විශ්ව විද්‍යාල වොලිබෝල් ශූරතා මොරටුවට සහ සබරගමුවට

646

මොරටුව විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය අන්තර් විශ්ව විද්‍යාල වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා අංශවල ශූරතාවන් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරගාවලිය පැවැත්වුණේ රජරට විශ්ව විද්‍යාලයීය කායවර්ධන මධ්‍යස්ථානයේ දී ය.

ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට ශ්‍රී ලංකාව ‘C’ කාණ්ඩයෙන්

19 වැනි වරට පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය පිලිපීනයේ දී පැවැත්වීමට නියමිත අතර..

පිරිමි හා කාන්තා තරග අංශ දෙක ඔස්සේ කණ්ඩායම් 28ක් (පිරිමි කණ්ඩායම් 14ක් හා කාන්තා කණ්ඩායම් 14ක්) කාණ්ඩ 04ක් ඔස්සේ මෙහි දී තරග කරනු ලැබීය.

පිරිමි තරග අංශය

මෙහි දී අවසන් මහා තරගයේ දී කැලණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරග වට 3-2ක් ලෙස පරාජයට පත්කළ මොරටුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

අර්ධ අවසන් වටයේ දී මොරටුව විශ්ව විද්‍යාලය හමුවේ කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජයට පත්වූ අතර කැලණිය විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 3-1ක් ලෙස පරාජයට පත්වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කණ්ඩායම යි. ජාතික සංචිතය නියෝජනය කරන සඳුන් විමලසේන ආබාධයකට ලක්වීමෙන් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමට තරගාවලියේ අර්ධ අවසන් තරගය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස රජරට විශ්ව විද්‍යාලයත්, කැලණිය විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයත්, මොරටුව විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස රුහුණ විශ්ව විද්‍යාලයත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස අග්නිදිග විශ්ව විද්‍යාලයත් පරාජයට පත්විය.

කාන්තා තරග අංශය

කාන්තා තරග අංශයේ අවසන් මහා තරගයේ දී ලෙස රජරට විශ්ව විද්‍යාලයීය කණ්ඩායම තරග වට 3-1ක් ලෙස පරාජයට පත්කරමින් ශූරතාවය දිනා ගනු ලැබුවේ සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම විසිනි.

වයස අවුරුදු 23න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් දෙපළක් වන විනෝදි කෞෂල්‍යා සහ රිද්මි ප්‍රනාන්දු සබරගමුව විශ්ව විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කිරීම නිසා තරගාවලිය පුරාවට ඔවුන්ට එය වාසිදායක විය.

අර්ධ අවසන් වටයේ දී සබරගමුව විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 3-0ක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලය පරාජයට පත්වූ අතර අනෙක් පසින් අර්ධ රජරට විශ්ව විද්‍යාලය හමුවේ අර්ධ අවසන් වටයේ දී තරග වට 3-0ක් ලෙස පරාජයට පත්වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය යි. 3 වන ස්ථානය සඳහා පැවති තරගය ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ කොළඹ විශ්ව විද්‍යාලය යි.  

අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයත්, රජරට විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-1ක් ලෙස කැලණිය විශ්ව විද්‍යාලයත්, සබරගමුව විශ්ව විද්‍යාලය හමුවේ තරග වට 2-0ක් ලෙස රුහුණ විශ්ව විද්‍යාලයත් පරාජයට පත්විය.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<