ගතින් දුබල වුවත් මනසින් දුබල නැති විශිෂ්ටයින්ගේ ක්‍රීඩා උළෙල

112

2019 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (05) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ශූරතාවය නිමාව දකින්නේ බොහෝ ප්‍රේක්ෂකයන්ට හැගීම්බර දසුන් රාශියක් ඉතිරි කරමින්. 

අයියගේ වාර්තාව මල්ලි කඩලා දමයි

2019 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව (Junior National Athletics Meet 2019) අද (04) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ…..

වසර 30ක කුරිරු යුද්ධයෙන් අත් පා අහිමි වූ යුද සෙබළුන්, උපතින්ම ශාරීරික ආබාධ ඇති පුද්ගලයින්ගේ ක්‍රීඩා දක්ෂතා උරගා බලන්නා වූ මෙම මලල ක්‍රීඩා තරගාවලිය එම ක්‍රීඩකයන්ගේ මානසික ශක්තියට මෙන්ම, පැරා මලල ක්‍රීඩකයන්ට තම දක්ෂතාවයන්  ජාත්‍යන්තරයට රැගෙන යෑමට වන වේදිකාව ද වේ.  

කනිෂ්ඨ කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට සදීරා නිලක්ශානිට හැකි වූ අතර ඇය වාර්තා කළ දුර මීටර් 5.29ක්. දෙවැනි ස්ථානය සහ තෙවැනි ස්ථානය ලබා ගත් කසුනිකා මදුවන්ති සහ කේ. ජී. කෞශල්‍යාත් පැරණි තරග වාර්තාව අභිබවා යාමට සමත් වූ අතර වාර්තා කළ දුර ප්‍රමාණයන් පිළිවෙළින් මීටර් 4.97ක් සහ මීටර 4.70ක්.

ප්‍රීතිපුර ක්‍රීඩා සමාජය නියෝජනය කළ ප්‍රියශාන් පසිඳු පිරිමි කවපෙත්ත විසිකිරීම කනිෂ්ඨ ඉසව්වේ රන් පදක්කම සමඟින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 8.36ක්.

කනිෂ්ඨ පිරිමි දුර පැනීම ඉසව්වේ නව තරග වාර්තාවක් සමඟින් පැවති තරග වාර්තාව අභිබවා යාමට පළමු දෙවන සහ තෙවැනි ස්ථානයන් ලබා ගත් ක්‍රීඩකයන් තිදෙනාම සමත් විය. 

පළමු ස්ථානය දිනා ගැනීමට මීටර් 3.02ක දුරක් වාර්තා කළ රවිඳු චිරන්ජය සමත් වූ අතර දෙවැනි ස්ථානය දිනා ගැනීමට පී. ප්‍රශෝපන්ට හැකි වූයේ මීටර් 2.56ක දුරක් වාර්තා කරමිනි. තෙවැනි ස්ථානය මීටර් 1.85ක කාලයක් වාර්තා කළ මොහොමඩ් රිහාම් විසින් හිමිකර ගන්නා ලදි. 

ජ්‍යේෂ්ඨ කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට නිරෝෂා දිල්හානි සමත් වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 9.35ක්. දෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රීමතී ප්‍රියදර්ශනී වාර්තා කළ දුර 6.82ක්. ඇය ද පැරණි වාර්තාව අභිබවා යාමට සමත් විය. 

ජ්‍යේෂ්ඨ මීටර් 200 පිරිමි ඉසව්ව තත්පර 23.47න් නිමා කළ රිහාබ් ලංකා ක්‍රීඩා සමාජයේ ප්‍රදීප් සෝමසිරි නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර ශ්‍රී ලංකා පාබල හමුදාව නියෝජනය කළ කේ. ආර්. වීරසිංහ මීටර් 25.08ක දුරක් වාර්තා කරමින් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

පිරිමි මීටර් 400 පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට විජයබාහු පාබළ රෙජිමේන්තුවේ පී. ඒ. චතුරංග සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 55.87යි. දෙවන ස්ථානය දිනා ගත් එන්. එස්. උදයරත්නය වාර්තා කළ කාලය මිනිත්තු 01.00.16යි. මින් පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ගැමුණු ක්‍රීඩා සමාජයේ පී. කේ. හෙට්ටිආරච්චි විසිනි, ඔහු වාර්තා කළ තිබූ කාලය වන්නේ තත්පර 55.91.

Video – උතුරේ අයියා මලෝ දාන සෙල්ලම්

නිමාවූ කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම් 3ක් දිනා ගැනීමට උතුරෙන් ආපු පොඩ්ඩෝ ටිකකට හැකිවුණා.

ජ්‍යේෂ්ඨ කාන්තා මීටර් 1500 ඉසව්වේ දිල්කි උමේශිකා විසින් ඇයගේම වාර්තාව අභිබවා යාමට සමත් විය. 2016 වසරේ දිල්කි විසින් මිනිත්තු 7.20.82ක කාලයකින් තබා තිබූ වාර්තාව මෙවර ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවයේ දී මිනිත්තු 6.55.73ක කාලයක් වාර්තා කරමින් අලුත් කිරීමට සමත් විය. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<