ඔලිම්පික් දිනය සමරන්න විශේෂ වැඩසටහන් කිහිපයක්

209

ලෝක ඔලිම්පික් දිනය සැමරීම වෙනුවෙන් සිදු කරන්නා වූ වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (20) සවස ටොරින්ටන් පෙදෙස ඔලිම්පික් නිවසේ දී පැවැත්විය. මේ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වී සිටියහ.

මෙහි දී අදහස් දැක්වූ ජාතික ලෝක ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා සඳහන් කළේ ජාතික ඔලිම්පික් දිනය වෙනුවෙන් පැවැත්වෙන සුහද මාර්ග ධාවන තරගය ජුනි මස 25 වැනිදා නුවරඑලියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ආසියාව ජය ගත් දූදරුවන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් මාසික දීමනාවක්

ජපානයේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව සමස්ත …

ලෝක ඔලිම්පික් දිනය සෑම වසරකම ජුනි 23 වැනිදා සමරන අතර මේ සඳහා ජගත් ඔලිම්පික් සම්මේලනයෙන් ඊට අනුබද්ධ සාමාජික රටවල ජාතික ඔලිම්පික් කමිටුවලට වැඩි අවධානයක් ගනිමින් ඔලිම්පික් වටිනාකම පිළිබඳ දැනුම ලබා දීමට පියවර ගෙන ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ එක්වන අතර මෑතක දී එවරස්ට් කන්ද තරණය කරමින් ශ්‍රී ලංකාවේ වීරයන් වූ ජයන්ති කුරු උතුම්පලා සහ ජොහාන් පීරිස් ද එක්වීම විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

මෙම ධාවන තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස තරග ආරම්භය සනිටුහන් කිරීමට මධ්‍යම පළාත් මහා ඇමති සරත් ඒකනායක මැතිතුමා එක් වන අතර ආසියානු ගෘහස්ථ රන් පදක්කම් ලාභී මීටර් 800 ධාවන ශූරි ගයන්තිකා අබේරත්න ද සහභාගී වීමට නියමිතයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මැක්ස්වෙල් මහතා,

“අපි ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ලොකු සැලැස්මක් එක්කම, ලංකාවේ ක්‍රීඩාවට වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. නුවරඑලිය කලාපයේ පාසල් දැරියන් ද මේ සඳහා එක් කර ගන්නට බලාපොරොත්තු වෙනවා.”

“සෑම වසරකම වගේ මෙවර ඔලිම්පික් දිනයේ දී E- SPORTS හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ වගේම කඳු නැගීම ඉසව්වෙනුත් අනාගතයේ දී පදක්කම් බලාපොරොත්තුවක් තබාගත හැකි නිසා ඒ සම්බන්ධවත් දැනුවත් කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඉඳුනිල්ගෙන් නව ජාතික වාර්තාවක්

2018 ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පදක්කම් බලාපොරොත්තුව වන මැදි දුර ධාවන …

E- SPORTS යනු පරිඝණකය හා සම්බන්ධ කර ගනිමින් සිදු කරන්නා වූ ක්‍රීඩාවක් වන අතර මේ වන විටදී ලොව පුරා ජනප්‍රියත්වයට පත් වී ඇත.

“E- SPORTS” ක්‍රීඩාව ගැන මාධ්‍ය දැනුවත් කිරීමක් ද එම සංගමයේ සාමාජිකයින් විසින් සිදු කළ අතර ක්‍රීඩාවේ ආදීනව සහ වැදගත්කම පිළිබඳව විස්තරාත්මක ඉදිරිපත් කිරීමක් ද සිදු විය.

අගෝස්තු 18 වැනිදා ඉන්දුනීසියාවේ දී ඇරඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේ “E- SPORTS” ක්‍රීඩාව ප්‍රථම වරට හඳුන්වා දීමේ ක්‍රීඩාවක් ලෙසට එක්වීම ආඩම්බරයක් වන බවත්, මෙම ක්‍රීඩාව 2022 චීනයේ හන්ග්ස්හොව් හිදී පැවැත්වෙන මීළඟ ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කමක් ගැනීමේ ඉසව්වක් ලෙස මෙම ක්‍රීඩාව වැදගත් වන බවත්  ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් මහතා පැවසිය.

අවසන් වශයෙන් ඔලිම්පික් දිනයට සමගාමීව පාසල් ළමුන් 200කට වඩා සහභාගීත්වයෙන් චිත්‍ර තරගයක් පැවැත්වෙන අතර ඔලිම්පික් ධාවන තරගයේ සියලුම සහභාගී වූ ක්‍රීඩකයන්ට වටිනා සහතිකයක් ද, චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග ප්‍රදානයට ජාතික ඔලිම්පික් කමිටු පාඨමාලා අධ්‍යක්ෂක ආචාර්ය බී. එල්. එච්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩමුළුවක් පවත්වමින් ඔලිම්පික් වටිනාකම ගැන දැනුවත් කිරීමක් ද සිදු කිරීමට කටයුතු යොදා ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<