ක්‍රීඩා ඇමතිගෙන් SLC වෙත ලිපියක්

190

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව තණතීරුව බුකීකරුවන්ගේ අවශ්‍යතා අනුව සැකසීමට සහය ලබා දුන් පුද්ගලයින්ගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ගාලු පිටියේ මහා ක්‍රිකට් වංචාවක් හෙළි වේ; ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්

මෙම වසරේ ඔක්තෝබර් මස 10 වැනිදා ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග …

පළාත් සභා, පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් වෙත ලිපියක් නිකුත් කරමින් ලොව කීර්තිමත් නමක් දිනා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යම් බලපෑමක් එල්ල වෙන ලෙස එම සිද්ධියට සම්බන්ධ වූ සියලුම පුද්ගලයින් හට තරාතිරම නොබලා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

“අල්ජසීරා නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ “Pitch Fixing” සිද්ධිය සම්බන්ධයෙන් පලවූ වාර්තාව ඇසූ විට මා හට බලවත් කම්පනයක් හා ශෝකයක් ඇති විය.”

“මම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ ඉතා ඉහල ස්ථානයක් ගන්නා ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවයි. එය අප රටේ ජනතාවගේ සිත් දිනා ගත් ක්‍රීඩාවයි. එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව යම්කිසි හෝ සැකයකින් තොරව පැවැත්විය යුතුයි.” ලෙස පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ලිපියක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවසා ඇත.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යතුමා පහත සඳහන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

  1. යම් පුද්ගලයෙක් හෝ යම් කණ්ඩායමක් මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට එරෙහිව වහාම අපරාධ නීතිය යටතේ පියවර ගැනීම සඳහා අවශ්‍ය පැමිණිලි කළ යුතුයි.
  2. වහාම මෙම “Pitch Fixing” සිද්ධිය සම්බන්ධව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එම සිද්ධිය සම්බන්ධව පලවූ වාර්තාවේ සත්‍යතාවය තහවුරු කර ගැනීමට පියවර ගැනීමට කටයුතු කළ යුතුයි.
  3. ඕනෑම සේවකයෙක් හෝ ඒජන්තවරයෙක් හෝ මේ සම්බන්ධව වරදකරුවෙක් ලෙස හඳුනා ගන්නේ නම් ඔහු හට දැඩි දඬුවම් පැණවීමට ක්‍රියා කළ යුතුයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කමිටුව ඊයේ (27) සවස රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්ව ඇත. ඒ අනුව  අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් නිකුත් කළ වීඩියෝ පටයට අනුව මේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට CIDය වෙත උපදෙස් ලබා දීමට තීරණය කර තිබේ.

ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග පාවාදීමේ වාර්තාව …

ක්‍රීඩා ඇමතිගේ ලිපිය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<