යලි නොඑන්නට පැමිණි මියුනික් ගමන

802
Munich attack

ලෝක සාමය සහ ජාතීන් අතර එකමුතුකම වර්ධනය කිරීම සඳහා ආරම්භ වූ ඔලිම්පික් උළෙල, ලෝකයේ ඇති මහාද්වීපයන් පහම එකට යා කරමින් කළු – සුදු, උස – මහත සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවගේම ක්‍රීඩා හැකියාව මනින්නාවූ තරගාවලියකි. නමුත් මෙලෙස ලෝකයේ සාමය අරමුණු කරගෙන ආරම්භ වූ ඔලිම්පික් උළෙලද කිහිප වරක්ම ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්විය.

අහම්බෙන් මුණගැසුණු මලල ක්‍රීඩාවෙන් ලෝකයට ගිය සුනිල් ගුණවර්ධන

පුංචි කාලේ නොහික්මුණ, දඟකාරයන් කොපමණ නම් ඇත්ද? ඔවුන්ගේ දඟකාරකම් ගෙදරට මෙන්ම වටපිටාවටද හිසරදයක් වූ අවස්ථා නම් නැතුවාම නොවේ. එම



ඒ අතරින් 1972 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල හා සම්බන්ධ සිදුවීම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ අතර එම ඔලිම්පික් උළෙල පාදක කරගෙන පසු කාලීනව චිත්‍රපටද (Munich) නිර්මාණය වී තිබේ.

1972 වසරේ ඔලිම්පික් උළෙල පවත්වනු ලැබුවේ බටහිර ජර්මනියේ මියුනික් නගරයේ දීය. මෙම ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර ඒ අතරින් එක් විශේෂ පුද්ගලයෙකු ලෙස සුනිල් ගුණවර්ධන මහතා හැඳින්විය හැක.

ජර්මනිය මෙම ඔලිම්පික් උළෙලට නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය ලෙස රටවල් 2ක් ලෙසින් සහභාගී වුවද දේශපාලනික අර්බුද අමතක කරමින් නැගෙනහිර ජර්මනිය යම් කිසි ජයග්‍රහණයක් ලබාගත් විට නැගෙනහිර ජර්මානුවන් මෙන්ම බටහිර ජර්මානුවන්ද එක ලෙස ඔල්වරසන් නගමින් ප්‍රීති විය. මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 120,000ක් පමණ සහභාගී වී සිටි නමුත් එහි ආරක්ෂාව එතරම්ම ප්‍රමාණවත් නොවීය.  

මෙම ඔලිම්පික් උළෙලට සහභාගී වන ඊශ්‍රායල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ආරම්භයේ සිට අරාබි ත්‍රස්ත කණ්ඩායම් වල තර්ජන පැවතුනු බව ජර්මනිය මෙන්ම ඊශ්‍රායල් ඔත්තු සේවාවන්ටද දැන ගන්නට ලැබී ඇත. මියුනික් ඔලිම්පික් උළෙල ආරම්භ වීමටත් ප්‍රථම මියුනික් පොලිස් නිලධාරීන් මුණ ගැසෙන ඊශ්‍රායල් නියෝජිතයන් මේ පිළිබඳව සාකච්ඡා කර තම ක්‍රීඩකයන්ට ආරක්ෂාව උපරිමයෙන් සැලසීමට ක්‍රියා කරන ලෙස දන්වා තිබුනද ඔවුන්ට එකඟ වූ ආකාරයෙන්ම ආරක්ෂාවක් නොලැබිනි.

වේදනාවට අධිෂ්ඨානය එක්කළ ලහිරු කුරේ

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව ලොවම දැනගත් එක් අවස්ථාවක් ලෙස 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙල හැදින්විය හැක. ඒ මක්නිසාද මීටර 10000


“කළු සැප්තැම්බර්” (Black September) නම් පලස්තීන ත්‍රස්තවාදීන් පිරිසක් ඔලිම්පික් උළෙලට සතියකට පෙර මියුනික් නුවරට පැමිණ තිබූ අතර ඊශ්‍රායල් ඔත්තු සේවාවන්ටද එය දැන ගැනීමට නොහැකි වන ආකාරයට ඔවුන් එම සැලැස්ම සූක්ෂමව කර තිබුනි. මෙම සියලු ත්‍රස්ත කටයුතු සිදුවන්නේ සිරියාවේ බවට ඊශ්‍රායලයේ සහ ජර්මනියේ ඔත්තු සේවාවන්ට දැන ගන්නට ලැබී ඇත.

ත්‍රස්තයන් සමඟ ගනුදෙනු කළ පුද්ගලයන් අතර මෙම ඔලිම්පික් ගම්මානය සෑදීමට සහභාගී වූ කම්කරුවන් සිටීම නිසා ඔලිම්පික් ගම්මානයේ ව්‍යූහය පිළිබඳව මනා අවබෝදයක් ත්‍රස්තවාදීන් සතුවිය.

“ඔලිම්පික් වල තියනවා dancing floor එකක්. ඒක 7ට පටන් අරන් 11ට ඉවර වෙනවා. අපිත් ඒකට සහභාගී වුනා. එතන හිටියා හැම රටකම ළමයි. අපි ඒක ඉවර වෙලා හැමෝම rooms වලට ගියා. උදේ එක පාරටම නිවේදනයක් දීලා කිව්වා සියලු දෙනාම ඉන්න කාමර වල ඇඳන් යටට යන්න කියලා. අපි දැක්කා ඒ ළඟ ගොඩනැගිල්ලක ඉන්නවා කළු පාට හිස් ආවරණයක් දාගත්තු මනුස්සයෙක්. ඒකේ තමයි ඊශ්‍රායල් ළමයි හිටියේ.”

එම ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සුනිල් ගුණවර්ධන මහතා ඔහුගේ අත්දැකීම් කිහිපයක් එලෙස අප සමඟ බෙදා ගනිමින් පැවසීය.

හොඳින් ක්‍රීඩා කර තම රටට පදක්කමක් රැගෙන ඒමේ අරමුණින් ගිය බොහෝ තරගකරුවන්ට මෙය වෙනස්ම අත්දැකීමක් වුවත් මේ තමන්ගේ අවසාන ඔලිම්පික් අත්දැකීම කියා ඊශ්‍රායල් ක්‍රීඩකයන්ට නම් නොසිතෙන්නට ඇත. “කලෂ්නිකොව්” නම් රුසියාවේ නිෂ්පාදිත මැෂින් තුවක්කු සඟවාගෙන ත්‍රස්තවාදීන් ඇතුළු වී ඇත්තේ සැප්තැම්බර් මස 05 වනදා ය. ක්‍රීඩා ඇඳුම් වලින් සැරසුන ත්‍රස්තවාදීන් ඔලිම්පික් ගම්මානයේ තාප්පයෙන් පැන ඊට ඇතුළු වී තිබුනි. එහි සිටි කම්කරුවන් මෙම දර්ශනය දැක තිබුනත් ඔවුන් විසින් එය ගණනකට නොගෙන තිබුනේ මෙය සුලබවම සිදුවන දසුනක් නිසාය. මෙලෙස ඔලිම්පික් ගම්මානයට ඇතුළු වූයේ ත්‍රස්තවාදීන් බව එම කම්කරුවන් හීනෙකින් වත් නොසිතන්නට ඇත.

“ඊශ්‍රායල් අයව අල්ලගත්තේ අරාබි අය. මේ ත්‍රස්තවාදීන් මුලින්ම ගිහින් තියන්නේ රෙස්ලින් හරි බොක්සිං හරි කරන අය ගාවට. එක්කෙනෙක් ගිය ගමන්ම පිහියකිනුත් ඇනලා තිබුන මං හිතන්නේ. ඔහුට පස්සේ ත්‍රස්තවාදීන් වෙඩි තියලා තිබුනා. අල්ල ගත්ත ඊශ්‍රායල් ක්‍රීඩකයෙකුගේ පෙම්වතියක් මං ළඟට ඇවිත් ‘බලපන්කො බං, එයාලා මැරිලා නම් මට දුක නෑ. දැන් එයාලව මරන්න ගෙනියනවා’ කියලා. මට මතකයි එතකොට ඔක්කොමලා ටයි කොට් අන්දවලා පෝලිමට ගෙනියනවා.”  

මෙලෙස ඊශ්‍රායල් ක්‍රීඩකයින් නැවතී සිටි තැනට පැමිණි ත්‍රස්තවාදීන් එය ඔවුන් රැඳී සිටින ගොඩනැගිල්ල දැයි දැනගැනීමට පරීක්ෂා කර ඇත. මල්ලවපොර පුහුණුකරුවෙකු වන මොෂේ වෙයින්බර්ග්ගේ කාමරයට තට්ටු කළ පසු ඔහු දොර විවෘත කරන නමුත් සැනින් එය නැවත වසන ලද්දේ ඔහුගේ අතේ තිබූ තුවක්කුව දැකීමෙනි. අනෙක් ක්‍රීඩකයන්ට කාමරයෙන් පැනගන්නට යැයි පවසා ඔහු දොර තදින් අල්ලාගෙන සිට ඇති අතර නමුත් ටික වේලාවකින් පසුව එල්ල වූ වෙඩි පහරකින් ඔහුගේ ජීවිතය අවසන් විය.

ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වූ “අබේබේ බිකිලා”

පළමු වරට පාවහන් නොමැතිව (barefoot) ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ක්‍රීඩකයා වන්නේ ඉතියෝපියානු ජාතික අබේබේ බිකිලා


තවත් කාමරයක සිටි බර උසුලන ක්‍රීඩක යූසෙප් රොමානෝ පැන යාම පසෙක තබා පිහියක් අතැතිව ත්‍රස්තයන් සමඟ සටන් කළත් ඔහුට බරපතල තුවාල සිදුවී මරණයට පත්විය. යෝසෙෆ් නම් විනිසුරුකරුද දොර තදින් වසාගෙන අනෙක් ක්‍රීඩකයන්ට පැන යන්නට අවස්ථාව සලසා දී තිබුනි.

ත්‍රස්තවාදීන් පිරිස විසින් පවසා ඇත්තේ ඊශ්‍රායල් බන්ධනාගාර වල සිටින අරාබි සිරකරුවන් 234 දෙනා උදෑසන 9 වීමට ප්‍රථම නිදහස් කරන ලෙසය. එසේ නොකළහොත් සෑම මිනිත්තු 30කටම වරක් එක් ප්‍රාණ ඇපකරුවෙකු ඝාතනය කරන බව ත්‍රස්තවාදීන් විසින් දන්වා ඇත. එතනින් නොනැවතුණු ත්‍රස්තවාදීන් පවසා සිටින්නේ ප්‍රාණ ඇපකරුවන් සමඟ තමන් කැමති අරාබි රටකට යාමට ගුවන් යානයක් දෙන ලෙසය. මියුනික් පොලීසිය විසින් පොලිස් බටයන් සහ යුද ටැංකි උපයෝගී කරගෙන ත්‍රස්තවාදීන් සිටින ගොඩනැගිල්ල වටකරන අතර මියුනික් පොලිස් ප්‍රධානියාගේ බලවත් ඉල්ලීම මත ඔහුට ප්‍රාණ ඇපකරුවන් බැලීමට අවස්ථාවක් හිමිවිය.
ඊශ්‍රායල් රජය විසින් ප්‍රාණ ඇපකරුවන්ගේ සියලු වගකීම් ජර්මනියට බාර ගන්නා ලෙස පවසා ඇත. ඉන්පසු ජර්මනිය විසින්  බටහිර ජර්මනියේ අභ්‍යන්තර කටයුතු ඇමති හෑන්ස් ඩයට්රිච් පෞද්ගලිකව ත්‍රස්තවාදීන් සමඟ කතා කර ඔවුන් ඉල්ලන ඕනෑම මුදලක් ගෙවීමටත්, ඊශ්‍රායල් ක්‍රීඩකයන් වෙනුවට තම නිලධාරීන් පිරිසක් ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වීමට කැමති බවත් පවසා ඇත. මේ වනවිට ජර්මනිය විසින් සියලු උත්සාහන් යොදා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සැලසුම් සකස් කිරීම ආරම්භ කර ඇත. විශේෂ කැබිනට් හමුවක් කැඳවූ එවකට ජර්මනියේ චාන්සලර් විලී බ්‍රාන්ට් මහතා පෞද්ගලිකව මෙම සිද්ධියට මැදිහත් වීමට මියුනික් නුවරට පැමිණ ඇත.

“ඒගොල්ලෝ කියලා තිබුනා ක්‍රීඩකයන්ව අරන් යන්න බස් එකක් ඕනි කියලා. මෙයාලා බස් එකක් දීලා සැලසුම් කරලා තිබුනේ  ප්ලේන් එකට නගින කොට වෙඩි තියන්න. කොහොම හරි ජර්මනියේ සැලසුම වැරදුනා. ක්‍රීඩකයන් හැමෝටම වෙඩි තියලා මරලා දැම්මා. ඒක ඇත්තටම අමුතු අත්දැකීමක්. ඊටපස්සේ මැරුණු අයගේ මිනී ක්‍රීඩාගාරයට ගෙන්නල්ලා Track එකේ තියලා නැවතත් ඔලිම්පික් තරගාවලිය ආරම්භ කෙරුවා.”

අවසානයේදී ප්‍රාණ ඇපකරුවන් රැගෙන යාමට බස් රථයක් ලබා දෙන අතර පසුව හෙලිකොප්ටරයකට ඇතුළු වූ මෙම පිරිස ගමන් කර ඇත්තේ මියුනික් ගුවන් තොටුපොළටය. ත්‍රස්තයන් දෙදෙනෙකු හෙලිකොප්ටරයෙන් බැස ඔවුන්ට ගමන් කිරීමට සූදානම්ව තිබූ ගුවන් යානය පරීක්ෂා කිරීමට යන අතරතුර ජර්මානු ස්නයිපර් හමුදා බටයන් විසින් ඔවුන්ට වෙඩි තබා ඇති අතර එතැන් සිට පැයක පමණ කාලයක් වනතුරු වෙඩි හුවමාරුවක් සිදුවී ඇත. මෙම සටනේදී ත්‍රස්තයන් විසින් ප්‍රාණ ඇපකරුවන් සිටි ගුවන් යානයට වෙඩි තබා ඔවුන්ව ජීවිතක්ෂයට පත්කර තිබේ. අවසානයේදී මියුනික් පථය දිනන්නට පැමිණි ඊශ්‍රායල් ක්‍රීඩකයන්ට තම මව්රට බලා යාමට වාසනාව නොතිබා ජීවිත ගමනින් නික්ම යාමට සිදුවිය.  


                                        >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<