මුරලි කුසලානයේ පළමු දිනය තුලම පෙරලියක්

1320
Murali Cup 2016 1st Day round up

ලොව බිහිවූ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නායකත්වය ඇතිව මෙවරද සංවිධානය කරනු ලබන “මුරලි සමගි කුසලාන” තරගාවලිය, කණ්ඩායම් 24, කාණ්ඩ 6ක් ඔස්සේ තරග වැදෙමින් අද (21) ආරම්භ විය. අද දිනය තුළ  තරඟ 11 උතුරු පළාතේ ක්‍රීඩාංගණ කිහිපයක දීම සාර්ථකව  නිමාවිය.

පසුගිය ලිපි: කුමාර් සංගක්කාර “මුරලි සමගි කුසලානයට” ඇරඹුම තබයි

යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්වූ මෙම තරඟය යාපනය සාන්ත පැට්‍රික් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

පළමුව පිතිකරණයේ නිරත වුනු යාපනය කණ්ඩායම වෙනුවෙන් එස්. පී. ජේ. ෆෙලෙමින් ලකුණු 28ක් ලබාගෙන තම කණ්ඩායම සඳහා අඩිතාලමක් දමන ලදි.

යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම – 81/10 (16.1): එස් .පී. ජේ. ෆෙලෙමින් 28, කේසවාන් සාජාන්තන් 11, සචින් අභිෂේක් පෙරේරා 2/08, චාරුක හතරසිංහ 2/11, ගනිත් සංදීප 2/18

4 පහරවල් 2 ක් හා 6 පහරවල් 3 ක් සමඟින් හිමේෂ් රත්නායක රාජකීය විද්‍යාලය වෙනුවෙන් නොදැවී ලකුණු 35*ක් ලබාගෙන දක්ෂතා දක්වන ලදි.

රාජකීය විද්‍යාලය –85/2 (12.5):  හිමේෂ් රාමනායක 35*, රොනුක ජයවර්ධන 25, වසන්තන් ජතුශන් 1/05

රාජකීය විද්‍යාලය මෙම තරඟය කඩුලු 08කින් ජයග්‍රහණය කරන ලදි.


ඡායාරූප ඇල්බමය

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම හා උඩරට පාසල් ඒකාබද්ධ කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය ද A කාණ්ඩයේ තරගයක් ලෙස යාපනය පැට්‍රික් විද්‍යාල පිටියේදී පැවැත්විණි.

චතුර මිලාන් පන්දු 53කදී 4 පහරවල් 10ක් හා 6 පහරවල් 5ක් සමඟ වේගවත් ලකුණු 104*ක් නොදැවී ලබා ගනිමින් තම කණ්ඩායම දැවැන්ත ලකුණකට ගෙනයන ලදි.

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම – 231/02 (20): චතුර මිලාන් 104*, කවීශ් දිල්රංග 53, අමිදු උදාර 28, නුවන් ජයසුන්දර 1/27

4 පහරවල් 4ක් සමඟ පී. වී. ජී. චානුක තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 38*ක් නොදැවී ලබාගැනීමට සමත් වූ අතර ඔහුට සහය දුන් චමෝද් බණ්ඩාර 4 පහරවල් 5ක් සමඟ ලකුණු 24ක් ලබාගත්තද එම ලකුණු ප්‍රමාණය තම කණ්ඩායමේ  ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

උඩරට පාසල් සංයුක්ත කණ්ඩායම – 111-05 (20): පී. වී. ජී. චානුක 38*, චමෝද් බණ්ඩාර 24, නිශාන් ප්‍රියන්කර 1/15, හර්ෂජිත් රුශාන් 1/18

සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම ලකුණු 122ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


යාපනය මැදි විදුහල් කණ්ඩායම හා මරදාන සාන්ත ජෝශප් විද්‍යාල කණ්ඩායම අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්වූ මෙම තරඟය යාපනය මැදි විදුහල් පිටියේදී පැවැත්විණි.

