සුපිරි පියවරුන්ගේ සටන් අවසානයේ වැඩි ගෞරව මොරටුවට

390

My Dad, My Superstar ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග 3 ඊයේ (7) මොරටුව ද සොයිසා ක්‍රිකට් පිටියේ දී පැවති අතර එහි දී මොරටුව සාන්ත සෙබස්තියන්, වේල්ස් කුමර හා කොළඹ ආනන්ද කණ්ඩායම් පිළිවෙළින් Super-Dads, Champion-Dads හා Challenger-Dads ශූරතාවයන් දිනා ගන්නට සමත් විය.

සුපිරි පියවරුන්ගේ සටනේ අවසන් වටයට ප්‍රබල කණ්ඩායම් රැසක්

කාණ්ඩයන් තුනක් යටතේ පැවැත්වෙන My Dad, My Superstar 2019 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව…

Super-Dads අවසන් තරගය – සාන්ත සෙබස්තියන් හා සාන්ත පීතර  

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සෙබස්තියන් නායක රොමේෂ් කලුවිතාරණ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 15 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 123ක සාර්ථක ලකුණක් රැස් කළේය. එහි දී දිනූෂ ප්‍රනාන්දු ලකුණු 40ක් ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත විය.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සමන් ජයන්ත ලකුණු 34ක් ලබාගෙන සටන්කාමී පිතිකරණයක නිරත වුවත් මොහොමඩ් ඉක්‍රම්, සමන් ජූඩ් ඇතුළු සාන්ත සෙබස්තියන් පන්දු යවන්නන් ඉතාමත් හොඳින් තරගය පාලනය කිරීම නිසා තරගය පහසුවෙන්ම ජය ගැනීමට ඔවුන්ට හැකි විය.

සාන්ත සෙබස්තියන් කණ්ඩායම – 123/9 (15): දිනූෂ ප්‍රනාන්දු 40, නිරංජන් දාබරේ 3/17, මලින්ද වර්ණපුර 2/29, ඇන්ජලෝ රාජරත්නම් 2/38.

සාන්ත පීතර කණ්ඩායම – 100/6 (15): සමන් ජයන්ත 34, මොහොමඩ් ඉක්‍රම් 2/19, සමන් ජූඩ් 2/24.

සාන්ත සෙබස්තියන් කණ්ඩායමට ලකුණු 23ක ජයක්

කොදෙව් යොවුන් ක්‍රීඩකයා මංගල තරගයේ දීම වැඩ පෙන්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්ථා…

Champion-Dads අවසන් මහා තරගය – වේල්ස් කුමර හා සාන්ත තෝමස්

මේ තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලයට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 105ක් ලබා ගත් අතර ඒ අතරින් ලකුණු 44ක්ම වාර්තා වූයේ වජිර විජේගුණවර්ධනගේ පිත්තෙනි. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යැවූ සුරංග විජේනායක ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත්තේය.

Photos: My Dad, My Superstar Cricket Tournament 2019 | Finals

පිළිතුරු ඉනිම දියත් කළ වේල්ස් කුමර කණ්ඩායම ඉතාමත් දැවැන්ත පිති ප්‍රහාරයක් දියත් කරමින් තරගය ජයග්‍රහණය කළේ පන්දුවාර 9කුත් පන්දු 5ක් පමණක් වැය කරමිනි. ඒ සඳහා සහන ගලප්පත්ති, කැලුම් ප්‍රනාන්දු හා වසන්ත ලාල් ප්‍රනාන්දු ලබා ගත් ලකුණු වේල්ස් කුමර විද්‍යාලයට ඉතාමත් වැදගත් විය.

සාන්ත තෝමස් කණ්ඩායම – 105/6 (15): වජිර විජේගුණවර්ධන 44, සුරේෂ් විජේසිංහ 28*, සුරංග විජේනායක 3/14.

වේල්ස් කුමර කණ්ඩායම – 108/1 (9.5): සහන් ගලප්පත්ති 36*, කැලුම් ප්‍රනාන්දු 32*, වසන්ත ලාල් ප්‍රනාන්දු 23*.

සුනිල සංග්‍රාම එක්දින තරගයේ ජය ශ්‍රී දේවානන්දයට

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන…

Challenger-Dads අවසන් තරගය – ආනන්ද හා නාලන්ද

කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දුවට පහර දුන් අර්ජුන රණතුංග ප්‍රමුඛ ආනන්ද කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 15 අවසානයේ ලකුණු 132ක් ලබා ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිලිණ කණ්ඩම්බි ලකුණු 40යි. පන්දු යැවීමේ දී ඉෂාර අමරසිංහ කඩුලු 3ක් තමන් සතුකර ගත්තේය.

ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය නාලන්දා කණ්ඩායම ප්‍රතිවාදීන්ට හොඳ සටනක් ලබා දුන් අතර අවසන් පන්දුවාරයට ලකුණු 13ක් ලබා ගත්තා නම් නාලන්දා කණ්ඩායම තරගය ජය ගැනීමට ඉඩකඩ තිබුණි.

නමුත් යොහාන් ජයවීර නොදැවී ලකුණු 49*ක් ලබා සිටි මෙවන් බෝපගේ පාලනය කරමින් ආනන්ද කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි. ඊට අමතරව තිලිණ කණ්ඩම්බි කැපී පෙනෙන ක්‍රීඩා විලාසයක් ප්‍රදර්ශනය කළේය.

ආනන්ද කණ්ඩායම – 132/7 (15): තිලිණ කණ්ඩම්බි 40, ඉෂාර අමරසිංහ 3/27, තරංග ධම්මික 2/14

නාලන්ද කණ්ඩායම – 124/8 (15): මෙවන් බෝපගේ 49*, චමින්ද රාජපක්ෂ 2/6, මුතුමුදලිගේ පුෂ්පකුමාර 2/18,  තිලින කණ්ඩම්බි 2/23, ඕෂධ වීරසිංහ 2/28.

ආනන්ද කණ්ඩායමට ලකුණු 6ක තියුණු ජයක්

තරගාවලියේ අවසානයේ විශේෂ සම්මාන කිහිපයක් ලබා දෙන ලදි,

  • තරගාවලියේ වීරයා – සමන් ජයන්ත (සාන්ත පීතර)
  • හොඳම පිතිකරු  – දිනූෂ ප්‍රනාන්දු (සාන්ත සෙබස්තියන්)
  • හොඳම පන්දු යවන්නා – නිරංජන් දාබරේ (සාන්ත පීතර)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<