ලෝක ශූරතාවය “රෙඩ් සොක්ස්” කණ්ඩායමට

338

ඇමරිකානු මේජර් ලීග බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන අංගය වන “ලෝක ශූරතා තරගමාලාව” (World Series Championship) අද (29) දින නිමාවට පත්වූයේ “බොස්ටන් රෙඩ් සොක්ස්” (Boston Red Sox) කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමිනි. “ලොස් ඇන්ජලීස් ඩොජර්ස්” (Los Angeles Dodgers) කණ්ඩායම සමඟ තරග 7 කින් යුතු ලෝක ශූරතා තරගමාලාවේ 5 වන තරගයේ දී ලද ජයග්‍රහණයත් සමඟ 9 වන වරටත් “කොමසාරිස් කුසලානය” (Commissioner’s Trophy) තමන්  සතුකර ගැනීමට රෙඩ් සොක්ස් කණ්ඩායම සමත් වුනා.

ලෝක ශූරතා බේස්බෝල් තරගමාලාවට පෙර

“ලෝක ශූරතා තරගමාලාව” හෙවත් “World Series Championship” යනු ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් (Major League Baseball – MLB) තරගාවලියේ…

පසුගිය 23 වන දා ආරම්භ වූ තරගමාලාවේ ප්‍රථම තරගය බොස්ටන් හි ෆෙන්වේ පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ලකුණු 08-04 ක් ලෙස ලොස් ඇන්ජලිස් ඩොජර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය හිමිකර ගෙන ගෙන තරගමාලාවේ පෙරමුණ ගැනීමට රෙඩ් සොක්ස් කණ්ඩායමට හැකි විය. එම තරගයේ දී ඩොජර්ස් කණ්ඩායම වෙනුවෙන් මැට් කෙම්ප් හා රෙඩ් සොක්ස් කණ්ඩායම වෙනුවෙන් එඩ්උවාර්ඩෝ නියුනියේස් එක් හෝම් රන් (Home Run) පහර බැගින් එල්ල කිරීමට සමත් විය. එම ක්‍රීඩාංගණයේ දීම පැවති දෙවන තරගයේ දීද නියමිත ඉනිම් 9 අවසානයේ නැවතත් රෙඩ් සොක්ස් කණ්ඩායම ලකුණු 04-02 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන ලදී.

බොස්ටන් රෙඩ් සොක්ස් කණ්ඩායමේ කළමණාකරු වන ඇලෙක්ස් කෝරා “කොමසාරිස් කුසලානය” අතැතිව – SI.com

තරගමාලාවේ තෙවන තරගයේ සිට අවසාන තරගය දක්වා වූ සියලුම තරග ලොස් ඇන්ජලීස් ඩොජර්ස් කණ්ඩායමේ නිවහන ලෙස සලකන “Dodger Stadium” හිදී තරග පැවැත්විය. තෙවන තරගයේ දී නියමිත ඉනිම් 9 අවසානයේ කණ්ඩායම් දෙකම ලකුණු එක බැගින් රැස්කර ගෙන සම තත්වයේ පසුවිය. ඒ හේතුවෙන් තවදුරටත් ඉනිම් 13ක් දක්වා තරගය දීර්ඝ කරනු ලැබුව ද කණ්ඩායම් ද්විත්වයටම එකඳු ලකුණක්වත් රැස්කර ගැනීමට නොහැකි විය.

කෙසේ හෝ තරගයේ 13 වන ඉනිමේ දී එක් ලකුණක් ලබා ගැනීමට රෙඩ් සොක්ස් කණ්ඩායම සමත් වූ අතර එයට පිළිතුරු ලෙස ඩොජර්ස් කණ්ඩායම ද එම ඉනිමේ දී තවත් එක් ලකුණක් රැස්කර ගනිමින් තරගයේ  ලකුණු සම කළේය. නැවතත් 18 වන ඉනිම දක්වා කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබුණි. 18 වන ඉනිමේ දී රෙඩ් සොක්ස් කණ්ඩායමට ලකුණු රැස් කිරීමට ඉඩක් ලබා නොදෙමින් ඔවුන්ගේ කඩුලු තුන දවා ගැනීමට ඩොජර්ස් කණ්ඩායම සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩොජර්ස් කණ්ඩායමේ මැක්ස් මන්සි විසින් එල්ල කරන ලද “හෝම් රන්” පහරින් තරගයේ ජය ඩොජර්ස් කණ්ඩායමට හිමිවූයේ ලකුණු 02-03 ක් ලෙසයි.

රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමයේ ජය රාජකීයයන්ට

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ඩඩ්ලි කේ. ජී. ද සිල්වා කුසලානය වෙනුවෙන් පැවැත්වූ 11 වන රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමය ඊයේ (27) දිනයේ දී කොළඹ වෙස්ලි…

මෙහි දී රෙඩ් සොක්ස් කණ්ඩායම වෙනුවෙන් ජැකී බ්‍රැඩ්ලි ද ඩොජර්ස් කණ්ඩායම වෙනුවෙන්  ජොක් පෙඩර්සන් හා මැක්ස් මන්සි එක් හෝම් රන් පහර බැගින් එල්ල කරන ලදී. එම තරගයේ ජයග්‍රහණය ඩොජර්ස් කණ්ඩායම සතු වුවත් තරග 02-01 ක් ලෙස තවදුරටත් තරගමාලාවේ පෙරමුණේ රැඳී සිටීමට රෙඩ් සොක්ස් කණ්ඩායම සමත් විය.

