ජාතික වයස් කාණ්ඩ පිහිනුම් තරගාවලිය ලබන අගෝස්තුවේ 

283

44 වන වරටත් පැවැත්වෙන ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලිය එළඹෙන අගෝස්තු 9 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිනුම් තටාකාංගනයේ දී ආරම්භ වීමට නියමිතය. තරගාවලිය දින හතරක් පුරා පැවැත්වෙනු ඇත.

රාජකීය-සාන්ත තෝමස් පිහිනුම් තරගාවලියේ ජය රාජකීයයන්ට

දශක ගණනක් පුරා ක්‍රීඩාවන් රාශියක සුහද ප්‍රතිමල්ලවයින් වන කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත…

වයස අවුරුදු 11න් පහළ සිට වයස අවුරුදු 20න් පහළ දක්වා වයස් කාණ්ඩ පහක් යටතේ තරග පැවැත්වෙන අතර වයස 20න් ඉහළ කාණ්ඩයට 1998 වසරට පෙර ඉපදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග වදිනු ඇත.

දින හතරක් පුරා මූලික තේරීම් තරග 176ක් හා අවසන් මහා තරග පැවැත්වෙන අතර පාසල් මෙන්ම පිහිනුම් ක්‍රීඩා සමාජ ද නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් පමණ තරගාවලියට එක්වනු ඇත. 2017 වසරේ බාලිකා ශූරතාවය දිනා ගත්තේ කොළඹ විශාකා විද්‍යාලය වූ අතර බාලක ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය දිනා ගන්නා ලදි.

2017 වසරේ විශාකා විද්‍යාලය ලකුණු 445.5ක් ලබාගත් අතර දෙවන ස්ථානය දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මේ වසරේ දී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. 15 වතාවක් සමස්ත ලංකා පාසල් පිහිනුම් ශූරයින් වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මෙවර ද සිය ශූරතාව රඳවා ගැනීමේ අරමුණින් තටාකයට පිවිසෙනු ඇත.

ගංගා සෙනෙවිරත්න, රමුදී සමරකෝන්, අකලංකා පිරිස්, නිභාෂි පෙරේරා, විනොලි කළුආරච්චි ඇතුළු පාසල් පිහිනුම් තරු රැසක් මේ තරගාවලියට එක්වනු ඇත.

තරගාවලියේ ප්‍රතිඵල, වාර්තා, තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<