“Munchee වෙළඳසේවා ක්‍රිකට් ශූරතාවය” මැලිබන් දිනා ගනියි

වෙළඳසේවා ක්‍රිකට් D කාණ්ඩයේ තරගාවලිය 2019/20

125

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන Munchee වෙළඳසේවා D කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (16) දින වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී නිමාවූයේ ලකුණු 6ක ජයග්‍රහණයක් හිමිකර ගත් මැලිබන් කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමිනි. ඔවුන් හමුවේ තියුණු තරගයකින් අනතුරුව පරාජයට පත්වූයේ නවලෝක කණ්ඩායමයි. 

ධර්මරාජ විද්‍යාලය හමුවේ ආනන්දය පසු බසියි

2019/20 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ…

මෙම තරගාවලියේ අවසන් පූර්ව තරග වටයේ දී ඩේවිඩ් පීරිස් ආයතන කණ්ඩායම ලකුණු 92කින් පරාජයට පත්කළ මැලිබන් කණ්ඩායම සහ මොඩ් ඉංජියනියරින් කණ්ඩායම ලකුණු 80කින් පරාජයට පත්කළ නවලෝක කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි. 

තරගයේ කාසියේ වාසිය දිනා ගත් මැලිබන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර එහිදී ඔවුන් සිය නියමිත පන්දුවාර 40 අවසන් වීමට තවත් පන්දු තුනක් ඉතිරිව තිබිය දී සියල්ලන්ම දැවී ලකුණු 205ක් රැස්කර ගන්නා ලදි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නෙත්මිණ පෙරේරා ලකුණු 52ක් රැස්කර ගෙන දස්කම් දක්වන විට ඔහුට සහය වූ දිලුම් ප්‍රනාන්දු සහ චතුරංග දේවප්‍රිය පිළිවෙලින් ලකුණු 38ක් සහ ලකුණු 37ක් වාර්තා කර ගන්නා ලදි. 

පන්දු යැවීමේ දී තරිඳු සුරාජ් සහ තිවංක කැකුලුවල අතරේ කඩුලු 3 බැගින් බෙදී යන විට සමිල නදීෂ් කඩුලු 2ක් දවා ගත්තේය. 

>>Photos : Nawaloka Hospitals Vs Maliban Biscuits | Munchee Mercantile Cricket “D” Division 2020 – Finals<<

ලකුණු 206ක ඉලක්කයක් හඹා යාමේ අරමුණ ඇතිව පිටියට පිවිසි නවලෝක කණ්ඩායම සාර්ථක ආරම්භයක ලබා ගත් නමුත් වෙනුර ගයෂාන් ලකුණු 45ක් තු ඔවුන්ගේ ප්‍රබල කඩුලු 5ක් බිඳ දැමීම නිසා ඔවුන්ගේ ඉනිම යම් මට්ටමකට පාලනය විය. 

කෙසේ නමුත් සටන්කාමී පිතිකරණයක නිරත වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය අභියසට රැගෙන ගිය තිවංක කැකුලුවල පන්දුවෙන් දැක්වූ දස්කම් වලට අමතරව ලකුණු 48ක් වාර්තා කර ගනිමින් පිතිකරණයෙන් ද දස්කම් දක්වන ලදි. සංක පූර්ණ ලකුණු 47ක් රැස්කර ගෙන ඔහුට අනගි සහයක් ලබා දුන්නේය. තරිඳු සුරාජ් ලකුණු 36 යි. 

පන්දු යැවීමේ දී වෙනුර ගයෂාන් හට අගනා සහයක් ලබා දුන් ඩිලාන් චතුරංග ලකුණු 23ක් තු නවලෝක කඩුලු 2ක් බිඳ දමන ලදි. 

මැලිබන් කණ්ඩායම : 205 (39.3) නෙත්මිණ පෙරේරා 52, දිලුම් ප්‍රනාන්දු 38, චතුරංග දේවප්‍රිය 37, තරිඳු සුරාජ් 3/24, තිවංක කැකුලුවල 3/31, සමිල නදීෂ් 2/44. 

නවලෝක කණ්ඩායම : 199 (39.3) තිවංක කැකුලුවල 48, සංක පූර්ණ 47, තරිඳු සුරාජ් 36, වෙනුර ගයෂාන් 5/45, ඩිලාන් චතුරංග 2/23. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<