Home Sinhala රවිඳුගේ නොදැවුණු ශතකය තෝමසුවන්ගේ සිහිනවලට පණ දෙයි!

රවිඳුගේ නොදැවුණු ශතකය තෝමසුවන්ගේ සිහිනවලට පණ දෙයි!

176

පුරා මාස ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ක්‍රමයෙන් අවසානය කරා ළඟා වෙමින් තිබේ.

ඒ අනුව මෙම තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ පැවති අවසන් පූර්ව තරගයට අද (03) එක්වූයේ කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලයයි. පිළිමළුන් පිටුදැකීමේ දෙදින තරගයක් වශයෙන් ක්‍රියාත්මක වන මෙහි මුල් දිනය නිමා වෙද්දී තෝමස් ක්‍රීඩක රවිඳු ද සිල්වා විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත්කම් දැක්වීය.

රිච්මන්ඩ් අවසන් වටයට යද්දී හා තර්ස්ටන් අවසන් 4ට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්…

ඒ අනුව කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ තරගයේ මුල් දිනය නිමා වූයේ සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයින් මෙන්ම ආධාරකරුවන් ද ප්‍රීති ප්‍රමෝදයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඔවුන් අද තම පිතිකරණ අපේක්ෂා එලෙසින්ම ඉටුකර ගැනීමට සමත් විය. දිනය පුරාවට කඩුලු 4ක් පමණක් අහිමි කර ගත් ඔවුන් මේ වන විට ලකුණු 311ක් තම පාසල් නාමය ඉදිරියෙන් සනිටුහන් කරගෙන අවසන්ය. ඒ පන්දුවාර 92ක් පුරාවට පිතිකරණයේ යෙදෙමිනි. ඒ අනුව හෙට දිනයේ තෝමසුවන් ලබා දෙන ඉලක්කය හඹා යාම නාලන්ද විද්‍යාලයට කිසිසේත්ම පහසු වේ යැයි සිතිය නොහැකිය.

අද උදෑසන නියමිත වේලාවටම ඇරඹුණු තරගයේ මුල් කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු මෙන්ම සාන්ත තෝමස් විද්‍යාලයේ නායක සිතාර හපුහින්න දැවී ගියේ ලකුණු 6ක් පමණක් ලබා සිටිය දීයි. ඔහුගේ ආදේශකය ලෙස පිටියට පිවිසි දකුණත් පිතිකරු රයන් ප්‍රනාන්දුටත් සාර්ථක වන්නට නාලන්දා පන්දු යවන්නන් ඉඩක් ලබා දුන්නේ නැත. රයන් ලබා ගත්තේ ලකුණු 9ක් පමණි. මේ ආකාරයට තරගය ඇරඹී මුල් හෝරාව තුල නාලන්දාව දස්කම් දැක්වූවද එතැන් පටන් තෝමසුවන් ගොඩ නැගූ ලකුණු සබඳතා නිසා ඔවුන්ට ඉන් එහාට තරගයේ වාසිය රඳවා ගැනීමට හැකි වූයේ නැත.

වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරු ශලීන් ද මෙල් අද ක්‍රීඩා කළ ඉනිම ප්‍රශංසාවට ලක්විය යුතු මට්ටමක තිබූ අතර තමන්ට ලැබුණු මුල් සහායකයින් දෙදෙනා දැවී යද්දී ඔහු ලකුණු 68ක් වාර්තා කර ගනිමින් තෝමස් ඉනිම ස්ථාවර කරන්නට සමත් විය.

Tier B පිටියට බක්මහ අකුණුවන් ශතක වර්ෂාවක්

පානදුර ක්‍රීඩා සමාජයේ චරණ නානායක්කාර, කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ අකීල් ඉන්හාම්, විශාල්…

පන්දු 122ක් පිටියේ රැඳී සිටිමින් ශලීන් ගොඩ නැගූ මෙම ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් විය. ඔහු සමඟ අර්ධ ශතක සබඳතාවයකට මුල පිරූ යොහාන් පෙරේරා ලකුණු 42ක් රැස්කළේ හතරේ පහර 4ක් සමඟිනි. මොවුන් දෙදෙනා අතිවිශාල පෞද්ගලික ඉනිම් ක්‍රීඩා නොකළ ද ඔවුන් දමා දුන් ශක්තිමත් පදනම පසුපෙළ පිතිකරුවන්ට නිදහසේ ලකුණු රැස් කිරීමට දැඩි ආශීර්වාදයක් විය.

