ලකී වොයිස් පැරදූ නාවික කාන්තාවන්ට ජාත්‍යන්තර ජයක්

154

2017 එමිරේට්ස් ගුවන් සේවා ඩුබායි සත් සාමාජික විවෘත කාන්තා දැල්පන්දු තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.

වෙළඳසේවා දැල්පන්දු කිරුළ හැටන් නැෂනල් බැංකුවට

2017 වෙළඳසේවා දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩයේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවති…

ආරාධිත කණ්ඩායම් 7ක් සහභාගී වූ මෙම තරගාවලියට ශ්‍රී ලංකා නාවික හමුදාවට අමතරව බස්නාහිර පළාත් දැල්පන්දු සංගම් කණ්ඩායමක් ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය.

මෙම තරගාවලියේ මූලික වටය අවසානයේ නාවික හමුදා කණ්ඩායම 3 වන ස්ථානය දිනා ගෙන සිටි අතර ඔවුන් මූලික වටයේ දී ලකී වොයිස් ෆියුශන් කණ්ඩායමට හා Savanna MMI යන කණ්ඩායම් හමුවේ ලකුණු 22-25ක් හා 12-14ක් ලෙස පරාජය විය.

නමුත් නැවතත් තරගාවලියට අවතීර්ණ වූ නාවික හමුදා කණ්ඩායම JICN (37-16), ලන්ඩන් Bucks (44-15), බස්නාහිර පළාත් දැල්පන්දු සංගම් කණ්ඩායම (42-15) හා 3RHA (47-5) යන කණ්ඩායම් පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

බස්නාහිර පළාත් දැල්පන්දු සංගම් කණ්ඩායම මෙම තරගාවලියේ දී ජයග්‍රහණය කළේ එක් තරගයක් පමණි. එහි දී 3RHA කණ්ඩායම 38-12ක් ලෙස පරාජය කළ නිසා බස්නාහිර පළාත් දැල්පන්දු සංගම් කණ්ඩායම මූලික වටයේ 7 වන ස්ථානය දිනා ගත්තේය.

කණ්ඩායම ලකී වොයිස් ෆියුශන් Savanna MMI ශ්‍රී ලංකා නාවික හමුදාව JICN ලන්ඩන් Bucks බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය 3RHA
ලකී වොයිස් ෆියුශන් 20-13 25-22 24-8 37-1 31-8 50-3
Savanna MMI 13-20 14-12 23-8 28-5 22-13 38-4
ශ්‍රී ලංකා නාවික හමුදාව 22-25 12-14 37-16 44-15 42-15 47-5
JICN 8-24 8-23 16-37 18-3 31-21 32-5
ලන්ඩන් Bucks 1-37 5-28 15-44 3-18 21-18 21-2
බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය 8-31 13-22 15-42 21-31 18-21 38-12
3RHA 3-50 4-38 5-47 5-32 2-21 12-38

 

20න් පහළ ශූරතාවය ප්‍රෙස්බිටේරියන් බාලිකාවන්ට

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ කාණ්ඩය…

අනතුරුව අර්ධ අවසන් පූර්ව වටයේ දී ලකුණු 41-21ක් ලෙස නාවික හමුදා කණ්ඩායම හමුවේ පරාජය වීමට බස්නාහිර පළාත් දැල්පන්දු කණ්ඩායමට සිදු විය. අවසන් පූර්ව වටයේ දී ලකුණු 17-15ක් ලෙස  Savanna MMI කණ්ඩායම පරාජය කළ නාවික හමුදා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

දෙවන අවසන් පූර්ව තරගයේ දී ලකී වොයිස් ෆියුශන් පිල හමුවේ ලකුණු 28-10ක් ලෙස JICN පිල පරාජය විය. ඒ නිසාවෙන් මෙහි  අවසන් මහා තරගයට ලකී වොයිස් ෆියුශන් කණ්ඩායම හා ශ්‍රී ලංකා නාවික හමුදා පිල තරග වැදුනි. අවසානයේ 22-15ක් ලෙස එම තරගය ජයග්‍රහණය කළ නාවික හමුදා පිල එහි ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ලකුණු පුවරුව

කණ්ඩායම P W L D GF GA GD Pts
ලකී වොයිස් ෆියුශන් 6 6 0 0 187 55 132 18
Savanna MMI 6 5 1 0 138 62 76 16
ශ්‍රී ලංකා නාවික හමුදාව 6 4 2 0 204 90 114 14
JICN 6 3 3 0 113 113 0 12
ලන්ඩන් Bucks 6 2 4 0 66 147 -81 10
බස්නාහිර පළාත් දැල් පන්දු සංගමය 6 1 5 0 113 159 -46 8
3RHA 6 0 6 0 31 226 -195 6

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<