යුද හා ගුවන් සෙබළියන් ආධිපත්‍ය පතුරවයි

335

වොලිබෝල් ක්‍රීඩාවට කවදත් අතහිත දෙන මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව පවත්වනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” සුපර් ලීග් කාන්තා අංශයේ තවත් තරග කිහිපයක් අද (15) මහරගම තරුණසේවා සභා ගෘහස්ථ පිටියේ දී අවසන් වූ අතර, එහි දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදාව යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය.

වරාය ක්‍රීඩිකාවන් සහ යුද සෙබළියන් ඉදිරියෙන්

මන්චි ආයතනයේ අනුග්‍රාහකත්වය ඇති සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” 10 වැනි අදියරේ කාන්තා සුපර් ලීග් වටයේ තරග කිහිපයක්…

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව

ලකුණු 25–17ක්, 25–23ක් හා 25–07ක් ලෙස අවසන් වූ මෙම තරගයෙන් වට 3/0ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහි පළමු වට දෙක තුළ කරට කර සටනක දෙපිලම නිරත වුවත්, අවසන් වටය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට  ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. මෙම තරගය A කාණ්ඩයේ තරගයක් විය.

ශ්‍රී ලංකා යුද හමුදාව හා MAS කැෂුවල්ලයින්  

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය ද වට 3ක තරගයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩිකාවන්ට හැකි වූයේ, ඔවුන් මෙම තරගය තරග වට 3/0ක් ලෙස අවසන් කිරීම නිසාවෙනි. එහි දී පිළිවෙළින් ලකුණු 25-20ක්, 25–21ක් හා 25–16ක් ලෙස එම තරග වට තුන නිමා විය.

අද දිනය තුළ මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා අංශය යටතේ පැවැත්වූයේ තරග දෙකක් පමණක් වන අතර, මේ වන විට කාන්තා අංශයේ ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වී ඇත. එහි B කාණ්ඩයේ පළමු ස්ථානයේ දැනට පසුවන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමයි.

A කාණ්ඩයේ ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම W L W L අනුපාතය W L අනුපාතය
1 ගුවන් හමුදාව 2 0 5 6 2 3.000 183 132 1.386
2 වරාය අධිකාරිය 1 1 4 5 3 1.667 160 158 1.013
3 නාවික හමුදාව 0 2 0 0 6 MIN 97 150 0.647

 

B කාණ්ඩයේ ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම W L W L අනුපාතය W L අනුපාතය
1 යුද හමුදාව 2 0 6 6 0 MAX 150 88 1.705
2 MAS කැෂුවල්ලයින් 1 1 3 3 4 0.750 153 130 1.177
3 ජාතික තරුණ සේවා සභාව 0 2 0 1 6 0.167 86 171 0.503

 

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<