පළමුව පිත්ත අතට ගත් මරඳාන සාන්ත ජෝශප් කණ්ඩායම වෙනුවෙන් රෙවාන් කෙලී 4 පහරවල් 12ක් හා 6 පහරවල් 3ක් සමගින් ලකුණු 101*ක් නොදැවී ලබාගෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය –187/02 (20): රෙවාන් කෙලී 101*, ජෙහාන් ඩැනියල් 67*, කියෝන් ඩැනියල් 1/32

ලකුණු 188ක දැවැන්ත හඹායාමකට පිටියට පැමිණි යාපනය මැදි විදුහල් කණ්ඩායම තියුණු සටනක් ලබාදුන් අතර තම කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී කාන්ත රාජ් කොවත්මාන් 4 පහරවල් 3ක් හා 6 පහරවල් 2ක් සමඟින් දස්කම් දැක්වීමට සමත් වුවද, අවසානයේ තියුණු ජයක් ලබාගැනීමට සාන්ත ජෝශප් කණ්ඩායම සමත් විය.

යාපනය මැදි විදුහල් කණ්ඩායම –155/07 (20): ශ්‍රී කාන්ත් රාජ් කොවත්මාන් 38, විජයාස් දිනෝජන් 34, සචිත ද සිල්වා 2/27

සාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 32ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම හා මරඳාන සහිරා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයද B කාණ්ඩයේ තරඟයක් ලෙස යාපනය මැදි විදුහල් පිටියේදී  පැවැත්විණි.

මෙම තරගයේ දී සහිරා විද්‍යාලයට මොණරාගල පාසල් ක්‍රීඩකයින් දැඩි අභියෝගයක් එල්ල කල අතර මොණරාගල කණ්ඩායම වෙනුවෙන් කවිශ්ක දිනේෂ් ලකුණු 12ක් තුළ කඩුලු 3ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සහිරා විද්‍යාලය –61/10 (16.4): මොහොමඩ් සම්මුදීන් 13*,සාබීර් හුසේන් අනෆාස් 10, කවිශ්ක දිනේෂ් 3/12

ලකුණු 62ක ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි මොණරාගල පාසල් සංයුක්ත  කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 4ක් හා එක් 6 පහරක් සමගින් ලකුණු 26ක් ලබාගැනීමට ඉන්දික නුවන් සමත් විය.

මොණරාගල පාසල් සංයුක්ත කණ්ඩායම – 65/5 (14.2): ඉන්දික නුවන් 26, පසිදු නෙරන්ජන් 13, මොහොමඩ් අදීල් 1/11

අවසානයේ මොණරාගල කණ්ඩායම මෙම තරගාවලියේ නියම අරමුණු ඉටුකරමින් කොළඹ සහිරා විදුහල් කණ්ඩායම කඩුලු 5කින්  පරාජයට පත්කරමින් පළමු දිනය තුලම පෙරලිකාර ජයක් ලබාගැනීමට  සමත් විය.


කිලිනොච්චි මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය ‍

මෙම තරඟය කිලිනොච්චි මැදි විදුහල් පිටියේදී C කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්විණි.

4 පහරවල් 5ක් හා 6 පහරවල් 3ක් සමඟ සුහඟ විජේවර්ධන, නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 59ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී විග්නේශ්වරන් පිරනවාන් ලකුණු 40ක් තුළ කඩුලු 3ක් දවාලමින් දක්ෂතා දක්වන ලදි.

නාලන්දා විද්‍යාලය – 134/10 (19.1): සුහඟ විජේවර්ධන 59, තනුශ්ක පොල්ගම්පල 14, අරුන්සලා අකිලාන් 3/19, විග්නේශ්වරන් පිරනවාන් 3/40

අනතුරුව පිටියට පැමිණි කිලිනොච්චි මුලතිව් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 12 සීමාව පසුකිරීමට කිසිදු ක්‍රීඩකයෙකු සමත් නොවූ අතර වැඩිම ලකුණු ලබාගන්නා ලද ක්‍රීඩකයා වන අත්පුත්රාස අනුස්කරාන් ලකුණු 12ක් ලබාගන්නා ලදි.

කිලිනොච්චි මුලතිව් පාසල් සංයුක්ත කණ්ඩායම – 78/10 (18.1): අත්පුත්රාස අනුස්කරාන් 12, යෝගේශ්වරන් සජීවන් 11, දසුන් සෙනවිරත්න 3/06

නාලන්දා විද්‍යාලය ලකුණු 56 කින් ජයග්‍රහණය කරන ලදි.


කළුතර  මධ්‍ය මහා විද්‍යාලය හා රත්නපුර සාන්ත ඇලෝසියස් කණ්ඩායම අතර තරඟය 

මෙම තරඟයද C කාණ්ඩයේ තරඟයක් ලෙස කිලිනොච්චි මැදි විදුහල් පිටියේදී පැවැත්විණි.

4 පහරවල් 5ක් සමඟ රාජිත නිර්මාල් ලකුණු 32කින් තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වන ලදි. මෙහිදී ශකිල අකලංක හා ඩිල්ශාන් ලක්ෂිත කඩුලු 3 බැගින් දවාලීමට සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 77/10 (18.3): රාජිත නිර්මාල් 32, ශකිල අකලංක 3/23, ඩිල්ශාන් ලක්ෂිත 3/07

ඩිල්ශාන් ජයවර්ධන සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එදිරිව 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 29*ක් නොදැවී ලබාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයන ලදි.

කළුතර මධ්‍ය විද්‍යාලය – 79/01 (12): ඩිල්ශාන් ජයවර්ධන 29*, චතුමින සිල්වා 11, මේනක දිල්හාර 1/11

කළුතර මහා විද්‍යාලය කඩුලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


මන්නාරම පාසල් සංයුක්ත කණ්ඩායම හා මහනුවර කිංස්වුඩ් කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය මන්නාරම Iodr ඕවල් පිටියේදී  D කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්විණි.

කිංස්වුඩ් විද්‍යාල කණ්ඩායම මන්නාරම් ක්‍රීඩකයින්ගේ පන්දු හමුවේ සැලකිය යුතු දස්කම් දැක්වීමට සමත් නොවූ අතර තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ තරිදු ලියනගේ 4 පහරවල් 2ක් සමඟ ලකුණු 24ක් ලබාගැනීමට සමත් විය.

කිංස්වුඩ විද්‍යාලය  –114/10 (16.1): තරිඳු ලියනගේ 24, අවිෂ්ක චන්ද්‍රසිරි 16, සුජාන් මෙයාස් 2/18, පරමේශ්වරන් අභිශාන් 2/28

අනතුරුව පිටියට පැමිණි මන්නාරම පාසල් සංයුක්ත කණ්ඩායම වෙනුවෙන් ලකුණු 8ක සීමාව පසුකල එකම ක්‍රීඩකයා වන සිතම්පරන්තන් රුක්ෂාන් 4 පහරවල් 2ක් සමඟ ලකුණු 13ක් ලබාගන්නා ලදි. යසෝද් හා ඩිල්ශාන් වලිසුන්දර කිංස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දුකරණයක නිරත විය.

මන්නාරම පාසල් සංයුක්ත කණ්ඩායම –49/10 (14.1): සිතම්පරන්තන් රුක්ෂාන් 13, යසෝද් කාවින්ද 3/10, ඩිල්ශාන් වලිසුන්දර 3/14

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය කණ්ඩායම ලකුණු 65කින් මෙම තරඟය ජයග්‍රහණය කරන ලදි.


ගාල්ල මහින්ද විද්‍යාලය හා මඩකළපුව-ත්‍රිකුණාමල පාසල් සංයුක්ත කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය ද D කාණ්ඩයේ තරඟයක් ලෙස මන්නාරම Iodr ඕවල් පිටියේදී  සාර්ථකව නිමාවිය.

පළමුව පිටියට පැමිණි මහින්ද විද්‍යාලය වෙනුවෙන් නායකත්වයේ ඉණිමක් දියත් කල රවිදු වැලිහිද 4 පහරවල් 4ක් හා 6 පහරවල් 3ක් සමගින් ලකුණු 59ක් ලබාගැනීමට සමත් විය.

මහින්ද විද්‍යාලය – 153/09 (20): රවිදු වැලිහිද 59, රෙශාන් කාවින්ද 20, ආර්. තෙනුත්තරන් 4/24, සුජාත් මොහොමඩ් 3/30

දෙවනුව පිටියට පැමිණි මඩකළපුව-ත්‍රිකුණාමල පාසල් සංයුක්ත කණ්ඩායම වෙනුවෙන් ෆාහීම් 4 පහරවල් 2ක් හා 6 පහරවල් 3ක් සමගින් ලකුණු 37ක් ලබාගත් අතර ප්‍රමිත් තෙවරප්පෙරුම කඩුලු 3ක් දවාලන ලදි.

මඩකළපුව-ත්‍රිකුණාමල පාසල් සංයුක්ත කණ්ඩායම- 126/10 (19): ජේ. එම්. ෆාහීම් 37, වී. විතුශාන් 20, ප්‍රමිත් තෙවරප්පෙරුම 3/19, නිපුන මාලිංග 2/10

ගාල්ල මහින්ද විද්‍යාලය ලකුණු 27ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

කාන්තා තරඟ – මාන්කුලම ක්‍රිකට් පිටියේදී

කාන්තා අංශය සඳහා පාසල් 8ක බාලිකාවන් කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය සඳහා සහභාගි වෙයි.

නිට්ටඹුව කාන්තා කණ්ඩායම හා ශක්ති කාන්තා කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය කාන්තා අංශයේ A  කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විණි.

පළමුව පිත්ත අතටගත් නිට්ටඹුව කාන්තා කණ්ඩායම වෙනුවෙන් මලීශා ධනංජලී ලකුණු 24ක් ලබාගත් අතර ඇයගේ ඉණිමට 4 පහරවල් 4ක් අන්තර්ගත කිරීමට ඇය සමත් විය.

නිට්ටඹුව කාන්තා කණ්ඩායම –120/10 (14.3): මලීශා ධනංජලී 24, සදනි ඩිල්ශානි 23, එම්. ජී. එස්. සෙව්වන්දි 3/23, උදාරා බණ්ඩාර 2/19

යසාරා ජයවික්‍රම තම කණ්ඩායම වෙනුවෙන් 4 පහරවල් 2ක් සමඟ ලකුණු 18ක් ලබාගන්නා ලදි. නායිකා සෙව්වන්දි ලකුණු 15*ක් නොදැවී ලබාගැනීමට සමත් විය.

ශක්ති කාන්තා කණ්ඩායම –75/6 (15): යසාරා ජයවික්‍රම 18, එම්. ජී. සෙව්වන්දි 15*, ශානිකා තරූශි 2/11

නිට්ටඹුව කාන්තා කණ්ඩායම ලකුණු 45 ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.


සීනිගම කාන්තා කණ්ඩායම හා මාතලේ කාන්තා කණ්ඩායම අතර තරඟය

මෙම තරඟය B කාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්විණි.

පළමුව පිටියට පැමිණි සීනිගම කාන්තා කණ්ඩායම වෙනුවෙන් කවීශා දිල්හාරි 4 පහරවල් 7ක් සමඟ දක්ෂ ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 51*ක් ලබා ගැනීමට සමත් විය.

සීනිගම කාන්තා කණ්ඩායම – 133/04 (15): කවීශා දිල්හාරි 51*, ඉරේෂා චතුරානි  32, කාවින්දි මහිංසලා 24, සදමිනි ලංකා 1/17

දෙවනුව පිතිකරණයේ නිරත වුනු මාතලේ කණ්ඩායම වෙනුවෙන් දීපිකා රත්නායක තම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට වෑයම් කලද එය සාර්ථක නොවීය.

මාතලේ කාන්තා කණ්ඩායම – 134/08 (15): දීපිකා රත්නායක 27, රූබි රාජින්ත 22, සත්‍යා සංදීපනී 3/23

මාතලේ කාන්තා කණ්ඩායම කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

හෙට දිනයේ (22) තවත් තරඟ කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට