැකියාව පිළිබඳ මැතිව්ස් ගෙන් ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේ ඔහු තම පිතිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ මෙලෙසින්. ”හැමෝටම එකම තරගයක දී ලකුණු අතරට පැමිණීමට නොහැකියි. පෙරේරා (කුසල් ජනිත්) අපට විශිෂ්ට ආරම්භයක් ලබා දුන්නා. අපේ තව කවුරුන් හෝ ලකුණු 60, 70ක් ලබා ගත්තා නම් අපිට පහසුවෙන්ම මේ තරගය ජයග්‍රහණය කරන්න තිබුණා. අපි හොඳ ආරම්භ ලබා ගත්තා වුනත් ඉන් ප්‍රයෝජන ගන්න අසමත් වුනා. මම හෝ චන්දිමාල් ඊළඟ තරගයේ දී සාර්ථක වෙයි කියා බලාපොරොත්තු වෙනවා.”

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමඟ තරගය ලකුණු 12කින් පරාජය වුවද, ලකුණු 291ක් හඹා ගිය පිළිතුරු ඉනිම පුරාවටම පාහේ තරගය තුල රැඳී සිටින්නට සමත් විය. කෙසේ වෙතත් දිගින් දිගටම බිඳ වැටුණු කඩුලු හමුවේ දිනුම් කණුව පෙනෙන මානයේ දී නවතින්නට සිදු විය.

”අපි ආරම්භයේ සිටම තරමක් දුර්වල ක්‍රීඩා විලාශයක් තමයි පෙන්නුම් කළේ. පන්දු යැවීමේ ආරම්භයත් සාර්ථක නැහැ. පළමු පන්දු වාර 10 තුල අපි ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ ලබා දුන්නා. ඒ ගැන අපි කනගාටු වෙනවා.” මැතිව්ස් පවසයි.

”මැද පන්දු වාර තුල දී තත්ත්වය තරමක් පාලනය කර ගැනීමට අපි සමත් වුනා. නමුත් ඔවුන් අවසන් පන්දු වාර කිහිපය තුළ දී විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවශ්‍ය තරම් කඩුලු අතැතිව සිටියා. මම හිතනවා තිසර (පෙරේරා) සහ අසේල (ගුණරත්න) ඉතා හොඳින් පන්දු යැවුවා කියලා. නමුත් අපිට පන්දු රැකීමේ දී මීට වඩා ඉහළ මට්ටමක් ප්‍රදර්ශනය කළ යුතුව තිබුණා.”

ශ්‍රී ලංකාව මේ වන විට විශාල බලාපොරොත්තු සහිතව පසුවන්නේ ඔවුන්ගේ එක්දින තරග වාසනාවේ වෙනසක් මතු වන අවස්ථාව ඉක්මනින් උදා වන තුරුය. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ අවසන් වරට පැවති තරග 6ක් අතුරින් ශ්‍රී ලංකාව ලද 4 වන පරාජය මෙය වන අතර, පසුගිය වසරේ ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරග 29 අතුරින් ඔවුන් ජය ගන්නට සමත් වුනේ තරග 5ක් පමණි.

ශ්‍රී ලංකාව අවදානමක දමා ඇෆ්ගනිස්තානය ඉදිරියට

මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට්..

”මේ කණ්ඩායම් සමග පැවැත්වෙන තරග ජයග්‍රහණය කරන්න නම් අපිට අපේ හොඳම දක්ෂතා අතරට එන්න සිදු වෙනවා. සරලම ක්‍රමය එයයි. අද අපේ දස්කම් තරමක් දුර්වල සහ අක්‍රමවත් තත්ත්වයකයි පැවතුණේ. නමුත් අපිට මෙම තරගයෙන් ගත හැකි ධනාත්මක කරුණු රැසක් තිබෙනවා. ඉතින් ඉදිරියේ තරග තුනක් පැවැත්වෙන නිසා කලබල විය යුතු නැහැ.”

”ඔවුන් (බංග්ලාදේශය) පසුගිය වසර දෙකක කාලයේ දී සිය රට තුළ දී ලොව සියලුම ප්‍රබල කණ්ඩායම් පරාජය කරන්නට සමත් වී තිබෙනවා. එම නිසා එය ඉතා අසීරු අභියෝගයක් බවට පත් වෙයි. අපිට එම තරගය අද වගේ ක්‍රීඩා කරන්නට බැහැ. අද අපි අවශ්‍ය ප්‍රමිතිය පවත්වා ගන්නට අසමත් වුනා.” මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

තුන් කොන් එක්දින තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ අභියෝගය ලෙස ඔවුන් හෙට (ජනවාරි 19) සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග මීර්පූර්හී දී ම තරග වැදීමට නියමිතයි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<