හැව්ලොක් සමාජය නව නායකයෙකු යටතට

912
MIthun

එළඹෙන තරග වාරය නිමිති කොටගෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නව නායකයෙකු පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. ඒ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ පසුපෙළ ක්‍රීඩක මිතුන් හපුගොඩට නායකත්වය ලබා දෙමින්.

ICBT රග්බි ශූරතා තරගාවලියට මෙවර කණ්ඩායම් 10ක්

විශ්ව විද්‍යාල කණ්ඩායම් 10කගේ සහභාගිත්වයෙන් …….

කොළඹ මහානාම විදුහලෙන් තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ මිතුන් 2009 වසරේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමග එක්වන විට Scrum Half ක්‍රීඩකයෙකු ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටියේය. එසේම ඔහු ජාතික සංචිතයට ක්‍රීඩා කිරීමට පෙර සිටම තමන්ගේ උපරිමයෙන් අන්තර් සමාජ මට්ටමින් දස්කම් පාමින් සිටියේය.

2009 වර්ෂයේ පටන් වසර 5ක් පුරාවට ජාතික මට්ටමින් දස්කම් පෑ මිතුන් 2014 වර්ෂයේ දී ආබාධයට ලක්වන්නේ අවාසනාවන්ත ලෙසිනි. එම ආබාධයත් සමඟ ඔහුට තරග වාර තුනක් පමණ ක්‍රීඩා කිරීම අවස්ථාව අහිමි විය.

නමුත් තමන්ගේ ආබාධ වලින් මිදී මිතුන් පසුගිය වසරේ තරග වාරයට ක්‍රීඩා කල අතර එහිදී තමන්ගේ සුපුරුදු දක්ෂතා පෙන්වමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත් විය.

හැව්ලොක් ක්‍රීඩකයෙක් කණ්ඩායම හැර යයි

හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ දිනුක් ……

ඔහුගේ පසුගිය තරගවාරයේ දක්ෂතාවලින් අනතුරුව ඔහුට ජාතික සංචිතයේ දොරටු නැවත ඇරෙන අතර පසුගිය ආසියානු පළමු කාණ්ඩයේ තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහු සුදුසුකම් ලැබුවේය.

මෙම තරගවාරය හැව්ලොක් ක්‍රීඩා සමාජයට විශාල අභියෝගයක් වනු ඇත. එහි ප්‍රවීණ ක්‍රීඩකයින්ගෙන් බහුතරයක් සමාජයෙන් ඉවත් වූ අතර ඔවුන් සතුව ඇති කනිෂ්ඨ ජවය මෙම තරගවාරයේ දී උරගා බැලිය හැක.

එසේම එළඹෙන තරගවාරය වෙනුවෙන් විද්‍යා විදුහලෙන් තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ ලසිඳු ඉෂාන් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ උපනායක වශයෙන් පත් වී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<