ICC විසින් මුරලිට ගෞරව සම්මානයක්

686
Muttiah Muralitharan

පිට දඟ පන්දුවේ රජු වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අයි. සී. සී. ශූරයින්ගේ කුසලානය සඳහා නිල වශයෙන් ප්‍රවිශ්ටය ලබා දෙන්නා ලෙස තෝරාගෙන තිබේ. ICC විනිසුරුවරුන්ගේ තීරණය මත ප්‍රශංසනීයම දක්ෂතා පෙන්වූ ගෞරවනීය ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් වුනු ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමේ භාග්‍යය ද මුරලිදරන්ට හිමිවිය.

ජාතික තේරීම් කමිටුව වෙතයි, ඔබේ තේරීම කවුරුන් ද?

ICC චැම්පියන්ස් කුසලාන තරඟාවලිය සඳහා 15 දෙනෙකුගෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම සඳහා ඉතිරි වී ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

මුරලිට හිමිවුනු මෙම ගෞරවය අපට ඉතාමත් විශාල ආඩම්බරයක්. අපට ඔහු ගැනත් ඔහු ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන දුන් අති මහත් කීර්තියත් පිළිබඳවත් විශාල සතුටක් තිබෙනවා. ඔහු විශිෂ්ටතම ක්‍රීඩකයින්ගේ කාණ්ඩයට අයත් විය යුතු බවට සාක්ෂි ඔහුගේ අද්විතීය ක්‍රීඩා දිවියෙන් ඕනෑ තරම් සොයා ගත හැකියි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ඈශ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

විධායක අධ්‍යක්ෂකවරයා මෙම ප්‍රවිශ්ටය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේ මුරලිදරන්ට බංග්ලාදේශ සංචාරය, ඉන්දියානු සංචාරය හෝ අයි. සී. සී. ශූරයින්ගේ කුසලාන තරගාවලි වලින් එකකට ප්‍රවිශ්ටය ලබා දීම සඳහා ඔහුට ඉඩ හසර වෙන් කර දුන් බවත්, එහි දී මුරලි විසින් මෙම වර්ෂයේ ජුනි මාසයේ දී එංගලන්තයේ දී සහ වේල්සයේ දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයට ප්‍රවිශ්ටය දීමට තෝරා ගත් බවයි.

මුරලිදරන් විසින් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි එක්දින තරඟයට ප්‍රවිශ්ටය ලබා දීමට සූදානමෙන් පසුවෙයි. ඔහු සමඟ මෙම වැදගත් කර්තව්‍යය සඳහා නම් කර ඇති අනෙකුත් විශිෂ්ටයින් තිදෙනා වන්නේ හිටපු ඕස්ට්‍රේලියානු නායිකා කේරන් රෝල්ටන්, ඩොන් බ්‍රැඩ්මන්ගේ අනභිභවනීය කණ්ඩායමට ක්‍රීඩා කළ ආතර් මොරිස් සහ ටෙස්ට් තරග 16කින් කඩුලු 100ට ලඟා වුනු 19 වැනි සියවසේ සිටි අසහාය වේග පන්දු යවන්නෙකු වන ජෝජ් ලෝමන්ය. ඔවුන් තමන් තරඟ අතරතුර දී පැළඳි අනුස්මරණ හිස්වැසුම් සමඟින්ම ගෞරවණීය අවස්ථාවට සහභාගි වනු ඇති අතර ලෝමන් සහ මොරිස් වෙනුවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාවට එක්වනු ඇත.

ICC විධායක අධ්‍යක්ෂක ඩේවිඩ් රිචර්ඩ්සන් මෙම කීර්තිමත් ක්‍රීඩකයන් සිව් දෙනාටම සුබ පතමින් කියා සිටියේ, “ICC විනිසුරුවරුන්ගේ තීරණය මත ප්‍රශංසනීයම දක්ෂතා පෙන්වූ ගෞරවණීය ක්‍රීඩක ලැයිස්තුව මගින් දීර්ඝ කාලීන කීර්තිමත් ඉතිහාසයක් සහිත විශිෂ්ටයින්ව හඳුනා ගැනීම සිදු කරනවා. මේ වතාවෙදි ප්‍රවේශකයින් ලෙස කටයුතු කරන සිව්දෙනා ගෞරවණීය කාණ්ඩයට අයත් වීම සඳහා ඉතාමත්ම සුදුසුයි. මෑත කාලයේ සිටි විශිෂ්ටතමයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් හැඳින්විය හැකියි. ඔහුගේ දක්ෂතාවයත්, සංයමයත් ශ්‍රී ලංකාවට ටෙස්ට් සහ එක්දින තරග වල දී තරගකාරී කණ්ඩායමක් ලෙසින් ඉදිරියට පැමිණීමට අතිශයින්ම ඉවහල් වුනා.”

මුරලිදරන්ගේ අවසාන ජාත්‍යන්තර තරගය 2011 වර්ෂයේ දී පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය වූ අතර ඔහු තම ක්‍රීඩා දිවිය තුල දී ටෙස්ට් කඩුලු 800ක්, එක්දින කඩුලු 534ක් සහ විස්සයි විස්ස කඩුලු 13ක් බිඳ හෙලා ඇත. එමෙන්ම මුරලි 1993 සහ 2011 අතරතුර කාලයේ දී ශ්‍රී ලංකාවට එක්දින තරග වල දී සාර්ථක වීමට දැවැන්ත රුකුලක් වූ අතර 1996 ලෝක ශූරයින් බවට පත්වූ කණ්ඩායමේ සහ 2002 වර්ෂයේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම ශූරයින් බවට පත්වූ ICC ශූරයින්ගේ කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙකු බවට පත්විය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට