ගුවන් ක්‍රීඩිකාවන්ට ගෝල හයක්

276
Navy – Army Women's Football

නාවික හමුදා සහ යුධ හමුදා කාන්තා කණ්ඩායම් අතර පැවති කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක දී දෙපිල සම තත්වයෙන් තරගය අවසන් කළ නමුත් ගුවන් හමුදා කාන්තාවන් සහ පොලිස් කාන්තාවන් අතර පැවති තරගයේ දී ගෝල 6ක ප්‍රහාරයකට ලක්වන්නට පොලිස් ක්‍රීඩිකාවන්ට සිදු විය.

යුධ හමුදා ක්‍රීඩිකාවෝ ජය ගනිති

පසුගිය සතියේ පැවැත්වුණු කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරග දෙකකින් එක් තරගයක් ජය ගැනීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය. යුධ හමුදා කාන්තා කණ්ඩායම ගෝල 1-0ක් ලෙස…

පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

මාදින්නාගොඩ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ගෝල 6-1ක් වශයෙන් ජය ලබා ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. එස්. විද්‍යාලනී මෙහි දී ගෝල ත්‍රිත්වයක් ලබා ගැනීම කැපී පෙනිනි.

9 වැනි මිනිත්තුවේ දී ගෝල ලබා ගැනීම ඇරඹුවේ රත්නායක යි. ඊට මිනිත්තු කිහිපයකට පසුව තවත් ගෝලයක් වාර්තා කිරීමට විද්‍යාලනී සමත් විය. 33 වැනි මිනිත්තුවේ දී එය ගෝල 3ක් බවට පත් වූයේ රත්නායකගේ උත්සාහයෙනි.

ප්‍රථම අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 3 – 0 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයේ පළමුවෙන්ම ගෝල ලබා ගැනීම ඇරඹුවේ පොලිස් කාන්තා කණ්ඩායම වෙනුවෙන් රදිකා කරුණාරත්නයි.

එනමුත් ඉමේෂා විතානගේ නැවතත් ගුවන් හමුදා ගෝල පරතරය ඉදිරියට ගෙන යෑමට සමත් විය. විද්‍යාලනී තම ගෝල ත්‍රිත්වය වාර්තා කළේ 88 වැනි මිනිත්තුවේ දී ය.

සම්පූර්ණ කාලය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 6 – 1 පොලිස් ක්‍රීඩා සමාජය

අනෙකුත් ප්‍රතිඵල.

යුධ හමුදා ක්‍රීඩා සමාජය 0 – 0 නාවික හමුදා ක්‍රීඩා සමාජය

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට