ලාංකීය මුයි තායි සටන්කරුවන් ප්‍රථම වරට ජාත්‍යන්තරයේ

360
(courtesy-muaythaiontario.org)

පැවැත්වීමට නියමිත යොවුන් ලෝක ශූරතාවය සඳහා සහභාගී වීමට නියමිතයි. පසුගිය මැයි මස නාවලපිටියේ දී පැවති ප්‍රථම ජාතික මුයි තායි තරගාවලියේ යොවුන් අංශය ජය ගත් ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

පළමු ජාතික මුයි තායි තරගාවලියේ ජය නාවිකයන්ට

ලොව ජනප්‍රියතම සටන් ක්‍රීඩා අතරින් එකක් සේ සැලකෙන මුයි තායි ක්‍රීඩාව මෙරට තුළ ද..

ලාංකික මුයි තායි කණ්ඩායමක් ජාත්‍යන්තරය හමුවේ තරග වදින ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂී කරුණකි. මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වීමට ජාත්‍යන්තර ආධුනික මුයි තායි සංගමය (IFMA) සියලු කටයුතු සූදානම් කර ඇත. ජාතික යොවුන් සංචිතය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සමන්විත අතර තිදෙනෙකුගෙන් යුත් නිලධාරීන් මඩුල්ලක් ද තරගාවලියට සහභාගී වේ. සංචාරයට සහභාගී වන ශ්‍රී ලාංකික කණ්ඩායම පහත දැක්වේ.

ක්‍රීඩකයා                                                            වයස් කාණ්ඩය බර පන්තිය
J.M.V.G.U.I. ජයසිංහ                                         අවු: 14-15                                 48 Kg
J.I.D. රත්නායක                                                අවු: 14-15                                 40 Kg
M.G.K.K. ගුණවර්ධන                                        අවු: 14-15                                 42 Kg
M.G.T.I. ප්‍රියදර්ශන                                           අවු: 14-15                                 56 Kg
N.N.M. හෙට්ටිආරච්චි                                       අවු: 14-15                                 38 Kg
K.M.D.Q.R.P. කැකුලන්දර                                 අවු: 12-13                                 45 Kg
A.D. ප්‍රේමරත්න                                                 අවු: 14-15                                 54 Kg
E.M.M.M.M. පීරිස්                                              අවු:10-11                                  35 Kg
J.V.T.H. ජයවර්ධන                                            අවු: 10-11                                  35 Kg
H. අබේසිංහ                                                      අවු: 16-17                                  48 Kg
  • පුහුණුකරු – ජමිත ගයාන් බණ්ඩාර
  • සහාය පුහුණුකරු – M.K.D.තිලකසිරි.
  • කළමනාකරු – J.A. ජයරත්න

මෙම සංචිතයේ සිටින ක්‍රීඩකයින් 10 දෙනාගෙන් 6 දෙනෙක්ම හඟුරන්කෙත පල්ලේබෝවල  විද්‍යාලයෙන් තේරී පත් වූ ක්‍රීඩකයින් වීම සුවිශේෂී කරුණකි.

පල්ලේබෝවල විද්‍යාලයේ ක්‍රීඩකයින් 6 දෙනා තම පුහුණුකරු සමඟ

මෙහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලාංකික කණ්ඩායම සමත් වුවහොත් එළඹෙන 2021 වසරේ යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්තාව හිමි වීමයි.

මාරාන්තික සටන් කලාවන්

ඇතැම් විට හදිසි සටනක් මධ්‍යයේදී සටන්කරුවන්ගේ ජීවිතය තොරවීමෙන් පවා..

ThePapare.com සමඟ තම අදහස් දක්වමින් ජාතික මුයි තායි කණ්ඩායමේ පුහුණුකරු ජමිත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

“ලංකාවෙන් පළමු වතාවට තමයි මුයි තායි කණ්ඩායමක් රට නියෝජනය කරන්නේ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් ටිකට් එක දෙනවා. තරගාවලියේ අනෙක් වියදම ටිකක් දරන්න අමාරුයි දුප්පත් දරුවෝ නිසා. ගොඩාක් කට්ටියගේ උදවු උපකාර අවශ්‍ය වෙනවා තරගාවලියට. ජාතික මුයි තායි සංගමයේ සභාපතිතුමා අශෝක ජයරත්න සහ ජාත්‍යන්තර සම්බන්ධිකාරක ලෙස කටයුතු කරන මිරාන් නිලංගන යන මහත්වරු උපරිම ලෙස උදවු උපකාර කරන බවත් මතක් කරන්න ඕනි. ජාතික මුයිතායි සංගමය හැම වෙලේම මෙම දරුවන්ගේ පුහුණු  කටයුතු වලට උදවු කරනවා.”

තායිලන්තයේ ජාතික ක්‍රීඩාව වන මුයි තායි සටන් කලාව “තායි බොක්සිං” යන නමින්ද හඳුන්වයි. මෙහි දී ශරීරයේ අස්ථි 8ක් යොදා ගනිමින් සටන් වදියි. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වූ ONG BAK චිත්‍රපටියේ ද පදනම් වී ඇත්තේ මුයි තායි සටන් කලාවයි.

මෙම මුයි තායි යොවුන් ලෝක ශූරතාවය ජයගෙන එළඹෙන 2021 වසරේ යොවුන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ වරම් හිමි වේවා! යි ThePapare.com අප සුබ පතන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<