එක් තරගාවලි වාර්තාවක් වයඹ දිනා ගනිද්දී මංජුල කීර්තිය රැක ගනියි

702

පුලතිසි පුරවරයේ දී පැවැත්වෙන 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු දිනය අද (12) ක්‍රියාත්මක විය. උළෙලේ පළමු දිනය අවසන් වන්නටත් මත්තෙන් එක් තරග වාර්තාවක් බිහිවීම කැපී පෙනේ.

දැඩි අව් රශ්මියක් සහිත කාලගුණයක් යටතේ තරග ඉසව් ආරම්භ විය. උදෑසන කාලයේ දී පැවති මිටිය විසිකිරීමේ පිරිමි ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකිරීමට වයඹ පළාත නියෝජනය කළ චරිත් කපුකොටුව සමත් විය. එහි දී ඔහු වාර්තා කළ දක්ෂතාවය මීටර් 50.86කි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර් 46.97ක දක්ෂතාවයක් වාර්තා කළ දකුණු පළාතේ සිසිර කුමාර හා මීටර් 46.84ක දක්ෂතාවයක් වාර්තා කළ උතුරුමැද පළාතේ එස්. ආර්. කුමාරසිරි දිනා ගන්නා ලදි.

ජාතික ක්‍රීඩාවේ මහා මංගල්‍යය ඇරඹේ

44 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද (11) පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ දී අතිඋත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. ගරු ක්‍රීඩා අමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සමඟින්…

දිනයේ ජවන ඉසව් ආරම්භ කරමින් පිරිමි මීටර් 10000 ඉසව්ව ක්‍රියාත්මක විය. එම ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම මධ්‍යම පළාත  නියෝජනය කළ ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් දිනා ගැනීම විශේෂත්වයකි. ඉසව්වේ රන් පදක්කම මිනිත්තු 30.49.99ක කාලයක් වාර්තා කළ කේ. ශන්මුගේශ්වරන් විසින් දිනා ගත් අතර රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් මිනිත්තු 30.57.95ක කාලයක් වාර්තා කළ  එල්. සමරජීව හා මිනිත්තු 31.22.94ක කාලයක් වාර්තා කළ කේ. බණ්ඩාර විසින් දිනා ගන්නා ලදි.

කාන්තා රිටි පැනීමේ ඉසව්ව ක්‍රියාත්මක වූයේ ඉන් අනතුරුවයි. එහි දී බස්නාහිර පළාත නියෝජනය කළ සචිනි පෙරේරා මීටර් 3.20ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර මීටර් 3.00ක දක්ෂතාවයක් වාර්තා කළ කේ. කොඩිතුවක්කු හා සී. හෙරීනා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්හ. හෙරීනා මෙම ඉසව්වේ වාර්තාව පවතින අනීතා ජෙගදීස්වරන් ක්‍රීඩිකාවගේ ම පාසල නියෝජනය කිරීම විශේෂත්වයකි.

සීතල අතරින් සෙනිරු සහ ඩිලාන් ඉදිරියට එති

ආර්ජෙන්ටිනාවේ දැන් ක්‍රියාත්මක යූත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් යටතේ මීටර 400 බාලක ඉසව්ව නියෝජනය කළ ඩිලාන් බෝගොඩ සහ උස පැනීමේ ඉසව්ව නියෝජනය කළ…

පිරිමි දුර පැනීමේ ඉසව්ව වෙත ද ප්‍රේක්ෂකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය. එම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ශූරයා වන ප්‍රසාද් විමලසිරි විසින් දිනා ගත් අතර ඔහු වාර්තා කළ දක්ෂතාවය මීටර් 7.81කි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මීටර් 7.56ක දක්ෂතාවයක් වාර්තා කළ අමිල ජයසිරි හා මීටර් 7.34ක දක්ෂතාවයක් වාර්තා කළ එම්. මිර්ෆාන් විසින් දිනා ගත්හ.

පිරිමි උස පැනීමේ ඉසව්වෙන් පිට පිට නවවැනි වතාවටත් තම ජයග්‍රහණය ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාවේ උස පැනීමේ වර්තමාන ජාතික ශූරයා වන මංජුල කුමාර සමත් විය. මීටර් 2.21ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඔහු මෙම දස්කම වාර්තා කළ අතර මීටර් 2.07ක දක්ෂතාවයක් වාර්තා කළ අර්ජුන ප්‍රදීප් හා ආර්. රණතුංග ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්හ.

දිනය නිමා කරමින් පැවතියේ ප්‍රධානතම ජවන ඉසව් දෙක වන මීටර් 200 පිරිමි හා කාන්තා ඉසව්ය. මීටර් 200 කාන්තා ඉසව්ව තරමක් ප්‍රවේගකාරී ඉසව්වක් වූ අතර වර්තමාන ජාතික ශූරිය වන රුමේෂිකා රත්නායක හා නදීෂා රාමනායක අතර අවසන් මීටර් 50 තෙක්ම තියුණු තරගයක් ක්‍රියාත්මක විය. නමුත් පළපුරුද්ද හා දක්ෂතාවයේ වාසිය තමන් වෙත නතු කර ගත් රුමේෂිකා තත්පර 24.33ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තාය. ඉසව්වේ රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙළින් තත්පර 25.14ක කාලයක් වාර්තා කළ නදීෂා රාමනායක හා තත්පර 25.33ක කාලයක් වාර්තා කළ යූ. මධුභාෂිණි විසින් දිනා ගත්හ.

>> තරගාවලියේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පිරිමි මීටර් 200 ඉසව්වේ වර්තමාන ජාතික වාර්තාව හිමි විනොජ් සුරන්ජය සය මසක විවේකයකින් පසු පැමිණ ක්‍රීඩා කළ ප්‍රථම හරිත ධාවන මං තීරුව ලෙස මෙය හැඳින්විය හැකිය. ඒ නිසාම තරමක අවාසිදායක වාතාවරණයක් සමඟින් තරගය ආරම්භ කළ විනොජ් කිසිදු තරගකාරීත්වයකින් තොරව ඉසව්ව ජයග්‍රහණය කළේ තත්පර 21.33ක කාලයක් වාර්තා කරමිනි. ඉසව්වේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තත්පර 21.60ක කාලයක් වාර්තා කළ මොහොමඩ් සෆාන් හා තත්පර 21.83ක කාලයක් වාර්තා කළ එල්. වික්‍රමසිංහ විසින් දිනා ගත්හ.

හෙට (13) තරගාවලියේ දෙවන දිනයයි. හෙට දිනයේදීත් තවත් උණුසුම් තරග ඉසව් රාශියක්ම පැවැත්වීමට නියමිතයි. ඒ සියලු තොරතුරු සැණින් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<