ආසියානු කිරුළ රැකගන්නට යන සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනේ

81

2020 ආසියානු දැල්පන්දු ශූරතාවය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා පත්කර ගැනීමේ අවසන් තරග හෙට(08) දින කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව ඇත. යොවුන් නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් හට ජාතික සංචිතයේ දොරටු විවර කරගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත. 

නාවික හමුදාව පරදා හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් ශූරතාව දිනති

පසුගිය සති අන්තයේ දී පැවැත්වුණු ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල නාවික හමුදා….

දැනට සුදුසුකම් සපුරාලූ ක්‍රීඩිකාවන් 35 දෙනෙකුගෙන් සැඳුම්ලත් ජාතික සංචිතය, ක්‍රීඩිකාවන් 20 දෙනෙකු දක්වා ලඝු කිරීම මෙම තෝරාගැනීමේ තරගාවලියේ මූලික අරමුණයි. මෙම තෝරාගැනීමේ ක්‍රියාපටිපාටිය සකුන්තලා විජේතුංග, සීතා රමණි, තිසාංගනී කොඩිතුවක්කු සහ වජිරා පුෂ්පකුමාර යන මහත්මීන්ගේ විධිමත් සහ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත. 

ආසියානු දැල්පන්දු පිටියේ සද්දන්තයා ලෙස කලක සිට තම අණසක පතුරවාලමින් ලක් මාතාව බැබළවූ ශ්‍රී ලංකා ක්‍රීඩකාවන්, අවසන් වරට සිංගප්පූරුවේ දී ක්‍රියාත්මක වූ ආසියානු ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුනේ සත්කාරක සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ලකුණු 69 – 50 ක විශිෂ්ඨ ජයක් අත්පත් කරගනිමිනි. 

කෙසේ නමුත් දකුණු කොරියාව බලා පිටව යන අවසන් සංචිතය සඳහා සුදුසුකම් ලබාගැනීමේ වරම් අහිමි වන ක්‍රීඩිකාවන් තවදුරටත් දිරිගැන්වීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා දැල්පන්දු A සංචිතයක් නිර්මාණය කිරීමට ද මේ වන විට සැලසුම් සකස්කොට ඇති බව වාර්තා වේ. එමඟින් ශක්තිමත් දෙවන පෙළක් බිහි කිරීම ඔවුන්ගේ ප්‍රමුඛතම අභිලාශයයි. 

වසර අවසානයේ දැල්පන්දු කැලැන්ඩරයට තරගාවලි දෙකක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු…..

ජාතික කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් පෑ අතිදක්ෂ ක්‍රීඩිකාවක ලෙසත්, හැටන් නැෂනල් කණ්ඩායම හට දෙවතාවක්ම වෙළඳ සේවා ශූරතාවය හිමිකර ගැනීම වෙනුවෙන් පුහුණුකරුවෙකු ලෙසත් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ශෂිකා සමරසිංහ මහත්මිය හට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර භූමිකාව රඟ දැක්වීමේ අවස්ථාව හිමි වී තිබේ. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට <<