කලකට පසු එංගලන්ත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා සංචාරයට

89
Moeen Ali

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලී නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීමට බලාපොරොත්තු වන බව පවසා සිටියා. එංගලන්ත කණ්ඩායම තුල තම ස්ථානය සඳහා තරග කිරීමට ඔහු සූදානම්ව සිටිනවා. 

බයිලා නොගැසූ එම්. එස්

එම්.එස් යන නාමය ප්‍රසිද්ධ බයිලා වලටය. නමුත් මේ ලිපියෙන් විමසා බැලෙන්නේ..

පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැවති ඕස්ට්‍රේලියා එංගලන්ත අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනතුරුව මොයීන් අලී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩාවෙන් තාවකාලික විරාමයක් ලබා ගැනීමට තීරණය කළ අතර ඒ සඳහා හේතුව ලෙස ඔහු දක්වා තිබුණේ ඔහු බලාපොරොත්තු වන දක්ෂතා අතරට පැමිණීමට ඔහුට නොහැකි වීමයි. කෙසේ වෙතත් මෙම විරාමය තාවකාලික එකක් බව ද ඔහු පවසා සිටියා. 

මොයීන්ගේ මෙම තීරණයෙන් අනතුරුව ඔහුට එංගලන්ත ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත්තුවේ ටෙස්ට් තරගවලට අදාළ කොටස මඟහැරිනි. ඒ අනුව මොයීන් එංගලන්ත නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගි නොවූ අතර එම තරගාවලිය නවසීලන්තය ජයග්‍රහණය කළේ 1-0ක් ලෙසිනි. 

එංගලන්ත කණ්ඩායම ඉන් අනතුරුව සහභාගි වූ දකුණු අප්‍රිකානු තරග සංචාරය පසුගිය දා නිමා වූ අතර එම තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය. ඒ වොන්ඩරර්ස් හි පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 191කින් ජයග්‍රහණය කරමිනි. 

මොයීන් අලී එංගලන්තය වෙනුවෙන් එක්දින හා විස්සයි විස්ස තරග සඳහා තවමත් ක්‍රීඩා කරන අතර ඒ අනුව ඔහු හෙට (04) ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා එක්දින තරග සංචාරය සඳහා එක්ව සිටී. ඉන් අනතුරුව එංගලන්ත දකුණු අප්‍රිකා විස්සයි විස්ස තරගාවලිය පැවැත්වීමට නියමිතය. 

තම ටෙස්ට් විරාමය පිළිබඳව අදහස් දක්වමින් මොයීන් අලී පවසා සිටියේ තම නැවත පැමිණීම පිළිබඳව එංගලන්තය පුහුණුකරු වන ක්‍රිස් සිල්වර්වුඩ් සමඟින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

ඉන් අනතුරුව එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට් සමඟින් ද ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු බලාපොරොත්තු වේ. එහි දී ඔහුට මාර්තු මස පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට අවස්ථාව ඇත්දැයි ඔහු සලකා බලනු ඇත. 

“මට අවශ්‍ය නෑ කවුරුත් හිතනවට මම එංගලන්තයට ක්‍රීඩා කරන්න කැමති නෑ කියලා. මොකද තමන්ගේ රටට ක්‍රීඩා කරන එක තමයි ක්‍රීඩකයෙක්ට කරන්න පුළුවන් උපරිම දේ. මෙහේ තිබුණ පුහුණු තරගවල දී වුනත් මම හිතුවේ මට මේක මඟහැරුණා කියලා. ඒක තමයි මට දැනෙන්න අවශ්‍ය වෙලා තිබුණේ. 

මට දැනෙන්න ඕනෙ වෙලා තිබුණ වටිනාකම මට දැනුණේ නෑ. සමහර වෙලාවන් තිබ්බා මට ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්න ඕනෙ වුන. ඒත් මම ජෝ රූට්ට කතා කළාම ඔහු කිව්වේ මම තාමත් කණ්ඩායමේ ලොකු කොටසක් කියලා. 

කිවියන්ට අන්ත පරාජයක්

තම මව් රටේදී ලැබිය හැකි උපරිම අපකීර්තිය අත් විඳිමින් සත්කාරක..

ටික කලකට පස්සේ මට දැනෙනවා මම ආයෙත් ක්‍රීඩා කරන්න ඕනේ කියලා. මම ක්‍රීඩා කරන්න සූදානම් කියලා මට දැනෙනවා. මම දන්නවා මම නැවුම් හා මානසිකව ක්‍රීඩා කරන්න සූදානම් කියලා. 

මම දන්නවා මම ශ්‍රී ලංකාවට යන්න තීරණය කළත් මට එක පාරම ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති වේවි. ඒත් මම මගේ ස්ථානය වෙනුවෙන් සටන් කරන්න සූදානම්. මම දැක්කා දකුණු අප්‍රිකාවේ දී ඩොම් බෙස් හොඳින් පන්දු ‍යැවුවා. ඒ වෙලාවේ මට දැනුණේ මටත් ඒක කරන්න පුළුවන් කියලා. 

එංගලන්ත ක්‍රිකට් ආයතනය මට ලොකු සහයෝගයක් දැක්වුවා. මට හොඳ ක්‍රීඩකයෙක් විදිහට ආයෙත් එන්න ඕනෙ වෙලා තිබුණා. මේ ගමනේ කොටස්කාරයෙක් වෙන්න මට ඕනෙ වෙලා තිබුණා.”

එංගලන්තය වෙනුවෙන් මොයීන් ක්‍රීඩා කළ අවසන් තරගයේ ඉනිම දෙකේ දී ම ඔහු ලබා ගත්තේ ලකුණු 0ක් හා 4ක් පමණි. පන්දු ‍යැවීමේ දී ඔහු ලකුණු 172ක් ලබා දී දවාගෙන තිබුණේ කඩුලු 3ක් පමණි. 

“මට අවශ්‍ය වෙලා තිබුණා අළුබඳුනට ක්‍රීඩා කරන්න. මට මතකයි මම පන්දු ‍යවද්දී මට දැනුණා මම මෙතන ඉන්න අවශ්‍ය නෑ කියලා. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දැනෙන්න පුළුවන් නරකම දේ. ඒක මට ලොකු බලපෑමක් කලා. මම ආයෙත් ඒ තරගය දිහා බලද්දී මට පේනවා මගේ ශරීර ලක්ෂණ එතරම් හොඳ නෑ කියලා.”

“ඒ වෙලාවේ මට අවශ්‍ය කිසිම දෙයක් ඒ විදිහට සිද්ධ වුනේ නෑ. ඒක හරියට මගේ උනන්දුව නැති වුනා වගේ. ඒක ගොඩක් ලොකු තරගයක්. මම තව තවත් උත්සාහ කලත් ඒක හොඳ වුනේ නෑ. ඒක නරක තත්ත්වයට පත්වුනා. ඒක එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා මට තේරුණා. 

මම ඒ වෙලාවේ හිතුවා ලෝඩ්ස්වල ඊළඟ තරගයට මම ක්‍රීඩා කරන්නේ නෑ කියලා. මම හිතාගෙන හිටියේ මාව කොහොමත් ඒ තරගයට ඇතුළත් කරන්නේ නැති වේවි කියලා. ඒ වෙලාවේ මම තීරණය කලා මට විවේකයක් අරන් එන්න මේක තමයි වෙලාව කියලා. 

වසර 4ක් 5ක් වගේ ක්‍රීඩා කරලා මට දැනුණා මගේ දක්ෂතා අඩුවෙනවා කියලා. එංගලන්තය වෙනුවෙන් මට තවත් මේක කරන්න බෑ කියලා මට තේරුණා.”

ටෙස්ට් ක්‍රීඩාවෙන් තම තාවකාලික සමුගැනීම පිළිබඳව මොයීන් එලෙස තම මතකය අවදි කලේ SkySports සමඟින් අදහස් දක්වමින්. මොයීන් අලී එහිදී තවදුරටත් පවසා සිටියේ සාර්ථක ලෝක කුසලාන තරගාවලියකින් අනතුරුව තමන්ට විශාල පීඩනයක් එල්ල වූ බවයි. 

“ඒක ගොඩක් අමාරු හැඟීමක්. මම හැමවෙලේම බය වෙලා හිටියේ පහරක් එල්ල කරන්න. කොයිවෙලාවේ දැවී යයි ද කියලා බයක් තිබුණා. මට ශක්තිමත් වෙන්න ඕනෙ වෙලා තිබුණා. මම ඒක දන්නවා. මට හැමෝටම වැරැද්දක් කියන්න බෑ. ඒත් ඒ බලපෑම මට ලොකු පීඩනයක් වුනා. 

එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරද්දී අමාරුම දේ තමයි සමාජ මාධ්‍ය. පසුගිය වසර කීපයේ දී ක්‍රීඩාලෝලීන් මම ගැන කියන දේවල් මම එතරම් හිතුවේ නෑ. ඒත් ලෝක කුසලානයෙන් පස්සේ මම ඒවා ගැන හිතන්න පටන් ගත්තා. ඒක මට ලොකු බලපෑමක් වුනා. මම හිතන්නේ ක්‍රීඩකයන් ගොඩක් දෙනෙක්ට ඒක එහෙමයි. “

ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයන්ට විනය පුහුණුවක්

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය..

ටෙස්ට් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගැනීමෙන් අනතුරුව මොයීන් අලි ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි කිපයක් සඳහා එක්වූ අතර එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා උපදේශකවරයකු ලෙස ද ඔහු සම්බන්ධ විය. 

එළඹෙන පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා මුල්තාන් සුල්තාන් කණ්ඩායමට එක්වීමට මොයීන් අලී ගිවිසුම් අත්සන් කර ඇති අතර එම තරගාවලිය නිසාවෙන් ඔහුට ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇත. 

එංගලන්තය වෙනුවෙන් දකුණු අප්‍රිකා සංචාරයේ දී දඟපන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ බෙස් පෝර්ට් එලිසබත් තරගයේ දී තම පළමු කඩුලු 5 ලබා ගැනීමට සමත් විය. ඔහු මෙම සතියේ දී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟින් එක්වීමට නියමිත අතර ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී. 

කෙසේ වෙතත් ඩොම් බෙස් සමඟින් ශ්‍රී ලංකා සංචාරය සඳහා එක්වන අනෙක් දඟපන්දු ‍යවන්නා තවමත් කිව නොහැක. ජැක් ලීච් ආබාධයකට ලක්ව සිටින අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු හෝ මොයීන් අලී මෙම සංචාරය සඳහා කැඳවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<