සිව්වන තරගයේ දී පළමු ඉනිම් 5 තුළ කණ්ඩායම් දෙකටම කිසිඳු ලකුණක් රැස්කර ගැනීමට හැකි නොවීය. කෙසේ හෝ තරගයේ 6 වන ඉනිමේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩොජර්ස් කණ්ඩායම ලකුණු 4 ක් රැස්කර ගෙන මෙහි පෙරමුණ ගැනීමට සමත් වූ නමුත් රෙඩ් සොක්ස් කණ්ඩායම පිළිවෙළින් 7 වන හා 8 වන ඉනිම් වල දී ලකුණු 03 ක් හා 01 බැගින් රැස්කර ගත්තේ ප්‍රතිවාදී ඩොජර්ස් කණ්ඩායම හට ලකුණු රැස් කිරීමට එකඳු අවස්ථාවකවත් ඉඩ නොදෙමිනි.

තරගයේ 9 වන හා අවසාන ඉනිමේ දී රෙඩ් සොක්ස් කණ්ඩායම ලකුණු 05ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩොජර්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 02ක් පමණි. ඒ අනුව ලකුණු 09-06 ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට රෙඩ් සොක්ස් කණ්ඩායම සමත් විය. එම තරගයේ දී රෙඩ් සොක්ස් කණ්ඩායම වෙනුවෙන් මිච් මොර්ලන්ඩ් හා ස්ටීව් පියර්ස් ද ඩොජර්ස් කණ්ඩායම වෙනුවෙන් යසීල් පුයිග් හා කීකේ හර්නනැන්ඩේස් එක් හෝම් රන් පහර බැගින් එල්ල කළේය.

ලෝක ශූරතාවය හඹා යන ඩොජර්ස් සහ රෙඩ් සොක්ස් තරග බිමේ

ඇමරිකානු මේජර් ලීග් බේස්බෝල් තරගාවලියේ (Major League Baseball – MLB) අවසාන අංගය වන “ලෝක ශූරතා තරගමාලාව” (World Series Championship) හෙට…

තරගමාලාවේ පස් වන තරගය ඩොජර්ස් කණ්ඩායමට තීරණාත්මක තරගයක් වූයේ එය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ශූරතාවය අහිමි වන බැවිනි. එම පීඩනයත් සමඟ තරග බිමට පිවිසි ඩොජර්ස් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 02 ක් රැස් කිරීමට රෙඩ් සොක්ස් කණ්ඩායම සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩොජර්ස් කණ්ඩායමට එම ඉනිමේ දී ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි. එය ඩොජර්ස් කණ්ඩායම විසින් මෙවර ලෝක ශූරතා තරගමාලාවේ ලබාගත් අවසාන ලකුණ ද විය.

මෙවර තරගමාලාවේ වටිනාම ක්‍රීඩකයා ලෙස තේරී පත්වූ බොස්ටන් රෙඩ් සොක්ස් කණ්ඩායමේ ස්ටීව් පියර්ස් – USA Today

ඉන්පසුව පැවැත් වූ තරගයේ 6 වන ඉනිමේ සිට 8 වන ඉනිම දක්වා රෙඩ් සොක්ස් කණ්ඩායම හට එක් ලකුණ බැගින් එම ඉනිම් 3දීම ලකුණු 03 ක් රැස් කිරීමට හැකි විය. තරගයේ 9 වන ඉනිමේ දී කණ්ඩායම් දෙකටම ලකුණු රැස් කිරීමට නොහැකි වූ නමුත් නියමිත ඉනිම් 9 අවසානයේ ලකුණු 05-01 ක් ලෙස ඉදිරියෙන් සිටි රෙඩ් සොක්ස් කණ්ඩායමට මෙම තරගයේ ද ජයග්‍රහණය හිමි විය. ඩොජර්ස් කණ්ඩායම වෙනුවෙන්  ඩේවිඩ් ෆ්‍රීස් ද රෙඩ් සොක්ස් කණ්ඩායම වෙනුවෙන් මූකී බෙට්ස් හා ජේ. ඩී. මාර්ටිනස් එක් හෝම් රන් පහර බැගින් එල්ල කළ අතර රෙඩ් සොක්ස් කණ්ඩායමේම ස්ටීව් පියර්ස් හෝම් රන් පහරවල් දෙකක් එල්ල කරමින් අවසන් තරගය වර්ණවත් කළේය.

Video – උසස්වීමක් අපේක්ෂා කරන කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම -Team Preview 2019

2018 ‘Fair & Lovely MENS’ අභියෝගතා කුසලාන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ පෙරළියක් සිදු කරමින් A කාණ්ඩයට පිවිසීමට වෙර දරණ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම…

එම ජයග්‍රහණයත් සමඟම තරග 7 කින් සමන්විත වූ ලෝක ශූරතා තරගමාලාවේ තවත් තරග 2 ක් ඉතිරිව තිබිය දී තරග 04-01 ක් ලෙස “බොස්ටන් රෙඩ් සොක්ස්” කණ්ඩායම විසින් ශූරතාවය තමන් සතුකර ගත්තේය.

එමෙන්ම තරගමාලාවේ වටිනාම ක්‍රීඩකයා ලෙස බොස්ටන් රෙඩ් සොක්ස් කණ්ඩායමේ ස්ටීව් පියර්ස් තේරී පත්වුනා.

දේශීය විදේශීය කෙළිබිමේ තොරතුරු දැනගැනීම සඳහා එක්වී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

                                      >> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<