හෆීස්, ශොහේබ් ඉවතට; නවාස් හා ඉෆ්තිකර් නැවතත් සංචිතයට

53

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ. මෙම පාකිස්තාන සංචිතය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නවාස් හා පිතිකරුවෙකු වන ඉෆ්තිකර් අහමඩ් කැඳවා ඇත.

මසකඩ්සාට ගෞරවාන්විත සමුගැනීමක්

බංග්ලාදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා…

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට නවාස් සමත් වූ අතර එම දක්ෂතා ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමිකර දීමට ප්‍රමාණවත් විය. 25 හැවිරිදි නවාස් පසුගිය ආසියානු කුසලාන තරගාවලියේ දී තම තුන් ඉරියව් දක්ෂතා පෙන්නුම් කිරීමට අසමත් වූ අතර එම නිසා ඔහුට කලක් ජාතික සංචිතයෙන් ඉවත්ව සිටීමට සිදු විය. 

පසුගිය සතියේ පැවති පළමු පෙළ තරගයක දී Kyhyber Pakhtunkhwa කණ්ඩායමට එරෙහිව නොදැවී ශතකයක් ලබා ගැනීමට සමත් වූ නවාස් ඔහුගේ දක්ෂතා අතරට නැවත පැමිණි බව පෙන්වීමට සමත් විය. 

ඉෆ්තිකර් පසුගිය 2015 වසරේ දී පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග දෙකකට ක්‍රීඩා කළ අතර මෙම වසරේ පැවති පළමු පෙළ තරග තුනක දී පිට පිට ශතක දෙකක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එම දක්ෂතා නිසාවෙන් ඔහුට ද එක්දින සංචිතය නියෝජනය කිරීමට අවස්ථාව උදාවී ඇත. 

2019 ලෝක කුසලානය සඳහා සහභාගි වූ පාකිස්තාන කණ්ඩායමේ හා මෙම තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන කණ්ඩායමේ කැපී පෙනෙන වෙනස්කම් කීපයක් දක්නට ලැබේ. එහි දී ශහීන් අෆ්රිඩි හා හසන් අලී මෙම සංචිතයට ඇතුළත් කර නොමැත. 

ධර්මසේනගේ ගිය වසරේ ආදායමට ඉලක්කම් 8ක්!

ක්‍රිකට් තරගයක විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීම ලේසි පහසු දෙයක් නොවේ. එය ක්‍රිකට් ක්‍රීඩාවේ…

අෆ්රිඩි ඩෙංගු රෝගය නිසාවෙන් ක්‍රීඩා කළ නොහැකි තත්වයක පසුවන අතර හසන් අලී කොන්දෙහි ඇතිවූ ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා කළ හැකි තත්වයක නොසිටී. 

මෙම පාකිස්තාන සංචිතයට ඇතුළත් නොවන අනෙක් ක්‍රීඩකයන් ලෙස මොහොමඩ් හෆීස් හා ශොහේබ් මලික් සඳහන් කළ හැක. මොහොමඩ් හෆීස් පසුගිය ලෝක කුසලානයේ දී එතරම් දස්කම් දැක්වීමට සමත් නොවීය. 

ශ්‍රී ලංකා පාකිස්තාන එක්දින තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 27 වැනිදා කරච්ච හිදී ආරම්භ වීමට නියමිතය. එයට එක්දින තරග තුනක් ඇතුළත් වේ. එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමඟින් විස්සයි විස්ස තරගාවලියක් සඳහා ද එක්වනු ඇත. 

තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතය 

සෆ්‍රාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබීඩ් අලී, අසීෆ් අලී, ෆකර් සමාන්, හැරිස් සොහේයිල්, මොහොමඩ් හස්නයින්, ඉෆ්තිකර් අහ්මඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, උස්මාන් ඛාන් ශින්වාරි, වහාබ් රියාස්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<