යුධ හමුදාවට හා ගුවන් හමුදාවට සුපර් ලීග් ශූරතා

86

2019 මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ සුපර් ලීග් අවසන් මහා තරග පසුගිය දෙසැම්බර් 28 වැනිදා ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. සුපර් ලීග් අංශයේ පිරිමි ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් වෙද්දී, කාන්තා අංශයේ ශූරතාව දිනා ගත්තේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි.

නාවික හමුදාව පරදා හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් ශූරතාව දිනති

පසුගිය සති අන්තයේ දී පැවැත්වුණු ඩයලොග් ජාතික දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ…

පිරිමි අවසන් මහා තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජය හා MAS LEISURELINE ක්‍රීඩා සමාජය අතරයි. ලකුණු 19-25ක් ලෙස පළමු වටය ජය ගන්නට MAS කණ්ඩායම සමත් වුනත්, ඉන්පසුව ක්‍රියාත්මක වූ වට තුනම ජය ගත්තේ යුධ හමුදා ක්‍රීඩා සමාජයයි. තරගයේ ලකුණු සටහන දිස් වුණේ 25-12ක්, 25-21ක් හා 25-22ක් ලෙසයි.   

සුපර් ලීග් පිරිමි අංශයේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. 

හොඳම පන්දු පිරිනමන්නා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසන්ත ලක්මාල් සම්මාන දිනා ගත්තා. MAS LEISURELINE හි ලහිරු දේශාන් හොඳම පන්දු ලබා ගන්නා ලෙස සම්මාන දිනා ගද්දී, ශ්‍රී ලංකා යුධ හමුදාවේ අමිල මසාචි හොඳම පන්දු සකසන්නා ලෙස සම්මාන දිනා ගත්තා. 

ආක්‍රමණශීලිම ක්‍රීඩකයා ලෙස MAS LEISURELINE හි තරුෂ චමත් දිල්ශාන් සම්මාන දිනා ගත් අතර හොඳම ප්‍රහාර වළක්වන්නා ලෙස යුධ හමුදාවේ ෂමිල් මලින්ද සිල්වා සම්මාන දිනා ගත්තා. 

හොඳම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස යුධ හමුදාවේ ඩී. එම්. එස්. වික්‍රමසිංහ සම්මාන දිනා ගනිද්දී, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස යුධ හමුදාවේ මහේල ඉන්දීවර සම්මාන දිනා ගත්තා. 

සුපර් ලීග් කාන්තා අංශයත් ඉතා උණුසුම් වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව වට 3-0ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා ශූරතාව දිනා ගත්තා. තරගයේ ලකුණු සටහන දිස්වුණේ ලකුණු 25-20ක්, 25-22ක් හා 25-14ක් ලෙසයි.

ආවරණ මගහැරීමේ කලාකරුවා – මැක්සිම් මිහයිලොව්

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම ලකුණු රැස් කරන්නා ඔහුය…

තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි. 

හොඳම පන්දු පිරිනමන්නිය ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයි. ජී. සංජීවනී සම්මාන දිනා ගද්දී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්. එස්. ශ්‍යාමා හොඳම පන්දු පිළිගන්නිය ලෙස සම්මාන දිනා ගත්තා. 

ගුවන් හමුදාවේ එම්. පී. තුෂාරි හා ඒ. එල්. ඒ අනුත්තරා සඳමාලි පිළිවෙළින් හොඳම පන්දු සකසන්නිය හා ආක්‍රමණශීලිම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. හොඳම ප්‍රහාර වළක්වන්නිය ලෙස ගුවන් හමුදාවේ ජේ. එච්. දිනේෂා ප්‍රසාදිනී සම්මාන දිනා ගද්දී, හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස නාවික හමුදාවේ දිලුෂා සංජිවනි සම්මන දිනා ගත්තා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අනුෂා සඳමාලි තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<