ජාතික වාර්තා අලුත් කරමින් හිරුණි විජයරත්නට රිදී පදක්කම

225

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර දීමට පසුගිය දින කීපය පුරාවට සමත් විය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ඉහළම මට්ටමේ දිගු දුර ධාවන ශූරියක් ලෙස හිරුණි විජයරත්න අවිවාදයෙන් පිළිගැනේ. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වුවද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය Dusseldorf Marothon තරගාවලියට සහභාගි විය. එම තරගයේ දී ඇය ජාතික වාර්තා පොත් අලුත් කිරීමට සමත් වූයේ 2:34:10ක කාලයක් වාර්තා කරමිනි. එම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ද ඇය සමත් විය.

තරගාවලිය අවසානයේ වසර 20ක් පැරණි වාර්තාවක් බිඳ වැටේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (24) දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේ දී සාර්ථක නිමාවට පත්වූ අතර පුරා දින 4ක් පුරා පැවති….

මෙය ජාතික වාර්තාවක් වන අතර මීට පෙර එම වාර්තාව 2:36:35ක් ලෙස පැවතිනි. එම වාර්තාව ද හිරුණි විජයරත්නගේ නම ඉදිරියේ සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙම කාලය දකුණු ආසියානු ක්‍රීඩිකාවක් විසින් මෙම ඉසව්වේ දී වාර්තා කර ඇති හොඳම කාලය බවට ද පත්විය.

මෙම සුවිශේෂී දක්ෂතාවය ඇයට තවත් එක් ජාත්‍යන්තර තරගාවලියක දොරටු විවෘත කිරීමට හේතු විය. ඒ 2019 IAAF ලෝක මලල ක්‍රීඩා තරගාවලියයි. (2019 IAAF World Athletic Championship) මෙම තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 6 දක්වා දෝහා කටාර් හි කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගාවලියට සහභාගි වන පළමු මලල ක්‍රීඩිකාව ලෙස හිරුණි විජයරත්නගේ නම සනිටුහන් විය.

ශ්‍රී ලංකාව පසුගිය දින කීපය පුරාවට මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම් වලට සිය කනගාටුවට පලකරමින් කළු පැහැති පටියක් පැළඳ ගෙන තරගයට එක්වූ ඇය තරගයෙන් අනතුරුව තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වීමට එක්විය.

“තරගයේ මුල් අවස්ථාවේ ගොඩක් සුලං තිබ්බා. සෙල්සියස් අංශක 07ත් 10ත් වගේ උෂ්ණත්වයක් තිබ්බේ. තරගය ගොඩක් සාර්ථකයි. මම තමයි තරගයේ මුල ඉදන්ම ඉස්සරහම හිටියේ. මම පළවෙනි කිලෝමීටර් 21ක දුර පැය 1:15:40 වගේ කාලයකින් නිමා කළා. මුල් කිලෝමීටර් 35ම මම තමයි පළවෙනියා වෙලා හිටියේ. ඊට පස්සේ තමයි ජර්මනියේ ක්‍රීඩිකාව මාව පසුකළේ. මගේ කකුලේ cramp එන්න පටන්ගත්තා. මම මටම කියා ගත්තා මම ශක්තිමත් වෙන්න ඕනෙ කියලා. මගේ රටේ මිනිස්සු පසුගිය දවස් කීපයේ වින්ද වේදනා එක්ක බලද්දී මේක එච්චර දෙයක් නෙමෙයි කියලා මට හිතුනා” ඇගේ ශක්තිමත් වදන් බවට පත්වුනා.

Video – ලෝකඩ පදක්කමක් සමඟින් ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවය නිමා කරයි

දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත්වූ “23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩික….

“මේ තරගය මගේ රටේ මිනිස්සු වෙනුවෙන්. මම අද මගේ කකුල් වලට වඩා මගේ හදවතින් තරග කළේ. මගේ කකුල් කිලෝමීටර් 35න් පස්සේ අමාරු වෙන්න පටන්ගත්තම මම මතක් කරගත්තා මගෙ රටේ මිනිස්සු පසුගිය ඉරිදා ඉඳන් විදපු දුක. ඒ වේදනාව මම මතක් කරගත්තා. ඒවා එක්ක බලද්දී මේක එච්චර දෙයක් නෙමෙයි කියලා මට දැනුණා. මම විශ්වාස කරනවා මේ රිදී පදක්කම, මේ ජාතික වාර්තාව පොඩි හරි සැනසීමක්, බලාපොරොත්තුවක් අරන් එයි කියලා. අපේ සතුටට කවුරු බාධා කළත් අපි එක ජාතියක් විදිහට නැගී සිටිනවා” ඇය පවසා සිටියා.

Dusseldorf Marathon තරගාවලියේ දී රිදී පදක්කම ජයග්‍රහණය කරමින් ලක්මවට ආඩම්බරයක් ගෙන දුන් හිරුණි විජයරත්නට ThePapare.com අප උණුසුම් සුබ පැතුම් එක්කරමු.

2019 IAAF ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ දී ද ලක්මවට ජයග්‍රහණය ගෙන දීමට හැකි වේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<