ඕෂන් ලංකා සහ හයිඩ්‍රාමනි ආධුනික වොලිබෝල් ශූරතාවය දිනා ගනියි

104

2019 මන්චී ජාතික වොලිබෝල් තරගාවලියේ ආධුනික කාණ්ඩයේ කාන්තා සහ පිරිමි අවසන් තරග පසුගියදා ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. එහිදී පිරිමි ශූරතාවය බියගම ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය විසින් ජයග්‍රහණය කළ අතර කාන්තා ශූරතාවය හිමි වූයේ කහතුඩුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයට යි. 

යුධ හමුදාවට හා ගුවන් හමුදාවට සුපර් ලීග් ශූරතා

2019 මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ සුපර් ලීග් අවසන් මහා තරග පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජාතික තරුණ සේවා……

තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය සඳහා ඕෂන් ලංකා ක්‍රීඩා සමාජය සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබා සිටියහ. අවසන් තරගයේ පළමු වටය ලකුණු 29-31 ක් ලෙස ජයග්‍රහණය කිරීමට කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම සමත් විය. දෙවන වටයේ ජයග්‍රහණය ඕෂන් ලංකා කණ්ඩායම සතු වූ අතර එහි ලකුණු තත්ත්වය දැක්වූයේ ලකුණු 25-22 ක් ලෙසිනි. 

තුන්වන තරග වටය ද ලකුණු 25-22 ක් ලෙස ජයග්‍රහණය කළ ඕෂන් ලංකා කණ්ඩායම සිව්වන තරග වටය වන විට තරගවට 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියහ. ඉතා තියුණු මුහුණුවරක් ගත් සිව්වන තරග වටය අවසානයේ ජයග්‍රහණය ඕෂන් ලංකා කණ්ඩායම සතු වූයේ ලකුණු 27-25 ක් ලෙසිනි. 

ඒ අනුව අවසන් මහා තරගයේ දී තරගවට 3-1 ක් ලෙස කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම පරාජය කිරීමට ඕශන් ලංකා කණ්ඩායම සමත් විය. 

තරගාවලියේ පිරිමි අංශයේ තුන්වන ස්ථානය හිමි වූයේ මාතලේ ගනර්ස් ක්‍රීඩා සමාජයට යි. 

පිරිමි අංශයේ හොඳම ක්‍රීඩකයා ලෙස බියගම ඕෂන් ලංකා ක්‍රීඩා සමාජයේ ගයාන් මල්ලිකාරත්න නම් කළ අතර හොඳම පන්දු සකසන්නා ලෙස එම ක්‍රීඩා සමාජයේ චතුරංග රාජපක්ෂ නම් කෙරිනි. තරගාවලියේ හොඳම ප්‍රහාරකයා වූයේ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමේ එල්. කේ. ලියනගේ ය. 

යුධ හමුදාවට හා ගුවන් හමුදාවට සුපර් ලීග් ශූරතා

2019 මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ සුපර් ලීග් අවසන් මහා තරග පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජාතික තරුණ සේවා…..

කාන්තා අවසන් තරගයේ දී කහතුඩුව හයිඩ්‍රාමනි කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ මාවුස්සාවැව රත්නපාල ක්‍රීඩා සමාජය යි. තරගයේ පළමු වටය ලකුණු 25-14 ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජය සමත් විය. 

නමුත් දෙවන වටය ලකුණු 10-25 ක් ලෙස ජයග්‍රහණය කරමින් තරග වට 1-1 ක් ලෙස සම කිරීමට රත්නපාල ක්‍රීඩා සමාජය සමත් වූ අතර තුන්වන තරග වටයේ සහ සිව්වන තරග වටයේ ජයග්‍රහණය හිමි වූයේ හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයට යි. එහි ලකුණු තත්වය දැක්වූයේ පිළිවෙලින් ලකුණු 25-20 ක් සහ ලකුණු 25-21 ක් ලෙසයි. 

ඒ අනුව තරග වට 3-1 ක් ලෙස හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයට ශූරතාවය හිමි විය. 

කාන්තා අංශයේ තුන්වන ස්ථානය හිමි වූයේ අම්පාර සුපර් කිංග්ස් A ක්‍රීඩා සමාජයට යි. 

තරගාවලියේ කාන්තා අංශයේ හොඳම ක්‍රීඩිකාව ලෙස හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයේ ඩී. එච්. සේනාරත්න නම් කළ අතර හොඳම පන්දු සකසන්නිය ලෙස එම ක්‍රීඩා සමාජයේම එස්. පීස් විජේසිංහ නම් කෙරිනි. මාවුස්සාවැව රත්නපාල ක්‍රීඩා සමාජයේ ප්‍රීතිකා ප්‍රමෝදිනී හොඳම ප්‍රහාරිකාව ලෙස නම් කෙරිනි. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<