ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රකාශයට ක්‍රීඩකයින් පරීක්ෂණයක් ඉල්ලයි

390

අදිසි හස්ත මගින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් එක්තරා මාධ්‍යයට කරන ලද ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක, උප නායක ඇතුළුව ගිවිසුම්ගත ක්‍රිකට් ක්‍රීඩකයින් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.

ක්‍රිකට් ආයතනය නොමග යවලා – පානදුර ක්‍රීඩා සමාජයෙන් චෝදනාවක්

චාමර සිල්වා ඇතුළු සිය කණ්ඩායමට පැනවූ තරග තහනම ඉවත් නොකරන්නේ නම් ඒ පිළිබඳ නීතියේ පිළිසරණ පැතීමට සිදුවන බව පානදුර ක්‍රීඩා..

පසුගිය සැප්තැම්බර් 8 වැනිදා එක්තරා විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ විකාශනය වූ වැඩසටහනකට සහභාගි වෙමින් කරන ලද ප්‍රකාශ 9ක් පිළිබඳව කරුණු දක්වන මෙකී ක්‍රීඩකයෝ ඔහුගේ ප්‍රකාශය තුළින් බලවත් කනගාටුවට පත්ව ඇත. තවද ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සාමාන්‍ය ජනතාවට හා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉමහත් අවිශ්වාසයක් හා කනස්සල්ලක් ඇති කරන බවත් ඔවුන් වැඩිදුරටත් එම ලිපිය මඟින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සියයට දෙසීයක්ම කැපවීමෙන් කටයුතු කරන අතර, තමන් සිය පවුල් සමඟින් ගත කරන කාලය ද කැප කරමින් සිය මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කරන විට, අස්වාභාවික ලෙස හෝ අදිසි හස්තවල බලපෑමකට යටත්ව රටට ජයග්‍රහණයක් අහිමි කිරීමට පෙලඹේ යැයි කිසිවෙකු සිතීම, විමතිය දනවන කරුණක් බවත් ඔවුහු වැඩිදුරටත් එහි දී පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සාමූහික වශයෙන් මෙම අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයෝ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද බරපතළ චෝදනා සම්බන්ධව කඩිනමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔහුව කැඳවා එම චෝදනා පිළිබඳව කරුණු විමසන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.

ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ, එවැනි ඕනෑම පරීක්ෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සියලු දෙනාම උපරිම සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥා දෙන  මෙම ක්‍රීඩකයෝ, මින් ඉදිරියට ද ක්‍රිකට් ක්‍රීඩාවට වගකිව යුතු හා සෘජුව සම්බන්ධ පුද්ගලයින්, ක්‍රීඩකයින් කෙරෙහි චෝදනා එල්ල කළ සැණින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සිදුකරන ලෙස ද ඔවුන් එම ලිපිය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට