MAS අභියෝග නොතකා ගුවන් සෙබළියන් අවසන් මහා තරගයට

305

ආරම්භයේ දී තරමක් අසාර්ථක වූ නමුත් ගුවන් හමුදා සෙබළියන් තරග වට 3/1ක් ලෙස MAS කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් පරාජය කරමින් “2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ” ප්‍රථම අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය. අවසන් පූර්ව තරග මාතර කොටවිල ගෘහස්ථ වොලිබෝල් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

වරාය, ගුවන් හමුදාව, කැෂුවල්ලයින් හා යුද හමුදාව අර්ධ අවසන් වටයට

MAS කැෂුවල්ලයින්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හා යුද හමුදා ක්‍රීඩා සමාජය…

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දෙස හැරී බැලීමේ දී ගුවන් හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම 3/2ක් ලෙසත්, නාවික හමුදා කණ්ඩායම 3/0ක් ලෙසත් පරාජය කර අතර MAS කණ්ඩායම යුද හමුදාව හමුවේ 3/0ක් ලෙස පරාජය වුවද සහ තරුණසේවා සභා කණ්ඩායම හමුවේ 3/0ක් ලෙස ජයග්‍රහණය කරන ලදි.

තරගය උදෑසන 9ට පමණ ආරම්භ වූ අතර MAS කණ්ඩායමේ පන්දු පිරිනැමීම ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට සාර්ථකව වළක්වා ගැනීමට නොහැකි වීම නිසාවෙන් ප්‍රථම ලකුණ ලබා ගන්නට MAS කණ්ඩායමට හැකි විය.

ගියවර අවසන් මහා තරගය මෙන් නොව කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් මනා පුහුණුවීමකින් මෙවර තරගය සඳහා සහභාගී වූ අතර ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමඟ කරට කර නැඟී සිටිමින් ලකුණු රැස්කරන්නට විය. වරෙක 18-19ක් ලෙස පැවති තරගය 23-19ක් ලෙස ඉදිරියට ඇදී ගියේ කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් තරග වටයේ සුක්කානම අතට ගනිමිනි. 25-20ක් ලෙස කැෂුවල්ලයින් ක්‍රීඩිකාවන් පෙරමුණ ගනිමින් ප්‍රථම වටය නිමා විය.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් තරමක් පසු බෑමකින් දෙවැනි වටයට අවතීර්ණ වූ නමුත් ගුවන් හමුදා ප්‍රේක්ෂකාගාරය පපරේ නාදයක් සමඟින් ඔවුන් දිරිමත් කරනු දක්නට ලැබුණි. දෙවන වටයේ ආරම්භයේ සිට MAS ක්‍රීඩිකාවන් පෙරමුණේ පසු විය. කෙසේ නමුත් ප්‍රේක්ෂකාගාරයේ පපරේ නාද සහ දිරිගැන්වීම් හමුවේ තවත් තවත් දිරිමත් වූ දිනේෂා ප්‍රසාදිනි ඇතුළු ගුවන් හමුදා ක්‍රීඩිකාවන් දෙවැනි වටයේ පෙරමුණ ගත් අතර 13-10ක් ලෙස විටෙක දැක්වූ ලකුණු පුවරුව, 24-18ක් දක්වා ඇදී ගියේ ලකුණු 6ක් දක්වා ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පියඹා යමිනි. දෙවැනි වටය නිමා වූයේ 25-18ක් ලෙස MAS ක්‍රීඩිකාවන් පරාජය වෙමිනි.

විදුලිබල, වරාය, ගුවන් හමුදාව හා යුද හමුදාව අවසන් 4ට

10 වන වරටත් පැවැත්වෙන 2017 මන්චී වොලිබෝල් ශූරතා තරගාවලියේ පිරිමි සුපර් ලීග්…

තෙවැනි අර්ධයේ දී ඉතාමත් කරට කර ලෙස කණ්ඩායම් ද්විත්වයම තරග කළේ ලකුණු මට්ටම් සම මට්ටමක පවත්වා ගනිමිනි. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල දී පන්දු පිරිනැමීම් සාර්ථක වූ නමුත් ගොඩගැනීම් අසාර්ථක වූ නිසාවෙන් කණ්ඩායම් ද්විත්යම ලකුණු ලබා ගන්නා බවත් දිස්විය.

තෙවැනි වටයේ දී ගුවන් හමුදා ක්‍රීඩිකාවන් MAS ක්‍රීඩිකාවන් පාලනය කරන්නට වෙර දැරුවත්, MAS ක්‍රීඩිකාවන් ලකුණු පරතරය දෙකක් ඉක්මවා යෑමට ඉඩ දුන්නේ නැත. නමුත් තරග වටයේ අවසානයට පැමිණෙත්ම ගුවන් ක්‍රීඩිකාවන් වඩාත් උපායශීලීව ලකුණු රැස් කිරීම සිදු කළ අතර 23-22ක් ලෙස පැවති ලකුණු තත්වය වෙනස් කරමින්, MAS ක්‍රීඩිකාවන් රහිත ස්ථානයකට පන්දුව යොමු කරමින් 24-22ක් ලෙස පෙරමුණ ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය. ගුවන් හමුදාවට අවැසි මොහොතේ ලබා ගත් පෙරමුණ අපතේ නොයැවූ ඔවුන්, 25-22ක් ලෙස සිව්වැනි වටය සාර්ථකව නිමා කළේ 2/1ක් ලෙස ඉදිරියට එමිනි. තෙවැනි වටයේ දී කැෂුවල්ලයින් ක්‍රීඩිකා කුසුම් කුමාරි හේරත් ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.

Highlights – Galigamuwa Central v Sri Rathanapala – U17 Girls Final (2017 DSI Volleyball)

Uploaded by ThePapare.com on 2017-11-02.

තරගයේ ඉතාමත් තීරණාත්මක තරග වටය වූ සිව්වැනි වටය ආරම්භයේ සිටම MAS ක්‍රීඩිකාවන් පෙරමුණ ගෙන සිටි අතර ගුවන් හමුදාව සිය ලකුණු පුවරුව ආරම්භ කළේ 3-1ක් ලෙස MAS ක්‍රීඩිකාවන් පෙරමුණේ සිටිනා විටයි.

කෙසේ නමුත් මෙම තරග වටයේ දී ද ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පෙරමුණ ගැනීමට සමත් විය. තරගයේ අවසන් කොටසේ දී 20-13ක් ලෙස ලකුණු 7කින් ඉදිරිය ගන්නට ගුවන් සෙබළියන් සමත් වූ අතර MAS ක්‍රීඩිකාවන් අපේක්ෂාභංගත්වයෙන් පසුවෙනු දක්නට ලැබුණි. කෙසේ නමුත් තරගයේ අවසානය දක්වා තරගය අත්නොහරිමින් ඉදිරියට ඇදුණු MAS ක්‍රීඩිකාවන් එම පරතරය අවම කර ගැනීමට වෙර දැරූ නමුත් 25-20ක් ලෙසින් එම තරග වටය ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

19න් පහළ කිරුළ නාත්තන්ඩිය ධම්මිස්සරට හා ගලිගමුව මධ්‍ය විද්‍යාලයට

17 වන වරටත් පැවැත්වූ DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ, වයස අවුරුදු 19 පහළ…

කෙසේ නමුත් ගියවර තරගය හා සසඳා බැලීමේ දී MAS ක්‍රීඩිකාවන් ඉතාමත් දක්ෂ හා සටන්කාමී ලෙස ක්‍රීඩා කළ බව නම් සඳහන් කළ යුතුමයි. ප්‍රබල ක්‍රීඩිකාවන් රැසකින් සන්නද්ධ වූ ගුවන් හමුදා සමාජයට ඔවුන් එල්ල කළේ සුළුපටු අභියෝගයක් නම් නොවේ.

ලකුණු සටහන

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය (20-25, 25-18, 25-22, 25-20) MAS කැෂුවල්ලයින්

තරගාවලියේ මීළඟ අර්ධ අවසන් පූර්ව තරගය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර මෙම ක්‍රීඩා පිටියේ දී ම පැවැත්වේ. එම තරගය ද සජීව ලෙස නැරඹීම සඳහා අප සමඟ රැඳී සිටින්න.

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<