යුද, ගුවන්, විදුලි හා වරාය ක්‍රීඩකයෝ අපරාජීතව පෙරමුණේ

269

වොලිබෝල් ක්‍රීඩාව තවදුරටත් රට තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් මන්චී ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව වාර්ෂිකව සංවිධානය කරනු ලබන “මන්චි වොලිබෝල් තරගාවලියේ” සුපර් ලීග් වටයේ පිරිමි තරග ඔක්තෝබර් 12, 13, සහ 14 මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේ දී හා මීගමුව ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

2017 මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය ගලිගමුවෙන් ඇරඹේ

සිලෝන් බිස්කට්ස් සමාගමේ (CBL) ප්‍රමුඛතම සන්නාමය වන මන්චි අඛණ්ඩව 10 වන වසරටත් ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියට අනුග්‍රාහක දායකත්වය…

පිරිමි කාණ්ඩය තුළ එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් තුළ කණ්ඩායම් 8ක් තරග කරනු ලබයි. දැනට අවසන් වී ඇති තරගවලින් ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම අපරාජීතව තරගාවලිය තුල ක්‍රීඩා කරනු ලබයි.

ඔක්තෝබර් 13 – ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව

A කාණ්ඩයේ තරගයක් වූ මෙය තරග වට 4ක් දක්වා ක්‍රියාත්මක විය. මුල් තරග වටය ලකුණු 25–23ක් ලෙසත්, දෙවන වටය ලකුණු 11–25ක් ලෙසත් අවසන් විය. අවසන් තරග වට දෙකම පිළිවෙළින් ලකුණු 25–22ක් හා ලකුණු 25–21ක් ලෙස අවසන් කළ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය

තරග වට 3/0ක පහසු ජයක්  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි වූ මෙම තරගය A කාණ්ඩයේ තරගයකි. පොලිස් ක්‍රීඩකයින්ට ප්‍රබල අභියෝගයක් වූ ගුවන් හමුදා ක්‍රීඩකයින් තරග වට තුනේ දී ම පොලිස් ක්‍රීඩකයින්ට ලකුණු 20 සීමාව පසුකර යෑමට ඉඩ තැබුවේ නැත. එහි දී ප්‍රථම වටය 25–19ක් ලෙසත්, දෙවැනි වටය 25–21ක් ලෙසත් සහ තෙවැනි වටය 25–18ක් ලෙස නිමාවට පත්විය.

ලංකා විදුලිබල මණ්ඩලය හා MAS ලෙෂර්ලයින්

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ ප්‍රබල විදුලිබල කණ්ඩායමට අභියෝග කරමින් MAS ක්‍රීඩකයින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. තරගයේ ප්‍රථම වටය 25-18ක් ලෙස අවසන් වුවද, දෙවැනි සහ තෙවැනි වට 25-23ක් ලෙස නිමා වූයේ විදුලිබල මණ්ඩල කන්ඩායම ලකුණු දෙකින් පෙරමුණ ගනිමිනි. තරග 3/0ක් ලෙස අවසන් වූයේ විදුලිබල ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි.

ශ්‍රී ලංකා යුද හමුදාව හා ජාතික තරුණසේවා සභාව

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී වට 3–0ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවට හැකි විය. එහි තරග වට තුන තුළ ලකුණු පුවරුව පිළිවෙළින් 25–16ක්, 25-17ක්, 25–15ක් ලෙස දැක්විය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ශූරතා වයඹ පළාතට

43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල යටතේ මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලි වල දී එම ශූරතා ද්විත්වයම ජයග්‍රහණය…

ඔක්තෝබර් 14 – මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටිය

ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රී ලංකා පොලිසිය

A කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී වට 3/0ක ජයක් ලබා ගැනීමට වරාය අධිකාරි කණ්ඩායමට හැකි විය. තරගයේ ප්‍රථම වටය 26-24ක් ලෙස අවසන් වූ අතර දෙවැනි සහ තෙවැනි තරග වට පිළිවෙළින් 25-18ක් සහ 25-17ක් ලෙස නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව

අද දිනය තුළ A කාණ්ඩය යටතේ පැවති තියුණු තරගයක් වූ මෙහි දී, තරග වට 3/1ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය. එහි පළමු වට දෙක පිළිවෙළින් 22–25ක් සහ 25–16ක් ලෙස අවසන් වූයේ 1–1ක් ලෙසිනි. නමුත් අවසන් වට දෙක තුළ සිය ආධිපත්‍යය පැතිර වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 25–13ක් හා 25–16ක් ලෙස තරග වට නිමා කරමින් මෙහි ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.

ලංකා විදුලිබල මණ්ඩලය හා ජාතික තරුණසේවා සභාව

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී තරග වට 3/0ක පහසු ජයක් ලබා ගැනීමට ලංකා විදුලිබල කණ්ඩායම සමත් වූ අතර, එහි ලකුණු පුවරුව ලකුණු 25–19ක්, 25–23ක් හා 25–18ක් ලෙස දැක්විය.

ශ්‍රී ලංකා යුද හමුදාව හා MAS ලෙෂර්ලයින්

වට 4ක් පුරාවට ඇදී ගිය මෙම තරගය B කාණ්ඩයේ අද දිනය තුළ පැවැත්වූ තියුණුම තරගය විය. මෙහි මුල් වටය 25–20ක් ලෙස ජයග්‍රහණය කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකි වුවත්, දෙවන වටය තුළ තරගයට අවතීර්ණ වූ MAS කණ්ඩායම එම වටය ලකුණු 23–25ක් ලෙස අවසන් කළේය.

නමුත් අවසන් වට දෙක තුළ සිය දස්කම් විදහා දැක්වූ යුද හමුදා කණ්ඩායම ලකුණු 25–15ක් හා 25–21ක් ලෙස ප්‍රතිවාදීන් පරාජ කළේය.

A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම ජය පරාජ ජය පරාජ අනුපාතය ජය පරාජ සාමාන්‍ය
1 ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2 0 6 6 1 6.000 172 129 1.333
2 වරාය අධිකාරිය 2 0 6 6 1 6.000 162 151 1.073
3 නාවික හමුදා ක්‍රීඩා සමාජය 0 2 0 2 6 0.333 162 183 0.885
4 පොලිස් ක්‍රීඩා සමාජය 0 2 0 0 6 0.000 118 151 0.781

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව

තරග ප්‍රසාද ලකුණු තරග වට ලකුණු
ස්ථානය කණ්ඩායම ජය පරාජ ජය පරාජ අනුපාතය ජය පරාජ අනුපාතය
1 විදුලිබල මණ්ඩලය 2 0 6 6 0 0.000 150 119 1.261
2 ශ්‍රී ලංකා යුද හමුදාව 2 0 6 6 1 6.000 173 129 1.341
3 MAS ලෙෂර්ලයින් 0 2 0 1 6 0.167 140 173 0.809
4 ජාතික තරුණසේවා සභාව 0 2 0 0 6 0.000 108 150 0.720

මෙම තරගාවලියේ තවත් තරග කිහිපයක්  හෙට (15) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ පිටියේ දී පැවැත්වේ.

  • ශ්‍රී ලංකා පොලිසිය හා ශ්‍රී ලංකා නාවික හමුදාව
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය
  • MAS ලෙෂර්ලයින් හා ජාතික තරුණ සේවා සභාව
  • ශ්‍රී ලංකා යුද හමුදාව හා ලංකා විදුලිබල මණ්ඩලය

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට