ශ්‍රී ලංකාව සමඟ සටනට පෙර පාකිස්තානයට නව පුහුණුකරුවෙක්

57
ARY Sports

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මිස්බා උල් හක් අද (4) සිට ඉදිරි වසර 3ක කාලය සඳහා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු ප්‍රධානියා ලෙස නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එක් වෙනසක් සමඟ තීරණාත්මක දෙවන තරගයට

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට්…

ඊට අමතරව පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් පත් කර තිබෙනවා. එම තනතුර ද ඉදිරි වසර 3ක කාලය සඳහා වලංගු බව පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් සඳහන් කරයි. 

මිස්බා හා වකාර් යන දෙදෙනාම නිලධාරීන් හත්දෙනෙකුගෙන් සමන්විත පාකිස්තානු නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් අතරට ඇතුළත් වන අතර ඊට අමතරව හිටපු නායකයෙක් වන ඉන්ටිඛාබ් අලාම්, බාසිඩ් ඛාන් (හිටපු ක්‍රීඩක), අසාද් අලි ඛාන් (පාලක මණ්ඩලයේ සාමාජික), වසීම් ඛාන් (ප්‍රධාන විධායක නිලධාරි) හා සකීර් ඛාන් (අන්තර්ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂක) යන නිලධාරීන් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් අතරට ඇතුළත්ය.

“අතීතයේ දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දැරූ දක්ෂ පුහුණුකරුවන් සිටියා, එවැනි පුහුණුකරුවන් රැසක් සිටිය දී මා කෙරෙහි විශ්වාසය තබා පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මාව තෝරාගැනීම මට විශාල ගෞරවයක්. ඒක මම නිහතමානීව භාරගන්නවා. ඒ කොහොම වුනත් මට ලැබිලා තියෙන්නේ ලොකු වගකීමක් ඒක නිකන් හරියට අපි ජීවත් වෙන්න හුස්ම ගන්නවා වගේ වැඩක් කියලයි මට තේරෙන්නේ.” යැයි මිස්බා මාධ්‍ය අමතමින් පවසා තිබෙනවා.

2001 වසරේ දී පාකිස්තානය වෙනුවෙන් පළමුව ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගන්නා මිස්බා එදා සිට 2017 වසර දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 75කට ක්‍රීඩා කරමින් ලකුණු 5222ක් වාර්තා කරගෙන තිබෙන්නේ ශතක 10ක් හා අර්ධ ශතක 39ක් වාර්තා කරගෙනයි. එපමණක් නොව ජාත්‍යන්තර එක්දින තරග 162ක් හා විස්සයි විස්ස තරග 39ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ද මිස්බා සමත් විය.

කෝලි ස්මිත් ගැටුමේ ජය ස්මිත්ට

ඉන්දීය නායක විරාත් කෝලි අභිබවා යමින් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට…

වකාර් මීට පෙර 2006 වසරේ දී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා වේගපන්දු පුහුණුකරු ලෙස වසරක කාලයක් වැඩකටයුතු කළ අතර අනතුරුව ඔහුව එම ධුරයෙන් ඉල්ලා අස්විය. කෙසේ නමුත් ඉන්පසුව ඔහු අවස්ථාවන් කිහිපයක දී ම පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, වේගපන්දු පුහුණුකරු හා පන්දු රැකීමේ පුහුණුකරු යන තනතුරු දරනු ලැබීය.

මෙම පත්වීමට පෙර මිස්බා පාකිස්තාන ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු වූ අතර 2019 ලෝක කුසලාන තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම අනපේක්ෂිත ලෙස ඉවත් වීමෙන් පසුව මිකී ආතර් සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත්තුව අලුත් නොකරන ලෙස මණ්ඩලයට යෝජනා කළේය. පසුව ඔහු සිය භූමිකාවෙන් ඉල්ලා අස්වී ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ඉල්ලුම් කළේය.

මිස්බා ඇතුළු නව පුහුණුකාර්‍ය මණ්ඩලය යටතේ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයේ දී පැවැත්වෙන එම තරගාවලිය මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<