ආසියානු ක්‍රීඩාවලට මූලික හොකී සංචිතයක් තෝරා ගැනේ

231

එළඹෙන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් තෝරාගෙන ඇත.

කොළඹ හොකී තරගාවලිය සාර්ථකව අවසන්

කොළඹ හොකී සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ හොකී ලීග් තරගාවලිය 19 හා 20 (ඊයේ) කොළඹ Astro turf පිටියේ දී පැවැත්විය. කොළඹ දිස්ත්‍රික්කය තුල…

පසුගිය සතියේ කොළඹ කෘතීම හොකී පිටිය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද තෝරා ගැනීමේ පරීක්ෂණවල දී දැක්වූ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම ජාතික පුහුණු හොකී සංචිතය නම් කර ඇත. පසුගිය මස ඕමානයේ දී පවත්වන ලද ජාත්‍යන්තර මට්ටමේ හොකී තරගාවලියකට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම එහි ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරමින් මේ වසරේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලට වරම් දිනා ගත්තේය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකා හොකී කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 17ක් ද ඇතුළත් කරමින් මෙම පුහුණු සංචිතය නම් කර තිබීම සුවිශේෂී කරුණකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර (ජාතික හොකී කණ්ඩායම් පුහුණුකරු), පුලතිසි ලැනරෝල් (සහය  පුහුණුකරු), ජයන්ත සියමුදලි (ශාරීරික යෝග්‍යතා පුහුණුකරු) යන මහත්වරුන් විසින් මෙම ශ්‍රී ලංකා ජාතික හොකී කණ්ඩායම් පුහුණු සංචිතයේ පුහුණුවීම් සිදු කරනු ඇත.

ආරක්ෂක සේවා කණ්ඩායමට හොකී ශූරතා ද්විත්වයක්

ජාතික ශූරතා ජ්‍යේෂ්ඨ හොකී තරගාවලියේ කාන්තා හා පිරිමි අවසන් මහා තරග ඊයේ (21) කොළඹ ඇස්ට්‍රෝ ටර්ෆ් පිටියේ දී පැවැත්විය. එහි කාන්තා හා පිරිමි…

මූලික පුහුණු සංචිතය – තරිඳු කුමාර හේන්දෙණිය, චමල්ක රුක්ෂාන්, ඉසංක කුමාර ජයසුන්දර, නලන්ත ද සිල්වා, ධම්මික රණසිංහ, තිළිණ පෙරේරා, දමිත් මදුසංක බණ්ඩාර, මධුරංග විජේසිංහ, සමින්ද සජිත් කොස්තා, තරංග ගුණවර්ධන, මුදිත බණ්ඩාර, සඳරුවන් ප්‍රියලංකා, අනුරාධ සුරේෂ් රත්නායක, ප්‍රමෝද් උදයශාන්, මොහොමඩ් මුලාෆර්, රජිත කුලතුංග, ලහිරු ගිහාන් වීරසූරිය, හරින්ද්‍ර පුෂ්පකුමාර ධර්මරත්න, එම්.ජී. සංජිව, පුෂ්පකුමාර හේන්දෙණිය, එරංග හේන්දෙණිය, ශමික ගුණවර්ධන, ධාරක ප්‍රියභාෂිත බණ්ඩාරතැන්න, ගිහාන් මධුශංක ජයරත්න, ගිහාන් සංගීත් අමරසිංහ, විපුල් ධනුෂ්ක ප්‍රනාන්දු, දිනුක නුවන් වීරසිංහ, ෂෙරාන් නිමංක, චන්දන චතුරංග චන්ද්‍රසේන, සමීර මධුශාන් වීරසූරිය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<