“ස්ටේන්ටයි රබාඩාටයි ගහන්න තමයි මං Plan කරලා තිබ්බේ.” – ඕෂද

2834

පසුගිය සෙනසුරාදා (23) නිමාවට පත්වුණු ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රාහී ලකුණ රැස් කිරීමට සමත් වුනේ නවක ක්‍රීඩක ඕෂද ප්‍රනාන්දු යි. එම තරගාවලිය ඔහුගේ මංගල ජාත්‍යන්තර තරගාවලිය වූ අතර දෙවන තරගයේ දී ඔහු නොදැවී ලකුණු 75ක් රැස් කිරීමට ද සමත් වුනා.

Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 3

ThePapare.com | 23/02/2019 | Editing and re-using images without permission…

කෝල්ට්ස් පිටියේ පැවති සී. සී. සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම අතර තරගයෙන් පසුව ඕෂදව හමුවීමට තේරීම් කමිටු සාමාජික බ්‍රෙන්ඩන් කුරුප්පු පැමිණියා. ඒ මොහොතේ ඕෂද සිතා ඇත්තේ එම තරගයේ සිදු වූ වැරදි පිළිබඳ සාකච්ඡා කර උපදෙස් ලබා දීමට ඔහු පැමිණෙන බවයි. නමුත් ඔහු පැමිණ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තමන්ව ඇතුළත් කර ඇති බව පැවසූ විට ඕෂද පුදුමයෙන් පුදුමයට පත්වුණා.

ඒ වන විටත් ඕෂද ප්‍රනාන්දු එකදු ජාත්‍යන්තර සංචාරයක් සඳහා සහභාගී වී නොතිබුණු අතර ඔහු ශ්‍රී ලංකා “A” කණ්ඩායම හෝ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකළ අයෙක්.

නමුත් බ්‍රයන් ලාරා, සචින් ටෙන්ඩුල්කාර් හෝ කුමාර් සංගක්කාර වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට කළ නොහැකි වූ “දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක ජයග්‍රාහී ලකුණ රැස් කිරීම” ට ඔහු සමත් වුනා.

ඕෂද මොරටුව කොරලවැල්ලේ දී උපත ලබන අතර ඔහුගේ පියා යුධ හමුදා නිලධාරියෙකු වේ. පළමුව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු පසුව මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් වීමට සමත් වන්නේ එම පාසලෙන් ලද ශිෂ්‍යත්වයක් නිසාවෙනි.

ඉන්දියාව දණ ගැස්වූ කැන්ගරුවන්ගේ අවසන් පන්දුවේ වික්‍රමය!

විස්සයි විස්ස තරගවල දී ඉන්දියාව පරාජය කිරීම අපහසුය. එය ඔවුන්ගේ රටේ දී ම සිදු කිරීම ඊට වඩා දස ගුණයක් අපහසුය…

Port Elizabeth ක්‍රිකට් පිටියේ පැවති දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී පිතිකරණයට ඕෂද ප්‍රනාන්දු පැමිණෙන විට ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 137ක් රැස් කිරීමට අවශ්‍යව තිබුණි. ලොව දක්ෂම වේගපන්දු බලඇණියට මුහුණ දීමට පිටියට පිවිසි ඕෂදගේ අරමුණ වූයේ කෙසේ හෝ නොදැවී සිටිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමටයි.

“මගේ සැලසුම වුනේ මුල ඉඳලම පන්දුවට පහර දෙන එක. වේගපන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන්න කියලා අපිට උපදෙස් ලැබුණා. දක්ෂ පන්දු යවන්නන් හමුවේ ඔබ නොදැවී සිටීම කියන්නේ ඔවුන් ඔබව දවා නොගන්නා තෙක් සිටීම පමණයි. සියලුම පිතිකරුවන්ට තම තමන්ගේ සැලසුම් අනුව පිතිකරණයේ යෙදෙන්න කියලා අපිට නිදහස ලබා දුන්නා. ඉතින් අපි අපිට දැනෙන විදිහට පිතිකරණයේ යෙදුණා.” කියා ඕෂද ThePapare.com වෙත පවසා සිටියා.

