පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගන්නට කැපවූ දැවැන්තයෙක් සමුගනී

819

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වත්මන් උපසභාපතිවරයා ලෙස කටයුතු කළ බෙන්තොට ගාමිණි ජාතික පාසලේ හා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස සේවය කර තිබෙන කපිල ජයලත් මහතා අද (16) උදෑසන හදිසියේම අභාවප්‍රාප්ත විය.

අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි

එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින් සිටිය දී අකිල දනංජය විසින් එංගලන්ත යටිපෙළ

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 53 වැනි වියේ පසුවිය. මොළයේ ලේ කැටියක් සිර වීම නිසා පසුගිය 29 වැනිදා රෝහල් ගත කරනු ලැබූ ජයලත් මහතා සති දෙකකට ආසන්න කාලයක් රෝහල් ගත වී නේවාසිකව ප්‍රතිකාර ලැබූ නමුත් අද උදෑසන ඒ මහතා හදිසියේම අප අතරින් සමුගන්නා ලදි.

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවකු ලෙස වසර 20ක පමණ කාලයක් ද, පාසල් ක්‍රිකට් සංගමයේ තනතුරු රැසක් ද දරමින් විශිෂ්ට සේවයක් කළ පුද්ගලයෙක් ලෙස ජයලත් මහතා හැඳින්වීමට හැකිය. එතුමා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ පාසල් ක්‍රිකට් තරගාවලි කමිටු ලේකම් වශයෙන් ද කටයුතු කර ඇත. එසේම  කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් භාර ආචාර්යවරයා ලෙස ඔවුන්ගේ පාසලේ ක්‍රිකට් දියුණුව සඳහා ඉතාමත් මිල කළ නොහැකි සේවයක් සිදු කර ඇත්තේ ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට ගැනීමේ අරමුණ ඇතිවයි.

ලක්ෂිත හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක හා උණුසුම් තරග කිහිපයක් අද (16)

ජයලත් මහතාගේ දේහය ‘සුමන මැඳුර’, හෙප්පුමුල්ල, අම්බලන්ගොඩ යන ලිපිනයේ නිවසේ තැන්පත් තර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු අම්බලන්ගොඩ පොදු සුසාන භූමියේ දී ඉරිදා (18) සිදු කිරීමට නියමිතය.

කපිල ජයලත්ගේ මේ හදිසි අභාවය වෙනුවෙන් ඒ මහතාගේ පවුලේ සැම වෙත ThePapare.com අපගේ සාතීශ්‍ය සංවේගය පළ කර සිටින්නෙමු.!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<