අමීර්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුව වැට උඩ?

122

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නෙකු වන මොහොමඩ් අමීර් හට පැපොල රෝගය (chickenpox) වැළඳී තිබෙන නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අහිමි වී තිබෙන අතර බොහෝ විට සම්පූර්ණ තරගාවලියම අහිමි වීමටත් වැඩි ඉඩකඩක් ඇත.

ෆකාර්ගේ ශතකය පරදා බට්ලර්ගේ ශතකය එංගලන්තයට ජය ගෙනෙයි!

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැත්වෙන ……….


පාකිස්තානය විසින් නම් කරන ලද ලෝක කුසලාන මූලික සංචිතය තුළ මොහොමඩ් අමීර් ඇතුළත්ව නොසිටියේය. නමුත් ලෝක කුසලානයට පෙර පැවැත්වෙන එංගලන්ත තරග සංචාරය තුළ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව පාකිස්තානය නියෝජනය කරමින් ලෝක කුසලානය සඳහා සහභාගී වන අවසන් සංචිතය තෝරාගැනීමට එරට බලධාරීන් සැදී පැහැදී සිටියේ අමීර් පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගෙනය.

කෙසේ නමුත් එංගලන්ත – පාකිස්තාන පළමු ක්‍රිකට් තරගය වර්ෂාවෙන් සේදී ගිය අතර දෙරට අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය සඳහා අමීර්ට ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ තමන් අසනීපව සිටි නිසාවෙනි. කෙසේ නමුත් ඉන් පසුව අමීර් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වී අතර එහිදී වෛද්‍යවරුන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ අමීර් හට පැපොල රෝගය (chickenpox) වැළඳී තිබෙන බවයි.

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (14) දින බ්‍රිස්ටල් හිදී පැවැත්වෙන නමුත් මොහොමඩ් අමීර් පාකිස්තානු කණ්ඩායම සමඟ නොසිට, වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිය පවුල සමඟ එංගලන්තයේ ලන්ඩන් නුවර රැඳී  සිටින බව වාර්තා වේ.

බංග්ලාදේශය කොදෙව්වන්ට අනතුරු අඟවයි

අයර්ලන්ත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ………


එංගලන්තයේ දී පැවති 2017 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී මොහොමඩ් අමීර් තරගයේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් විය. නමුත් ඉන්පසුව පැවති එක්දින තරග 14න් තරග 9ක දී ම කිසිඳු කඩුල්ලක් දවාගැනීමට අමීර්ට හැකි වූයේ නැත.

එසේම පාකිස්තානය සතුව සිටින ප්‍රබලතම දඟපන්දු යවන ක්‍රීඩකයා වන ශදාබ් ඛාන්ගේ  සෞඛ්‍ය තත්වය අයහපත් වීම හේතුවෙන් ඔහුට එංගලන්ත තරග සංචාරය අහිමි විය. නමුත් ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්වයට පැමිණ ඇති නිසා මේ සති අන්තයේ දී පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණයෙන් පසුව ලෝක කුසලානය සඳහා ඔහු සහභාගී වනවාද, නැතිද යන වග තීරණය කරන බව පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් පවසා සිටියි.

එංගලන්තය සහ පාකිස්තානය අතර පැවැත්වෙන සිව්වන සහ පස්වන එක්දින තරග පිළිවෙළින් මෙම මස 17 වනදා සහ 19 වනදා පැවැත්වීමට නියමිත අතර මේ වනවිට තරග 1-0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් සිටින්නේ සත්කාරක එංගලන්ත කණ්ඩායමයි.  

                               >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<