අද නාලන්දා නායක ලක්ෂිත මානසිංහ සහ වේගපන්දු යවන ක්‍රීඩක ජිතේශ් වාසල මොවුන් දෙදෙනා දවා ගැනීමට සමත් වුවද, එතැන් පටන් නාලන්දාවට මුහුණ දෙන්නට සිදු වූයේ ඉතාමත් කටුක සන්ධ්‍යාවකටයි. ඒ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු රවිඳු ද සිල්වා සහ උමයංග සුවාරිස් දිනය නිමා වෙද්දී නොබිඳුණු ලකුණු 123ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගා තිබෙන බැවිනි.

දකුණතින් පිතිකරණයේ යෙදෙන රවිඳු ද සිල්වා අද දිනය සඳහා තරගය නතර කරන්නට මොහොතකට පෙර අගනා වටිනා ශතකයක් වාර්තා කර ගත්තේය. පන්දු 170කට මුහුණ දුන් රවිඳු මෙම තීරණාත්මක තරගයේ දී ලකුණු 103ක් ලබාගෙන සිටින්නේ හතරේ පහර 13ක් සමඟිනි.

දිමුත් කරුණාරත්නට ඩොලර්වලින් ලොකු දඩයක්!

බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට්…

අනෙක් අන්තයේ සිට ඔහුට සවියක් වූ උමයංග සුවාරිස් දිනය නිමා වෙද්දී තම අර්ධ ශතකය සපුරා ගෙන සිටියි. හතරේ පහර 8ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට පන්දු 103ක් වැය විය. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ජිතේශ් වාසල කඩුලු 2ක් දවා ගනිද්දී නායක ලක්ෂිත මානසිංහ සහ චමිඳු විජේසිංහ එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

මේ වන විට තරගාවලියේ අවසානයට ලංවී ඇති නිසාමදෝ බොහෝමයක් පිතිකරුවන් ඉතාමත් ඉවසිලිවන්තව වගකීම කරට ගෙන පිත්ත හසුරුවනු අද දිනයේ දී දැකගන්නට ලැබුණි. ඒ අනුව තරගය බේරා ගැනීමට නම් හෙට දිනයේ දී නාලන්දා පිතිකරුවන් ද ඒ හා සමාන උනන්දුවක් හා කැපවීමක් පෙන්නුම් කිරීම අනිවාර්ය වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

S. Thomas’ College
551/9 (147.4)

Nalanda College
61/2 (19)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Lakshitha Manasinghe b Chamindu Wijesinghe 6 22 1 0 27.27
Shalin De Mel c Thanushka Dilhara Polgampola b Jithesh Wasala 68 122 11 0 55.74
Ryan Fernando c Raveen De Silva b Jithesh Wasala 9 25 1 0 36.00
Yohan Perera c Ranindu de Silva b Lakshitha Manasinghe 42 119 4 0 35.29
Ravindu De Silva b Dineth Samaraweera 213 387 22 1 55.04
Umayanga Suwaris c Anudha Jithwara b Jithesh Wasala 155 304 17 1 50.99
Kalana Perera c & b Dineth Samaraweera 9 5 0 0 180.00
Dellon Peiris c Avishka Perera b Dineth Samaraweera 3 7 0 0 42.86
Kishan Munasinghe not out 6 12 0 0 50.00
Dilmin Rathnayake lbw b Dineth Samaraweera 0 1 0 0 0.00


Extras 40 (b 17 , lb 9 , nb 8, w 6, pen 0)
Total 551/9 (147.4 Overs, RR: 3.73)
Fall of Wickets 1-14 (8.1) Sithara Hapuhinna, 2-39 (14.4) Ryan Fernando, 3-126 (38.2) Shalin De Mel, 4-188 (57.2) Yohan Perera,

Bowling O M R W Econ
Chamindu Wijesinghe 28 4 85 1 3.04
Dineth Samaraweera 16.4 5 57 4 3.48
Jithesh Wasala 20 1 76 3 3.80
Ranindu C de Silva 5 0 18 0 3.60
Lakshitha Manasinghe 28 2 96 1 3.43
Raveen De Silva 23 3 78 0 3.39
Kaveesh Madurapperuma 20 5 55 0 2.75
Mahima Weerakoon 19 3 49 0 2.58
Avishka Perera 6 0 13 0 2.17


Batsmen R B 4s 6s SR
Avishka Perera c Sithara Hapuhinna b Kalana Perera 0 5 0 0 0.00
Lakshitha Manasinghe b Kalana Perera 14 17 0 0 82.35
Ranindu de Silva not out 26 59 0 0 44.07
Thanushka Dilhara Polgampola not out 17 33 0 0 51.52


Extras 4 (b 4 , lb 0 , nb 0, w 0, pen 0)
Total 61/2 (19 Overs, RR: 3.21)
Bowling O M R W Econ
Kalana Perera 7 1 21 2 3.00
Yohan Perera 5 1 26 0 5.20
Dellon Peiris 4 0 7 0 1.75
Shannon Fernando 1 1 0 0 0.00
Dilmin Rathnayake 2 0 4 0 2.00