“Dale Steyn තමයි මුහුණ දෙන්න අපහසුම පන්දු යවන්නා. ඔහුගේ පන්දු දෝලනය වෙනවා. Rabada සහ Olivierගේ පන්දුවල තියෙන්නේ වේගය විතරයි. නමුත් Steynගේ පන්දුවල වේගය සහ දෝලනය යන දෙකම තියෙනවා. ඉතින් ඔහුගේ පන්දුවලට මුහුණ දෙන එක ගොඩක් අමාරුයි. නමුත් අපේ සැලසුම අනුව සියල්ල හොඳින් සිදුවුණු එක ගැන මං සතුටු වෙනවා.”

Photos : Sri Lanka vs South Africa 2nd Test 2019 | Day 2

ThePapare.com | 22/02/2019 | Editing and re-using images without permission…

“මං මගේ ජීවිතයේ ඒ වගේ වේගපන්දු වලට මුහුණ දීලා නැහැ. ඔවුන් තුන් දෙනාම ඉතා වේගවත්. මං Bowling Machine එකේ පුහුණුවීම් කිහිපයක් සිදු කළා. නමුත් ඔබ මීට පෙර මුහුණ දී නොමැති ආකාරයට දකුණු අප්‍රිකානු තණතීරු වල පන්දුව ඉපිලෙනවා. එවැනි පන්දු වලට Bowling Machine එකෙන් ඔබට පුහුණු වෙන්න බෑ.”

“පන්දුව ටිකක් පරණ වෙලා තිබුණට එය ප්‍රශ්නයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ. ප්‍රධානතම දේ තමයි ඉවසීමෙන් සිටින එක සහ අනවශ්‍ය පීඩනයක් ගන්නේ නැතුව ඉන්න එක.”

“අපි දැනගෙන හිටියා හොඳින් පිතිකරණයේ යෙදුනොත් ඒ ලකුණු හඹා යාම කරන්න පුළුවන් කියලා. කුසල් පෙරේරා වගේම ධනංජය සහ දික්වැල්ලත් පිතිකරණයට එන්න හිටියා. දකුණු අප්‍රිකානු කණ්ඩායම මුලින් කඩුලු දවා ගත්තේ නැති වු‍නොත් එය ඔවුන්ට ලොකු පීඩනයක් වෙනවා. අපේ සැලසුම වුනේ ඒ වෙලාවේ ලකුණු 10ක් විතර රැස් කරලා පසුව ඉතුරු ලකුණු ගණන රැස් කරන එක. අපි පිටියට ගියාට පස්සේ දැක්කා ඔවුන් පන්දු රකින්නන්ගේ ස්ථාන වෙනස් කරපු විදිහ. ඉතින් අපි Shots ගහන එක නැවැත්තුවා. එහෙම කියලා Loose Balls අතහැරියේ නැහැ. ඒත් පුළුවන් විදිහට එක් එක් ලකුණ රැස් කරන්න හැකි වුන එක ගැන අපි සතුටු වෙනවා.” කියා ඕෂද ප්‍රනාන්දු පැවසීය.

කුසල්, ඕෂද සමඟින් තවත් ක්‍රීඩකයින් රැසක් ඉහළට

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා…

“මං Winning Run එක ගහනකොට මට දරාගන්න බැරි සතුටක් ආවා. දකුණු අප්‍රිකාව කියන්නේ ගොඩක් කණ්ඩායම් ජයග්‍රහණය කරන්න ඇවිල්ලා පරාද වෙලා ගිය තැනක්. ඉතින් එහෙම තැනක තමන් ක්‍රීඩා කරන පළමු තරගාවලියේ ජයග්‍රාහී ලකුණ රැස් කරලා වාර්තාවක් තියන්නත් මට පුළුවන් වුනා.”

Rex Clementine විසින් රචිත My plan was to attack Steyn and Rabada – Oshada Fernando ලිපියේ සිංහල පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<